Skip to Main Navigation
විශේෂාංග කථාව 2019, පෙබරවාරි 14

ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම: ශ්‍රී ලංකාවේ ජනගහනය වෙනස් වීම පිළිබඳ අධ්‍යයනය

Image

Download ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම: ශ්‍රී ලංකාවේ ජනගහනය වෙනස් වීම පිළිබඳ අධ්‍යයනය 




කථා සාරය

  • කලාපීය විෂමතා තිබියදීත් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය, ශක්තිමත් ආර්ථික වර්ධනයත් සමග අඛණ්ඩව පහත වැටෙමින් පවතී.
  • ලංකාව විසින් ඉහල මට්ටමේ ණය පියවීම සඳහා ප්‍රතිපත්ති සකස් කර ඇති නමුත් ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වල වේගය මන්දගාමී ස්වරුපයක් ගනී.
  • වැඩ කරන වයසේ හැකිලීම, ජනගහනය වර්ධනයට හා විශ්‍රාම වැටුප් වලට බලපානු ඇත. ව්‍යවසායකත්වය, අධ්‍යාපනය සහ ස්ත්‍රී ශ්‍රම බලකායේ සහභාගීත්ව වර්ධනය ජනගන සංක්‍රමණයට ඇති බාධා නිරාකරණයට උපකාරී විය හැක.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුමේ නවතම සංස්කරණයේ (SLDU) සොයාගැනීම් වලට අනුව දිවයින අභියෝගාත්මක  සාර්ව ආර්ථික පරිසරයක් තුලයි. පශ්චාත් ගැටුම් සමයේ තිබිය යුතු ඉහළ වර්ධනයේ අඩුවීමක් සිදුවී ඇත. අස්ථාවර ගෝලීය පරිසරය සහ ව්‍යුහාත්මක වශයෙන් දුර්වල තරගකාරිත්වය විසින් දිගින් දිගටම වර්ධනය හා  බාහිර අංශයේ ක්‍රියාකාරිත්වය දුර්වල කරමින් පවතී. ඉහල පොලී වියදම් තුලින්  රාජ්‍ය මුල්‍ය වර්ධනය හීන කරයි.    

වාර්තාවේ විශේෂ අවධානය යොමුව ඇත්තේ  ජනගහනය වෙනස්වීම හමුවේ ඇති  අභියෝග වල සංයුතිය හදුනාගැනීම සහ වසර කීපයක් තුලින් සිදු කල හැකි සංවර්ධන ප්‍රතිපත්ති, ආයතනික වශයෙන් ශක්තිමත්භාවයන් තුලින් ශ්‍රී ලංකාව දශක ගණනාවක් තුලින් ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙලක් යෝජනා කිරීමයි.  

ශ්‍රී ලංකා සංවර්ධන ඇගයු විසින් ශ්‍රී ලංකාවේ පසුගිය මාස 06 තුල සිදුවූ මුලික  ආර්ථික සංවර්ධනයන් අධ්‍යනයට අනුව පශ්චාත් අර්බුද වර්ධනය මන්දගාමී වුවද, දෘෂ්ටිමය වශයෙන් ආර්ථිකය ස්ථාවර වේ. නමුදු එය රටේ දේශපාලන ස්ථාවරත්වය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම මත රඳා පවතී.

ගෝලීය පරිසරය කැළඹිලි සහිත ස්වාභාවයක පවතින කාලයක් තුල ශ්‍රී ලංකාව මෙවන් අවධියකට අවතීර්ණ වෙමින් පවතී. මුලික ප්‍රතිසංස්කරණ වන දේශීය අදායම් නිතිය ස්ථාපනය කිරීම, වගකීම් කළමනාකරණ පනත සම්මත කිරීම, 2019 දී හා ඉන් ඔබ්බට ඉහල බාහිර ණය ප්‍රතිමුල්‍යතා අවදානම් සඳහා ආර්ථිකයට සුදානම් වීමට උපකාරී වේ.       

"උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පසුගිය ප්‍රතිසංස්කරණ පිලිබඳ තහවුරු කර ගැනීම වැදගත්ය" යනුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුමෙහි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ කතෘ සහ මාලදිවයින් ජේෂ්ඨ ආර්ථික විශේෂඥය ෆර්නැන්ඩු ( Fernando IM) පවසයි. ඔහු පවසන ආකාරයට අනාගත ප්‍රතිසංස්කරණ මගින් වැඩි දියුණු කල සංවර්ධන ප්‍රතිපල උදා කරගත හැකි අතර මෙමගින් රාජ්‍ය මුල්‍ය කළමනාකරණය තව දුරටත් ශක්තිමත් කිරීම, සමාජ ආරක්ෂණ දැල් ආවරණය කිරීම හා සමාජ ඉලක්කයන් වැඩි දියුණු කිරීමට හේතු වනු ඇත.   

වාර්තාවේ දක්වා ඇති මෑත කාලීන වර්ධනයන් කීපයක් පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ ණය සමුහය සැලකිය යුතු අවදානම් තත්වයක් දරයි

දල දේශීය නිෂ්පාදනයෙන් 83% වන ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ ණය මට්ටම ඉහල තත්වයක පවතී. රට ඉහල මධ්‍යම අදායම් තත්ත්වය කරා ලගා වූ හෙයින්, රට වැඩි  වාණිජමය ණය ලබාගැනීමේ ප්‍රවනතාවක් ඇති අතර එමගින් පිරිවැය සහ අවදානම වැඩි වේ.  

විදේශ ණය බහුතරයක් වෙළඳපොළ තුලින් ලබාගන්නා අතර එයට මුලික වශයෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISBs) සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDBs) ඇතුලත් වන අතර, 2000 දී 3%ක් වූ සමස්ත විදේශ ණය විනිමය 2017 වන විට 53% දක්වා ඉහල ගොස් ඇත.   

සමස්තයක් වශයෙන් 2019 සිට 2023 දක්වා සහ යුරෝ බැඳුම්කර, 2025 සිට 2028 දක්වා යුරෝ බැඳුම්කරවල ආපසු ගෙවීම් වටිනාකම සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 12.15ක් වේ. ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම අවධාරණය කරන අන්දමට මෙය රටේ නව අර්බුධයක් නිර්මාණය කරන අතර රට තුල මුල්‍යමය අවදානමක් මතු කල හැකි බවයි.   

මෙයට ප්‍රතිචාර වශයෙන් රජය අවදානම් කළමනාකරණයට ප්‍රතිපත්ති සම්පාදනය කර ඇති නමුත් මුලික ප්‍රතිසංස්කරණ වල මන්දගාමී ස්වරුපය පිළිබද වැඩිදුර සැලකිලිමත් විය යුතුය. ණය කළමනාකරණයේ වැඩි දියුණු කිරීම්, ණය සමුහයේ පිරිවැය හා අවදානම කළමනාකරණය කිරීමට, දේශීය මුල්‍ය  වෙළෙඳපොළ සංවර්ධනයට  සහ මුල්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වේ.


"උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පසුගිය ප්‍රතිසංස්කරණ පිලිබඳ තහවුරු කර ගැනීම වැදගත්ය"
Fernando Im
Senior Country Economist for Sri Lanka and the Maldives

Image

දරිද්‍රතාව ශ්‍රී ඝ‍්‍රයෙන් අඩු වුවද, සැලකිය යුතු දරිද්‍රතාවයක් සහිත ප්‍රදේශ පැවතීම

පසුගිය දශක දෙක පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශ්‍රීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, 2013 දී උපරිම දරිද්‍රතාවය15.4% වූ අතර එය 2016 දී සියයට 9.7 ක් දක්වා පහත වැටී ඇත, මෙය ගණනය කර ඇත්තේ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා වූ ලෝක බැංකුවේ ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව ඩොලර් 3.20 ට වලට සාපේක්ෂවය.

