Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2019, මැයි 14

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දේශීය සේවාවන් වර්ධනය කිරීමට පියවර ගනියි

2019 මැයි 14, කොළඹ - ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ජීවත්වන මිලියනයකට ආසන්න ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ලෝක බැංකුව අද දින ඩොලර් මිලියන 70 ක ව්‍යාපෘතියකට අත්සන් තැබූහ. නව දේශීය සංවර්ධන ව්‍යාපෘතිය විසින් පළාත් පාලන ආයතන සමඟ සමීප සහයෝගයෙන් මාර්ග, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව වැනි අත්‍යවශ්‍ය සේවාවන් සැලසුම් කිරීම හා බෙදා හැරීමේදී  දේශීය ප්‍රජාව කේන්ද්‍ර කර ගනු ඇත.

නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා ලෝක බැංකුවේ දේශීය අධ්‍යක්ෂ ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය (Dr. Idah Pswarayi-Riddihough ) සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ලෝක බැංකුව හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා වූ  ණය ගිවිසුම අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාව ජාතික දරිද්‍රතා අගය 2016 වන විට 4.1ක ප්‍රතිශතයක් දක්වා අඩු කරගනිමින් පසුගිය කාලය පුරාම දරිද්‍රතාවය අවම කිරීම සඳහා හොඳින් කටයුතු කර ඇත. කෙසේවෙතත්, යම් යම් ප්‍රදේශවල, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල තවමත් දරිද්‍රතාවයෙන් පීඩා විදින ප්‍රදේශ පවතියි. මෙයට ප්‍රධාන හේතු වන්නේ දුර්වල ප්‍රජා ආයතන, විශේෂයෙන් ස්ත්‍රී මූලික කුටුම්භයන්හි ස්ත්‍රී  පුරුෂභාවය මත ඇතිවන ගැටළු , කම්පන ලක්ෂණ සහ තරුණ හා පීඩාවට පත් ජනතාවගේ අවදානම් හැසිරීම් යන කාරණායි.  

"මෙම ව්‍යාපෘතිය  පුරවැසියන්ට අවශ්‍ය සේවාවන් ලබාදීමට සහය දෙන අතර ඒ  හරහා සිදු කරන ක්‍රියාකාරකම් පුරවැසියන්ගේ අවශ්‍යතා වලට ගැලපෙන බවට වග බලා ගනී" යනුවෙන් නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා ලෝක බැංකුවේ දේශීය අධ්‍යක්ෂ ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මෙහිදී පැවසීය. “දේශීය ජනතාව සහ විශේෂයෙන් වඩාත් පීඩාවට පත් කණ්ඩායම්වල අවශ්‍යතා වලට ප්‍රතිචාර දැක්විය හැකි පද්ධති ගොඩ නැඟීමේ ව්‍යාපෘතියක් සම්පාදනය කිරීමට රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපි සතුටු වෙමු." 

මෙම ව්‍යාපෘතිය මගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා වන මාර්ග සහ කාණු, වෙළඳපොළවල්, ජල සම්පාදනය, සුළු වාරිමාර්ග, තොරතුරු තාක්ෂණ සම්බන්ධතාවය සහ ග්‍රාමීය විදුලි බලගැන්වීම ඇතුළු  යටිතල පහසුකම් සැපයීම් සේවා කටයුතු ද මෙහෙයවයි.

ව්‍යාපෘති කාර්ය කණ්ඩායමේ නායකයන් වන යරිස්සා සොමර් සහ සෝනියා සුල්තාන් විසින් ඉස්මතු කරනලද්දේ "රටේ පුරවැසියන්ට ප්‍රතිචාර දැක්විය හැකි ශක්තිමත් පළාත් පාලන ආයතන රටක් සංවර්ධනය කිරීම සහ එහි පුරවැසියන්ගේ යහපැවැත්ම සඳහා තීරණාත්මක වේ. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හොඳින් සේවය කරන, වගකිව යුතු, ඵලදායී සහ ප්‍රතිචාර දක්වන පළාත් පාලන ආයතන සඳහා ශක්තිමත් ක්‍රමවේදයන් නිර්මාණය කිරීම සඳහා දේශීය සංවර්ධන සහාය ව්‍යාපෘතියට සැළකිය යුතු ලෙස දායක විය හැකි බව අපි බලාපොරොත්තු වෙනවා." යන්නයි.

මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගී වන පළාත් සභා 04 සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නව දේශීය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇත. මුළු ව්‍යාපෘති වියදම ඩොලර් මිලියන 100.65 ක් වන අතර, ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ඩොලර් මිලියන 70 ක ණය මුදලක් ද, යුරෝපා සංගමයෙන් ඩොලර් මිලියන 23.65 ක ආධාරයක් ද ශ්‍රී ලංකා රජය වෙතින් ඩොලර් මිලියන 7 ක දායකත්වයක් ද ලබා දේ.


මාධ්‍ය නිරාවරණ අංකය: SAR/2019

සම්බන්ධ වන්න

කොළඹ
දිලිනිකා පීරිස්
+94 (011) 5561347
dpeiris@worldbank.org
වොෂින්ටන්
ඉලෙනා කරබන්
+1 (202) 473-9277
ekaraban@worldbank.org
Api
Api