මාධ්‍ය නිරාවරණය

ශී‍්‍ර ලංකාවේ පරිසර පද්ධති ආරක්‍ෂා කිරීම සඳහා ශී‍්‍ර ලංකාව සහ ලෝක බැංකුව ගිවිසුමක් අත්සන් කරයි

2016, සැප්තැම්බර් 5


2016 සැප්තැම්බර් 5‚ කොළඹදී : ශී‍්‍ර ලංකාවේ ස්වාභාවික වාසභූමීන් සහ සම්පත් හායනය වීමෙන් සහ අධි-උපයෝජනයෙන් ආරක්‍ෂා කර ගැනීමේ ව්‍යාපෘතියක්  සඳහා අද ශී‍්‍ර ලංකා රජය සහ ලෝක බැංකුව අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 45ක ණය ආධාර ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය මගින් ස්වභාවික සම්පත් විනාශ වීම සහ හායනය වීම නිසා පීඩා විඳින ඒ ආසන්නයේ ජීවත් වන ප‍්‍රජාවගේ ජීවිත සහ ජීවනෝපායයන් වැඩි දියුණු කිරීම සඳහා සහාය ලබා දෙනු ඇත.

මෙම පරිසර පද්ධතීන් සංරක්‍ෂණය සහ කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතියෙන්  ආසන්න වශයෙන් 15‚000 ක පමණ නිවැසියන්ට ප‍්‍රතිලාභ ලැබෙනු ඇත. මොවුන්ගෙන් 30ක් කාන්තාවන් වන අතර, බොහෝ දෙනෙකු ආන්තික කණ්ඩායම් වලට අයත් වෙති. මෙම ව්‍යාපෘතිය ම`ගින් ස්වාභාවික සම්පත් වල තිරසාර භාවිතය ආරක්ෂා කෙරෙන තර`ගකාරී වෙළ`දපළට ගැලපෙන, පරිසර හිතකාමි රැකියා අවස්ථාවන් හ`දුන්වා දෙනු ඇත. තවද, මෙමගින් වනජීවී සංරක්‍ෂණ දෙපාර්මේන්තුව සහ වන සංරක්‍ෂණ දෙපාර්මේන්තුව හරහා රක්‍ෂිත ප‍්‍රදේශ කළමනාකරණයට සහාය ලබාදෙනු ඇත.  වැඩි දියුණු කල භූ දර්ශන කළමනාකරණය, ස්වාභාවික සම්පත් කලමනාකරණය සඳහා විවිධ පාර්ශවකරුවන් අතර වඩාත් හොඳ දැනුවත් කිරීමක් සහ පු`ථල් සම්බන්ධීකරණයක් ඇති කිරීම සහ ඉහල ප‍්‍රමිතියකින් යුත් සොබාදහම හා සම්බන්ධ සංචාරක කර්මාන්තයක් ඇති කිරිම ව්‍යාපෘතියෙන් අපේක්‍ෂිත තවත් ප‍්‍රතිඵල සමහරකි. 

පොහොසත් පරිසර පද්ධතීන්ගේ උරුමය ශී‍්‍ර ලංකාවට ආශීර්වාදයකි. පරිසර පද්ධතීන් සංරක්‍ෂණය කිරීම සඳහා පමණක් නොව ජනතාව දරිද්‍රතාවයෙන් මුදාගැනීම සඳහාද ආර්ථිකය සහ පරිසරය අතර සාධාරණ තුලනයක් ඇති කිරීම ඉතා වැදගත්ය. යනුවෙන් ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්‍ෂ අයිඩා පෂ්වරායි-රිද්ධිහෝග් මහත්මිය පැවසුවාය. මෙම ස්වාභාවික උරුමය කළමනාකරණය කිරීම සෑම ශී‍්‍ර ලාංකිකයෙකුගේම වගකීමය. මනාව කළමනාකරණය කළ පරිසර පද්ධතියකින් ලබාගත හැකි ප‍්‍රතිලාභයන් අතර ජාතික ආර්ථිකය වැඩි දියුණු වීම මෙන්ම වන ජීවීන් සහ මිනිසුන් අතර ඇති ගැටුම් වලට සහ දේශගුණික වෙනස්වීම් නිසා ඇතිවන බලපෑම් වැනි අභියෝගයන්ට මුහුණ දීමට හැකිවීමද ඇතුලත්ය.

සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සිදුකරන අතරම පාරිසරික කළමනාකරණය සහ ශී‍්‍ර ලංකාවේ ස්වාභාවික සම්පත් සංරක්‍ෂණය කිරීමට පෙරමුණ ගැනීමේ ඇති වැදගත්කම ලෝක බැංකු කණ්ඩායම විසින්  මෑතකදී සිදුකළ ශී‍්‍ර ලංකාව පිළිබඳ විධිමත් අධ්‍යයනයකදී අවධාරණය කර ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් ශී‍්‍ර ලංකාව පුරා පිහිටි රක්‍ෂිත ප‍්‍රදේශ සහ වෙනත් ජීව විද්‍යාත්මක  සහ පාරිසරික වශයෙන් වැදගත්වන ස්ථානයන් වගකීමෙන් සැලසුම් කිරීම සහ කළමනාකරණය සිදුවනු ඇතැයි ජ්‍යෙෂ්ඨ පාරිසරික විශේෂඥ සහ ව්‍යාපෘති කාර්ය කණ්ඩායම් නායක දර්ශනී ද සිල්වා මහත්මිය පැවසුවාය.  එමගින් ඉතා වැදගත් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සහභාගී වීමට සහ එමගින් ලැබෙන ප‍්‍රතිලාභ බෙදා හදා ගැනීමටත්, සංවේදී පරිසර පද්ධතීන් තුල සහ ඒ අවට යෝග්‍ය සංවර්ධන කාර්යයන් ප‍්‍රවර්ධනය කිරීමටත්නරඹන්නන් සඳහා වන සේවාවන්ගේ ප‍්‍රමිතිය නැංවීමට සහ වනාන්තර සහ වනජීවී සම්පත් වලින් ලබාගත හැකි ආදායම නැංවීමටත් රක්‍ෂිත ප‍්‍රදේශ ආශි‍්‍ර‍්‍රතව ජීවත් වන ප‍්‍රජාව සමග තිරසාර බැඳීම් ඇතිකර ගැනීමටත්  හැකිවනු ඇත. එමෙන්ම වන සංරක්‍ෂණ දෙපාර්මේන්තුවේ සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ආයතනික බලතල කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය හැකියාව නංවාලීමද ව්‍යාපෘතිය මගින් සිදුවනු ඇත.

මෙම ව්‍යාපෘතියපුනරුදයයනුවෙන් හඳුන්වන ශී‍්‍ර ලංකාවේ පාරිසරික කි‍්‍රයාකිරී සැලැස්මට අනුකූලව වන ආවරණය පු`ථල් කිරීමේ රජයේ පිලිවෙත් සමගද එක`ග වෙයි. එය අලි-මිනිස් සහජීවනය නංවාලන යාන්ත‍්‍රණයන් සකස් කරනු ඇති අතර කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහල නැංවීම සඳහා ජලාධාර ප‍්‍රදේශ ආරක්‍ෂා කරනු ඇත. කාලයත් සමග මෙම ව්‍යාපෘතිය මගින් වන විනාශය සහ වනාන්තර හායනය වීම නිසා සිදු වන වායු විමෝචනයන් අඩු කිරීම සඳහා සිදු කෙරෙන ක‍්‍රමෝපායයන් මෙන්ම තිරසාර ජල සම්පාදනය සඳහා වන  ප‍්‍රතිපත්ති සහ කෘෂිකාර්මික සහ බලශක්ති කි‍්‍රයාකාරකම්ද ශක්තිමත් කෙරෙනු ඇත. ඒ සමගම සමාජ සහභාගීත්වයට සහ දේශගුණික සහ ආපදා අවදානම් වලට ඔරොත්තු දීමේ හැකියාවන්ට සහාය වනු ඇත. 

මෙම ණය මුදල වසර 5ක සහන කාලයක් සහිතව වසර 25කින් කල් පිරෙන පරිදි ලෝක බැංකුවේ සහන ණය අංශය වන ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) විසින් ලබාදී ඇත. තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍යාංශයේ සමීප හවුල්කාරිත්වය  ඇතිව මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය විසින් ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සිදුකරනු ඇත.

මාධ්‍ය සම්බන්ධතා
තුළ Washington
Joe Qian
දුර: +1 (202) 473 56331
jqian@worldbank.org
තුළ Colombo
Dilinika Peiris-Holsinger
දුර: +94 (011) 5561347
dpeiris@worldbank.org



Api
Api

Welcome