2015 වර්ශයේදී ගත් සමෘද්ධි  වැඩසටහන ප්‍රසාරණය කිරීම වැනි ක්‍රියාමාර්ග ප්‍රතිලාභ අත්පත් කර දුන්නද වඩා හොඳින් ඉලක්ක කරන ලද සමාජ සේවා ලබා දුන්නේ නම් විශාල ප්‍රතිලාභ අත්පත් කරගත හැකිව තිබුණි. මීට අමතරව, පසුගිය වසර කිහිපය තුළ අයහපත් කාලගුණික තත්ත්වයන්ගේ සිදුවන වැඩිවීම මගින් විශාල සංඛ්‍යාවක් ජනයා දරිද්‍රතාවට ඇද වැටීමට හැකියාව ඉතා වැඩිය

දිස්ත්‍රික්ක වශයෙන් ගත කලද උතුරු හා නැගෙනහිර පළාත්වල ඉහළම දරිද්‍රතා සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර  රත්නපුර, මහනුවර සහ බදුල්ල වැනි දිස්ත්‍රික්ක වල ජනගහනයෙන් හතරෙන් එකකට අසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවයට පත්ව ඇත. මානව ප්‍රාග්ධනය, මූලික සේවාවන්, රැකියා සපයා ගැනීමේ හැකියාව සහ වෙළඳපොළ වෙත ප්‍රවේශය හා බැඳුණු විවිධාකාර ගැටළු විසඳීමට ශ්‍රී ලංකාව විවිධ උපාය මාර්ග සැලසුම් කළ යුතුබව පැහැදිලි වේ.

Image

ශ්‍රී ලංකාව මුලික ජනගහන වෙනස්කම්වලට භාජනය වෙමින් සිටී - රට තවදුරටත් සංවිධානය විය යුතුය

ලෝකයේ බොහෝ රටවල් මෙන් ශ්‍රී ලංකාව ද සැලකිය යුතු ජනගහන වෙනස්කම් ඇතිවෙමින් පවතී - 2005 දී වැඩකරන වයසේ ජනගහනය වැඩිවී ඇති අතර එය ක්‍රමයෙන් අඩුවීම අපේක්ෂා කරයි. මින් ශ්‍රම සැපයුම, සෞඛ්‍ය හා අධ්‍යාපන වැනි සේවා සැපයුම, විශ්‍රාම වැටුප්, රැකියා හා මහජන මුල්‍ය සඳහා බලපෑමක් ඇත

ශ්‍රීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන වැඩිහිටි ජනගහනය සඳහා සහාය වන සීමිත ඉතුරුම් සහ උපයෝජන උපකාරක යාන්ත්‍රණයන් පිලිබඳ විශේෂයෙන් සැලකිලිමත් වියයුතුය යන්න බොහෝ දෙනාගේ මතයයි. වැඩිවන වියදම් නිසා රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය  (PSPS) වැනි වැඩසටහන් වල පොරොන්දු වූ  දිගු කාලීනව ප්‍රතිලාභ ලබා දීමට  නොහැකි තත්වයක් ඇත. විධිමත් පුද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම ගැනීමේදී ලබාදෙන සේවක අර්ථසාධක අරමුදල ද තම ජිවිතයේ ඉතරි කාලය ගත කිරීමට ප්‍රමාණවත් නොවේ.   

ඉතාම බරපතල අභියෝග එල්ල විය හැකි නමුත්, සේවා සැපයුමේ විවිධ අංග වැඩි දියුණු කිරීමෙන් තවත් විශාල සේක පිරිසක් විශ්‍රාමික සැලසුම් තුලට ඇතුලත් කරගත හැකි වේ. අධ්‍යාපන සුදුසුකම් වලට ප්‍රමුඛතාවක් ලබා දීමෙන්, වෙළඳපොළ තුල  නව උපාධිධාරීන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන වෙළඳපොළ ඉල්ලුමට සරිලන සුදුසකම් නොමැති වීම ආමන්ත්‍රණය කිරීම මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීම තුලින් තරුණ තරුණියන්  ශ්‍රම බලකායට අතුලත් වීමට දිරිමත් කළ හැකිය. අවසාන වශයෙන්, ස්ත්‍රී ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩිදියුණු කිරීම තුලින් ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකි ජනගහන සංයුතියේ  වෙනස් වීම් වල බලපෑම අවම කල හැක.

 




Api
Api