Skip to Main Navigation
BRIEF 2021, මැයි 6

ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාව පිලිබඳ ක්‍රමවත් අධ්‍යයනය (Systematic Country Diagnostic) සඳහා මහජන මත විමසීමේ සමීක්ෂණය

Image

Chamila Karunarathne/Shutterstock


ලෝක බැංකු  සමූහය වසර කිහිපයකට වරක් සිදු  කරනු ලබන ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනය  (Systematic Country Diagnostic - SCD) ට  අදාල  මහජන මත විමසීමේ සමීක්ෂණය පිලිබඳ කරන දැනුවත් කිරීමයි.

රට පිළිබඳ ක්‍රමවත් අධ්‍යනය (SCD) ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව පිලිබඳ ඉදිරි වසර කිහිපය සඳහා අදාල සහයෝගිතා වැඩ සැලැස්ම (Country Partnership Framework, CPF) සැකසීමට උපකාරී වන වැදගත් වාර්තාවකි. SCDහි පරමාර්ථය වන්නේ දුගී දුප්පත්කම තුරන් කිරීම, සහ පොදුවේ අනාගත සෞභාග්‍යය උදාකරගැනීම  යන ලෝක බැංකුවේ ද්විත්ව අරමුණු කරා යාමේදී රටක් මුහුණ දෙන වැදගත්ම අභියෝග සහ අවස්ථාවන් හඳුනා ගැනීමයි. මෙය ගැඹුරු විශ්ලේෂණයකින් සිදු කෙරෙන අතර පාර්ශවකරුවන් රැසක් සමඟ සාකච්ඡා කෙරෙනු ලැබේ. 

2015 වර්ෂයේ දී , ශ්‍රී ලංකාව තුළ මෙම අධ්‍යනය පළමු වරට ක්‍රියාත්මක කරන ලදී. ඉහත කී ලෝක බැංකුවේ ද්විත්ව අරමුණු සපුරාලීම සඳහා විසඳිය යුතු ප්‍රධාන අභියෝග පහක් එහිදී හඳුනා ගන්නා ලදී. ඒවා නම්,  

1.      රාජ්‍ය මූල්‍ය අවදානම්

2.      පහළම ආදායම් ලබන 40% සඳහා ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ලබාදීම සහ රැකියා ලබාදීම.

3.      සැමට අවස්ථාව ලබා දීම

4.      පාලන ගැටළු

5.      තිරසාර බව

2015 දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද අධ්‍යනයෙන් හඳුනාගනු ලැබූ දරිද්‍රතාවය නිමා කිරීමට සහ සැමගේ සෞභාග්‍යය නංවාලීම වළක්වන ව්‍යුහාත්මක අභියෝග තව දුරටත් අදාල වන අතර, මේවා දුගී දුප්පත්කම තුරන් කිරීම, සහ පොදුවේ අනාගත සෞභාග්‍යය උදාකරගැනීම සඳහා අවශ්‍ය තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම අවහිර කර තිබේ. COVID-19 වසංගතයේ සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් හේතුවෙන් ඇතිවූ නව ගැටළුda සැලකිල්ලට ගනිමින් 2021 වසරේ ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාව පිලිබඳ ක්‍රමවත් අධ්‍යනය තුළින්, පෙර කරන ලද රට පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනය යාවත්කාලීන කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ 2015 රට පිළිබඳ ක්‍රමවත් විනිශ්චයෙන් හඳුනාගෙන ඇති සංවර්ධන අභියෝග යාවත්කාලීන කිරීම, තවමත් ඒවා වලංගු දැයි සෙවීම සහ කුමන ඒවාට ප්‍රමුඛතාවය ලබා දීම අවශ්‍යදැයි සෙවීම සඳහා ලෝක බැංකු සමූහය මේ වන විට මහජන අදහස් විමසීම්  ආරම්භ කොට ඇත. ශ්‍රී ලංකාවට ඇති අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව සාමූහිකව සිතා බැලීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් මෙන්ම සිවිල් සමාජ සංවිධාන සමඟ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ අදහස් විමසීම් ද මේ යටතේ පවත්වනු ලැබේ.

මහජනතාව සඳහා විවෘතව ඇති අන්තර්ජාල සමීක්ෂණය හරහා ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ සාකච්ඡාවලින් ඉස්මතු වූ කරුණු පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීමට බලාපොරොත්තුවේ. ඒ අනුව, 2021 මැයි 6 සිට 2021 මැයි 20 දක්වා සියලුම ශ්‍රී ලාංකිකයින්ට පහත දෑ සම්බන්ධයෙන් අදහස් බෙදා ගැනීමට ආරාධනා කරනු ලැබේ:

·       රාජ්‍ය මූල්‍ය ස්ථායිතාව වැඩි දියුණු කිරීම

·       ඵලදායිතාව සහ රැකියා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා තරඟකාරීත්වය වැඩි දියුණු කිරීම

·       දරිද්‍රතාවය අවම කිරීම සහ පොදුවේ අනාගත සෞභාග්‍යය උදාකරගැනීම කිරීම සඳහා සමාජ ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීම

·       දිගුකාලීන තිරසාර බව සහතික කිරීම සඳහා ආර්ථික, සමාජීය හා පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම

ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් පවත්වනු ලබන මෙම සමීක්ෂණයට සහභාගී වීමෙන් ඔබට මෙම වැදගත් සාකච්ඡාවට ඔබේ අදහස් ලබා දිය හැකිය.

ශ්‍රී ලංකාව පිලිබඳ ක්‍රමවත් අධ්‍යනය පිළිබඳ නවතම පුවත් දැනගැනීම සඳහා දකුණු ආසියානු ලෝක බැංකු ට්විටර් ගිණුම (@WorldBankSAsia) follow කරන්න. නැතහොත් Facebook ඔස්සේ (/WorldBankSriLanka or /WorldBankSouthAsia) සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා ඊමේල් කරන්න: infosrilanka@worldbank.org

අවසන් වරට යාවත්කාල කරන ලද්දේ: 2021, මැ 6