Learn how the World Bank Group is helping countries with COVID-19 (coronavirus). Find Out

විශේෂාංග කථාව 2018, ජූලි 4

ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත්කිරීමේදී වැදගත්ම භූමිකාව ඇත්තේ තරුණ පරපුරට සහ කාන්තාවන්‍ටයි

Image

We need youths to be at the forefront of creating jobs,” said Dr. Idah Z. Pswarayi-Riddihough, World Bank Country Director for Sri Lanka and the Maldives, at the launch of SLDU.

Photo Credit: World Bank


කථා සාරය

  • ශ්‍රී ලංකාවේ තරුණ සේවා වියුක්තිය ඉහළ අගයක් ගනි.
  • පැහැදිලි, සාධාරණ සහ නිශ්චිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ මගින් ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීමත්, විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයේම සේවා නියුක්තිකයන් ආරක්ෂා කර ගැනීමත් කළ යුතුවේ..
  • ශ්‍රී ලංකාව ජනගහන සංයුතිය සංක්‍රාන්තියකට මුහුණපාන බැවින් විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ වඩාත් වැදගත් වේ.

2017 වර්ෂයේදී රැකියා අවස්ථා 497,000ක් සඳහා  ශ්‍රමිකයන්ගේ හිඟයක් පැවති බවට තක්සේරු කර තිබේ. රැකියා අපේක්ෂකයන් සතු හැකියාවන්ගේ නොගැළපීම,සේවා නියුක්තිකයන්ගේ අපේක්ෂාවන් යනාදිය සංචාරක කර්මාන්තය වැනි අංශ කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල කොට තිබේ.වර්තමානයේදී රට තුළ වාර්තා වන ඉහල මට්ටමේ තරුණ විරැකියාව මගින් කියාපාන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ වැදගත්කමයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඇගයීම [SLDU- Sri Lanka Development Update], පිළිබඳ ලෝක බැංකුවේ නවතම සංස්කරණය එළි දක්වන සාකච්ඡාවකදී,සභිකයන් විසින් හඳුනා ගත් කරුණක් වූයේ, රැකියා උත්පාදනය කිරීමේදී ශ්‍රී ලංකාව අධ්‍යාපනය සහ නෛතික ව්‍යුහය යන පරාසය සම්බන්ධයෙන් එකිනෙකට බද්ධ වූ සංකීර්ණ අභියෝග රැසකට මුහුණපාන බවයි. තාක්ෂණය ලෝක රැකියාවන්හි සීඝ්‍ර පෙරළියක් කළ හෙයින් තරුණ ප්‍රජාව ලෝකය වෙනසක් කරා ගෙන යනු ඇති.

“රැකියා බිහි කිරීමේ පෙරමුණෙහි තරුණ සහභාගීත්වයක් දැකීමට අපි අපේක්ෂා කරනවා. ඔවුන් විසින් ප්‍රතිපත්ති සම්පාදකයන්, පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය සවිබල ගැන්වීම මගින් හෙට දිනයේ සේවා නියුක්තිකයන් සහ නවෝත්පාදකයන් වනු දැකීම අපගේ අරමුණයි.” යනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනෙහි  ලෝක බැංකු අධ්‍යක්ෂක ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව එහි අපනයන ඉහළ නැංවීමට වෙහෙසෙන ආකාරයෙන්ම අනෙකුත් රටවල් සමඟ කරට කර තරඟ කිරීමට ලාංකීය ශ්‍රම බලකාය පෙළඹවිය යුතුය. SLDUහි එක් කතුවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන රැල්ෆ් වැන් ඩුන් ප්‍රකාශ කරන්නේ,” අපි විශ්වාස කරන්නේ රැකියා න්‍යාය පත්‍රය තරඟකාරී එකක් විය යුතු බවයි. ඔබ තරඟකාරී වන තරමට ඔබට වඩාත් තරගකාරී සහ සුදුසු රැකියා නිර්මාණය කර ගැනීමේ හැකියාවක් පවතී.”  

පහතින් දැක්වෙන්නේ ආර්ථික විද්‍යාඥ කිත්මිණ හේවගේ විසින් මෙහෙය වූ දීර්ඝ සාකාච්ඡාවේ වැදගත් කරුණුය.


