col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-8
col-lg-8
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-7
col-lg-7
  • add-style
  • font-medium
  • lp-body-content

2021 මැයි 06, ‍කොළඹ දී ය. — ලෝක බැංකුව අද ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනය (Systematic Country Diagnostic - SCD) යාවත්කාලීන කිරීම සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කරනු ලැබීය. අන්තර්ජාලය හරහා පැවැත්වෙන මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ මහජනතාව සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමටත්, වැදගත් සංවර්ධන අවස්ථා සහ අභියෝග පිළිබඳව ඔවුන්ගේ අදහස් ලබා ගැනීමටත් ලෝක බැංකුව අපේක්ෂා කරයි.

රටක් පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනය නැතහොත් SCD යනු ලෝක බැංකු සමූහය විසින් අදාළ ජාතික බලධාරීන්, පාර්ශවකරුවන් සහ මහජනතාව සමඟ සමීපව සාකච්ඡා කර සම්පාදනය කරන, සෑම රටකට ම විශේෂිතව සකසනු ලබන වාර්තාවක් වේ. ලෝක බැංකුවේ සහයෝගිතා වැඩ සැලැස්ම (Country Partnership Framework - CPF) සැකසීමට උපකාරී වන මෙම වාර්තාව ලෝක බැංකුවේ ප්‍රධාන අරමුණු වන දුප්පත්කම තුරන් කිරීම, සහ සියලු දෙනාට සෞභාග්‍යය උදාකරගැනීම සඳහා වඩාත් හොඳින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය විශ්ලේෂණාත්මක දැනුම සපයනු ලබයි..

“පුළුල් පරාසයක සංවර්ධන පාර්ශවකරුවන්ගෙන් ඒ කියන්නේ, රජය, පෞද්ගලික අංශය, විවිධ පළාත්වල පුරවැසියන්, බුද්ධි මණ්ඩල සහ සිවිල් සමාජ කණ්ඩායම්වල අදහස් දැනගන්න අපි මෙය අවස්ථාවක් කරගන්නවා මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් එච්. හදාද්-සාර්වෝස් පැවසීය. “ඔවුන්ගේ අදහස් ශ්‍රී ලංකාවට පරිසර හිතකාමී, තිරසාර සහ සැමට අවස්ථාව ලැබෙන ආර්ථික වර්ධනයක් ළඟ කර ගැනීමට උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.

කොවිඩ්-19 වසංගතයේ සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් හේතුවෙන් ඇතිවූ ගැටළු ද සැලකිල්ලට ගනිමින් 2021 වසරේ සකස් කරන ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රමවත් අධ්‍යයන වාර්තාව තුළින්, 2015 වසරේ කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනය යාවත්කාලීන කෙරෙනු ඇත.

මෙම සමීක්ෂණය අන්තර්ජාලය ඔස්සේ 2021 මැයි 6 සිට 2021 මැයි 20 දක්වා විවෘතව පවතින අතර eya සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරනු ලැබේ. මීට අමතරව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් මෙන්ම සිවිල් සමාජ සංවිධාන සමඟ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ අදහස් විමසීම් ද පවත්වනු ලැබේ. ඉන් රැස් කර ගන්නා කරුණු නව SCD යාවත්කාලීනය තුළ පිළිඹිබු කෙරෙනු ඇත.

ඇමරිකානු ඩොලර් බිලියන 2.33 ක වටිනාකමකින් යුත් ශ්‍රී ලංකාවේ වර්තමාන ලෝක බැංකු ආයෝජන කළඹ ප්‍රවාහන, නාගරික, කෘෂිකාර්මික, ජලය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුළු විවිධ අංශ වලින් යුත් ව්‍යාපෘති 19 කින් සමන්විත වේ.

Contacts

Dilinika Peiris

dpeiris@worldbank.org
+94 (011) 5561347
Colombo

Diana Chung

dchung1@worldbank.org
Washington, D.C.

About The World Bank

The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.

col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
  • add-style

ආශ්‍රිත

lp-heading-bottom-medium

OMBC

Online Media Briefing Center (OMBC) news for accredited journalists
Sign In
https://media.worldbank.org/
Register
https://media.worldbank.org/user/register
secondary
white-btn