මාධ්‍ය නිරාවරණය

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පහළ ගොස් ඇති නමුත් මෙම ප්‍රගතිය පවත්වා ගැනීමට නම් රාජ්‍යය මුල්‍යය‚ වර්ධනය සහ අන්තර්ගතභාවය සම්බන්ධයෙන් ඇති අභියෝගයන් නිරාකරණය කරගතයුතු වේ

2016, පෙබරවාරි 16


2016 පෙබරවාරි 16 කොළඹදීය- රටේ ජනගහනයේ දරිද්‍රතාවය 7% කට වඩා අඩු කරගනිමින් ශ්‍රී ලංකාව කැපි පෙනෙන ආර්ථික ප්‍රගතියක් අත්කරගෙන තිබේ. කෙසේ නමුත් රටේ සමහර ප්‍රදේශ වල අතිශයින් දිළිඳු භාවයක් පවති. අනාගත සෞභාග්‍යය  උදාකර ගැනීමට නම් ආදායම් හිඟයට විසදුම් ලබා දිය හැකි වඩාත් තරඟකාරී හා සියළු දෙනා ඇතුළත් ආර්ථිකයක් සකස්කර ගැනීම අතවශ්‍ය බව ලෝක බැංකුව විසින් අද නිකුත් කරන ලද නවතම පරීක්ෂනයකින් අනාවරණය වේ.

දරිද්‍රතාවය අඩුවීමට බොහෝදුරට හේතු වී තිබෙන්නේ රටේ ආර්ථිකය එහි ඵළදායිතාවයෙන් අඩු කෘෂිකාර්මික අංශයේ සිට කර්මාන්ත හා සේවා අංශයට මාරුවීමත්, නාගරිකරණය ඉහළයාම හා දේශිය වශයෙන් භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම ඉහළයාම නිසා ශ්‍රමිකයින්ගේ ආදායම් වර්ධනය වී ඇති නිසාත් බව ශ්‍රී ලංකා දරිද්‍රතා තක්සේරුව මගින් අනාවරණය කරගෙන ඇත.

දරිද්‍රතාවය නිමා කිරීමට සහ සැමගේ සෞභාග්‍යය නංවාලීමේදී පවත්නා ප්‍රධාන බාධකයන් හඳුනා ගැනීම සඳහා ලෝක බැංකු කණ්ඩායම රට පිළිබඳ ක්‍රමවත් විනිශ්චයක් (Systematic country diagnostic) සිදුකරන ලදී. මෙම ක්‍රමවත් අධ්‍යයනය මගින් ශ්‍රී ලංකාව ලෝකයේ දළ ජාතික නිශ්පාදිතයට සාපේක්ෂව අවම බදුගෙවීමේ අනුපාතික (Lowest tax-to-GDP) පවතින රටක් බව පෙන්වාදේ. මෙම තත්වය නිසා අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ වෙනත් සේවාවන් සඳහා මුදල් ආයෝජනය කිරීමට රජයට ඇති හැකියාව අඩුවේ.

මේ අතර ආරක්ෂනවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීම, සෘජු විදේශ ආයෝජන අඩු කම, මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටකට අවශ්‍යය කුසලතාවන් හිඟකම සහ රාජ්‍යය අංශය පමණට වඩා විශාල වීම නිසා රටේ සංවර්ධනයට සහ නව රැකියා අවස්ථාවන් උත්පාදනයට බාධා කරනු ලබයි. ශ්‍රී ලංකාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට සහ පොදුවේ අනාගත සෞභාග්‍යය උදාකරගැනීම සඳහා මෙම ගැටළු වලට විසඳුම් ලබාදිය යුතුවේ.

මෙම අධ්‍යයනයෙන් අනාවරණය වූ  කරුණු අගය කරමින් ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා “අප ප්‍රධාන තැනක් ලබාදිය යුත්තේ දරිද්‍රතාවය අවම කිරීම සඳහා වැඩි වැඩියෙන් රැකියා අවස්ථාවන් ඇති කිරීමට සහ සියළුම ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යය උදාකරදීමටයි. මේ සඳහා අපගේ රටට ආයෝජන ගලා ඒමට අවශ්‍යය පරිසරය සකසමින් ලෝක වෙළඳපොළේ සාර්ථකව තරඟවැදීම සඳහා අපගේ හැකියාවන් වැඩි දියුණු කිරීමට අවශ්‍යයයි” යනුවෙන් ප්‍රකාශ කළේය.

සමස්ථයක් ලෙස දිළිඳුබාවය අඩුවී ඇති නමුත් භූගෝලීය ස්ථාන අනූව, ස්ත්‍රී පුරුශ සමාජභාවය අනූව සහජාතිකත්වය අනූව මෙහි අසමාන බවක් දක්නට ලැබෙන බව සොයාගෙන ඇත. දිළිඳුබාවයෙන් පෙළෙන විශාල සංඛ්‍යාවක් නගර ආසන්නව ජීවත්වේ. උතුරු නැගෙනහිර වතු වැවිලි අංශයේ සහ මොණරාගල ඉහළ දරිද්‍රතා අනුපාතික දක්නට ලැබේ. මධ්‍යම මට්ටමේ ආදායම ලබන රටක් වශයෙන් ශ්‍රම වෙළඳ පොළේ කාන්තාවන්ගේ සහභාගීත්වය අඩු මට්ටමක පවතී. මෙම තත්වය දශක ගණනාවක් පුරා වෙනස් වී නැත. මධ්‍යයම මට්ටමේ ආදායම් ලබන රටක් වශයෙන් සමාජ සුභසාධන වියදම් ඉතා අවම මට්ටමක පැවතීම නිසා අසමානත්වය වැඩී වී ඇත.