Image

”අප සිටින සාර්ව ආර්ථික තත්ත්වය යටතේ,සියලුම දේවල් ඉටු කිරීමට රජයට හැකියාවක් නැත.මා සිතන්නේ මේ යථාර්තය අවබෝධ කර ගැනීමට මිනිසුන් ක්‍රියා කළ යුතු බවයි“ ඔහු තවදුරටත් පැවසීය.

 

Photo Credit: World Bank


බාධාවන් නිර්මාණය කරන නෛතික සහ ප්‍රතිපත්තිමය සීමාවන් සාකාච්ඡාවට ගැනීම

විදේශීය ආයෝජන දිරි ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය සංවර්ධනය කිරීමෙහි ලා  ශ්‍රී ලංකාවේ කම්කරු නීති වැඩි දියුණු කිරීම තීරණාත්මක කරුණකි. සේවා නියුක්තිකයන්ගේ සමූහයේ කාර්මික සබඳතා උපදේශිකා අයෝමි ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටින්නේ  කම්කරු නීති සඳහා ප්‍රතිසංස්කරණ ගෙන ඒම ඉතාමත් වැදගත් බවයි. තවද ඇය පවසා සිටියේ ලංකාවේ 1950 දක්වා දිවෙන ඇතැම් නීති යාවත්කාලින කිරීමට හා ගෙන ඒමත්, සරල කිරීමට බොහෝ කාලයක පටන් උත්සාහ දරා ඇති නමුදු  ප්‍රගතිය  සීමා සහිත බවයි .  

ආයෝජකයන් ස්වභාවයෙන්ම අධෛර්යමත් වන බව පෙන්වා දෙමින් ඇය කියා සිටියේ “සමහර  නීති පුද්ගලයන් රැකියාවකින් රැකියාවකට මාරු වීමේදී බාධක පනවන බවයි”.

නීති සම්පාදනය වී තිබුණේද නූතන වෙළදපළ සැලකිල්ලට ගැනීමෙන් තොරවයි.-උදාහරණයක් ලෙස බොහෝමයක් දේශීය කාර්යාල අනෙකුත් කාල කලාපයන් වල කටයුතු කරන සිය සගයන් සැලකිල්ලට ගතයුතුය.වර්තමානයේ  ඔවුන්ට ඒ සඳහා අමතර දීමනාක්ද සිදු නොකෙරේ. තවද ස්වාධීන සහ අර්ධ කාලීන පදනමින් සේවා සැපයීමටත් කැමති අයත්  නිවසේ සිට වැඩ කිරීමට කැමැත්තක් දක්වන්නන්වත් සැලකිල්ලට ගනු ලබන නීති රීති සඳහන් නොවීම සේවායෝජක සහ සේවාදායක යන දෙපිරිසම අභියෝගයන්ට ලක් කරණ කරුණකි.

මේ අතරතුර,ශ්‍රී ලංකාවේ අවිධිමත් අංශය තුළ පවතින කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විධිමත් කිරීම සඳහා උපකාර කළ යුතු බව රැල්ෆ් ප්‍රකාශ කර සිටියේ, මෙමගින් ඔවුන්හට ආයතනික සහය ලබා ගැනීම, වර්ධනය සඳහා උපකාරී වන අන්දමින් වෙලදපළ සබඳතා සහ මූල්‍යමය රැකවරණය ලබා ගැනීමට හැකිවේ. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව  තක්සේරු කර ඇත්තේ,සේවා නියුක්තිකයන්ගෙන් 60% පමණ අවිධිමත් ක්ෂේත්‍රෙය් රැකියා වල නිරතවන බවයි. මෙහිදි සිදු විය යුත්තේ එවන් සේවා නියුක්තිකයන් හට රැකවරණය සැපයීමයි.


