Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2019, දෙසැම්බර් 17

ශ්‍රී ලංකාව රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමට සැරසෙයි

2019 දෙසැම්බර් 17, වොෂිංටන් හි දී. රජයේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතු වල විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 25 ක ණයක් ලබා දීමට ලෝක බැංකුව අද අනුමැතිය ලබා දුනි.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම සඳහා වූ ව්‍යාපෘතිය (PSEP) මෙරට මුදල් අමාත්‍යාංශයේ ආයතනික ධාරිතාවය ශක්තිමත් කිරීමටත් එමගින් එහි කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට මෙන්ම  වඩා හොඳ සේවාවක්  සැපයීමට ඇති හැකියාව වර්ධනය කිරීමටත්  රුකුලක් වනු ඇත. තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීම සහ මානව සම්පත් හැකියාවන් වැඩි කිරීම මෙම පස් අවුරුදු ව්‍යාපෘතියේ ප්‍රධාන ගාමක බලය වනු ඇත. මූලික රාජ්‍ය මූල්‍ය හා වගවීමේ ආයතන ශක්තිමත් කිරීම සඳහා යුරෝ මිලියන 10 ක තාක්ෂණික ආධාර ප්‍රදානයක් සමඟ යුරෝපා සංගමය ද මෙම ව්‍යාපෘතියෙහි හවුල්කරුවෙකු වනු ඇත.

“PSEP නිසා රජය සහ ලෝක බැංකුව අතර රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන සහයෝගීතාවක් ගොඩනැඟෙනවා. ඒ වගේම එය ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවෙන් යුත් ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයන්ට සහාය වෙනවා.” නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂිකා ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය පැවසීය. ඉ-ප්‍රසම්පාදනය වැනි ස්මාර්ට් තාක්‍ෂණය පදනම් කරගත් පද්ධති භාවිතය මඟින් ක්‍රියා පටිපාටීන් සරල කොට කාර්යක්ෂමතාවත්, රාජ්‍ය ආයතනවල විනිවිදභාවය සහ වගවීමත් වැඩි දියුණු කරනු ඇති.” ඇය වැඩිදුරටත් පවසයි.

මෙම ව්‍යාපෘතිය මඟින්, ජනතාවට ලැබෙන සේවාවන් ඉහළ නැංවීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ජාත්‍යන්තර අත්දැකීම්  වර්ධනය කරනු ඇතිබව ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකරණ විශේෂඥ සහ ලෝක බැංකුවේ කාර්ය කණ්ඩායම් නායක මොහාන් ගෝපාලක්‍රිෂ්ණන් මහතා පැවසීය.

ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ලබා දී ඇති ඩොලර් මිලියන 25 ක ණය මුදල සඳහා වසර 11 ක සහන කාලයක් ඇතුළුව වසර 28 ක අවසාන කල්පිරීමක් ඇත.


සම්බන්ධ වන්න

කොළඹ
දිලිනිකා පීරිස්-හොල්සිංගර්
+94115561325
dpeiris@worldbank.org
වොෂිංටනය
එලේනා කරාබන්
+1 (202) 473-9277
ekaraban@worldbank.org;
Api
Api