ජනගහනයෙන් 40% කගේ දිනක ඒක පුද්ගල ආදායම රුපියල් 225කට වඩා අඩු බැවින් බොහෝ දෙනෙක් නැවත වතාවක් දරිද්‍රතාවයට පත්වීමේ අවධානමක සිටී.

“මෙම නව අධ්‍යයනය, තිරසාර සංවර්ධනය නගාසිටු වීමත් සමාජයේ දරිද්‍රතාවයෙන් සහ වෙනත් ආකාරයේ අවාසිදායක තත්වයන්ගෙන් පෙළෙන අයට වැඩියෙන් රැකියා අවස්ථාවන් ලබාදීම ඉළක්ක කරගත් ප්‍රතිපත්තීන් සැකසීම සඳහා රජය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අවශ්‍යය සාක්ෂි සහ විශ්ලේෂණයන් සපයනු ලබනවා” යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ දේශීය අධ්‍යක්ෂ ෆොන්ෂුවාස් ක්ලොට් (Francoise Clottes) පැවසීය. මෙම වාර්ථාව මගින් රජයේ ඵලදායීත්වය, විනිවිදභාවය, වගවීම සහ ශක්තිමත් ආයතන ස්ථාපිත කිරීම සඳහා තව දුරටත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යයතාවයද අවධාරණය කරණු ලබන අතර ඒ අනූව සියළුම ශ්‍රී ලාංකිකයින්ට රටේ සෞභාග්‍යයේ කොටස් කරුවකු වියහැකි වනු ඇත.

පසුගිය දශක ගණනාවක් පුරා රටේ ආර්ථිකයට රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ දායකත්වයේ වෙනස් වීම් පිළිබඳව අවධානයට ගනිමින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය වර්ධනය වන ආකාරය මෙම රට පිළිබඳ ක්‍රමවත් විනිශ්චය (Systematic country diagnostic) මගින් අවධානයට ලක් කර ඇත.

“ මෙම අනාවරණය මගින් තිරසාර සංවර්ධනයක් ලබාගැනීමේදී පෞද්ගලිත අංශයට සිදුකළ හැකි සුවිශාල කාර්යයභාර්යය සහ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ හැකියාවන් වර්ධනය කරන්නාවූ ප්‍රතිපත්ති වල අවශ්‍යයතාවය නැවත වතාවක් පෙන්වාදෙනු ලබනවා” යනුවෙන් ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වූ අන්තර්ජාතික මුල්‍යය සංස්ථාවේ දේශිය කළමණාකරු අමේනා අරිෆ් (Amena Arif) පැවසීය.

ලෝක බැංකු කණ්ඩායම අන්තර් ජාතික සංවර්ධන සම්මේලනය සහ රජයන්ට මුල්‍යය සහ විශ්ලේශනාත්මක සහය සපයන ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික බැංකුව, පෞද්ගලික අංශයට මුල්‍යය සහ සහායක සේවා සපයන අන්තර්ජාතික මුල්‍යය සංස්ථාව (IFC) සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා අවධානම් සඳහා රක්ෂන ලබා දෙන බහු පාර්ශවීය ආයෝජන සහතික කිරීමේ ආයතනය (Multilateral Investment Guarantee Agency) යන ආයතන වලින් සමන්විතවේ. එය මුල්‍යය කටයුතු, ප්‍රතිපත්ති උපදෙස් සහ විශ්ලේශණ සපයමින් ශ්‍රී ලංතාවේ සංවර්ධනය සඳහා සියළුම පාර්ශව කරුවන් සමඟ කටයුතු කරනු ලබයි. මෙම කණ්ඩායමේ ක්‍රියාකාරකම් වලට ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුමකට එළඹි රටේ සහයෝගිතා වැඩ සැලැස්ම (Country Partnership Framework) මගින් මාර්ගෝපදේශ සපයනු ඇත. මෙකී වැඩ සටහන මගින් ඉදිරි වසර 5 සඳහා වූ සහයෝගීතා වැඩ සැලැස්ම සකස් කරනු ලබන අතර මෙය දැනට අවසන් වෙමින් පවති. ඒ සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක මුල්‍යය ආධාර ලබාදීමට පොරොන්දු වී ඇති අතර පෞද්ගලික අංශය සඳහා මුල්‍යය ආධාර ලබාදීමට අන්තර්ජාතික මුල්‍යය සංස්ථාව (IFC) ඇමරිකානු ඩොලර් මිලියන 230කට වඩා වෙන් කර ඇත. 

මාධ්‍ය සම්බන්ධතා
තුළ Washington:
Joe Qian
දුර: +1 (202) 473 56331
jqian@worldbank.org
තුළ Colombo:
Dilinika Peiris-Holsinger
දුර: +94115561325
dpeiris@worldbank.org




Api
Api

Welcome