වඩාත්ම අවදානමට ලක් විය හැකි පුද්ගලයන්හට ආරක්ෂාව සැපයීම

ලෝකයේ වේගයෙන් වයස්ගත වන ජනගහණයක් සහිත රටක් වන ලංකාව සුළුතරයක් වන උපයන්නන්ය‍ගෙන් සහ බහුතර යැපෙන්නන්ගෙන් සමන්විත රටක් බවට පත්වෙමින් සිටියි.. රැකියා අපේක්ෂිතයන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවක් ලෙස විශ්‍රාම අරමුදල දක්වන ගනේෂන් කියා සිටින්නේ පෞද්ගලික අංශය සඳහා ප්‍රයෝගික වන ආකාරයේ විකල්පයන් හඳුන්වා දිය යුතු බවත් ඒ සඳහා පෞද්ගලික විශ්‍රාම වැටුප් සපයන්නන් හට සඳහා ශ්‍රී ලංකාව තුළ ඊට ඉඩක් ලබා දිය යුතු බවත් ය.රැල්ෆ් කියා සිටින්නේ විශ්‍රාම වැටුප් සැපයීමේ වපසරිය ක්‍රමයෙන් වැඩි කළ යුතු බවත් එහි රැකියාවකින් රැකියාවකට මාරුවීමේ හැකියාව වැඩි දියුණු කිරීම මගින් රාජ්‍ය අංශය සඳහා ඇති නැමියාව අඩු කිරීමට සහ අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන්හට රැකවරණය ලබා දීමත් සිදු කළ යුතුය.

සාකච්ඡා කරන ලද කරැණු අනුව ලංකාවේ පවත්නා ආරක්ෂණ වැඩසටහන් මඟින් ආවරණය කෙරෙන්නේ ඉතා සුළු ජන කොටසක් වන අතර එය වැඩි දියුණු විය යුතුය.මේ වන විට පෞද්ගලික අංශයේ සේවකයන්හට ලැබෙන්නේ සෑහීමකට පත් විය හැකි විශ්‍රාම ප්‍රතිලාභයන් නොවන අතර , එය හුදෙක් සුළු ගෙවීමක් හෝ විටෙක කිසිදු ගෙවිමක් නැතිවා වන්නට පුළුවන.”විශ්‍රාම ප්‍රතිසංස්කරණ,අප වයස් ගත වන විට,ඉතාමත් වැදගත් වන අතර,එසේ නොවේ නම් රටේ වයස්ගත වන ජනගහනය වැඩිහිටි දරිද්‍රතාවයකට මුහුණපානු ඇති” බවද ගනේෂන් ප්‍රකාශ කර සිටියේය.

අයෝමි අනතුරු අඟවා සිටියේ මෙහි ඇති ස්ත්‍රී පුරුෂ භාවය පිළබඳ ගැටළුවද නොසලකා හැරිය යුතු නැති බවයි.’ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ඇති සැබෑ ගැටළුව වන්නේ  එය සේවා නියුක්තිය හා බැඳි පැවතීම සහ අප දකින ආකාරයට 50% පමණ වන කන්තාවන් රැකියාවක නිරත නොවන අතර වැඩි කාලයක් ජීවත් වන්නේ ඔවුන් ය.ඔවුන් පුරුෂයනට වඩා වසර 8ක් ජීවත් වන අතර-විශ්‍රාම වැටුප් සඳහා ඔවුන්ට හිමිකමක් නැත.මේ නිසා විශ්‍රාම වැටුප්, සේවා නියුක්තියෙන් වියුක්ත කළ යුතුය.

අවසානයේදී එළඹුනු එකඟතාවය වූයේ පෞද්ගලික අංශය හෝ රාජ්‍ය අංශය තනි තනිව ආර්ථිකය රැක ගැනීමට නොවෙහෙසිය යුතු බවයි.”මූල්‍යමය සාක්ෂරතාවය ඇති කිරීමට අපි ක්‍රියා කළ යුතු අතර මිනිසුන් සිය මහළු කාලය සැලසුම් කිරීම සඳහා පෙළඹ විය යුතුය.”යැයි විග්නරාජා පැවසීය.

”අප සිටින සාර්ව ආර්ථික තත්ත්වය යටතේ,සියලුම දේවල් ඉටු කිරීමට රජයට හැකියාවක් නැත.මා සිතන්නේ මේ යථාර්තය අවබෝධ කර ගැනීමට මිනිසුන් ක්‍රියා කළ යුතු බවයි“ ඔහු තවදුරටත් පැවසීය.



Api
Api