Learn how the World Bank Group is helping countries with COVID-19 (coronavirus). Find Out

විශේෂාංග කථාව 2018, ඔක්තෝම්බර් 9

අඩක් පිරුණු වතුර වීදුරුවක්: දකුණු ආසියානු කලාපීය වෙළදාමට සුභවාදී ගමන්මගක්" නමැති වාර්තාවේ ගෝලීය ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ එළි දැක්වීම

Image

A Glass Half Full: The Promise of Regional Trade in South Asia report launch in Sri Lanka. The report explores the potential of open regionalism, suggesting how policymakers can maximize this to drive economic growth across the region and support deeper global integration.

World Bank


විශේෂ කරුණු

  • ආසන්නව පිහිටා තිබීමේ ප්‍රතිලාභ ජනතාවට අත්විදීමට ඉඩ නොතබමින්, ප්‍රදේශයේ රටවල් එකිනෙකාට වෙළෙඳ බාධා ඔසවා ඇත.
  • තරඟයට මුහුණ දීමෙන් ස්වදේශීය කර්මාන්ත වඩාත් ශක්තිමත් කළ හැකි අතර දකුණු ආසියාව පුරා සිටින පුරවැසියන්ට ඉහළ සේවාවන් හා අගයක් ලබා දිය හැකිය.
  • වෙළෙඳාම මඟින් විශ්වාසයේ ඇති දුරස් බවට පිළියම් යොදා වඩාත් ඉහළ කලාපීය අභ්‍යන්තරික සාමූහිකත්වයකට මං පෑදිය හැකිය.

වර්තමානයේදී, ශ්‍රී ලංකාව කොළඹ සිට ඉන්දියාවේ නගර 14ක් දක්වා ඍජු ගුවන් සබඳතා පවත්වාගෙන යන  අතර එය සතියකට ගුවන් වාර 147කි.එවැනි ශක්තිමත් බැඳීම් දකුණු ආසියානු කලාපයේ විරලය.නිදසුනක් ලෙස, කොළඹ සහ කත්මණ්ඩු නුවර අතර, කාබුල් හෝ පාරෝ (භූතානයේ එකම අන්තර්ජාතික ගුවන් තොටුපළ ප්‍රදේශය) අතර කිසිදු ඍජු ගුවන් ගමන් නොමැත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශික ගුවන් සබඳතාව දශක කිහිපයක සිට පැමිණෙන්නකි.ශ්‍රී ලංකාව අවස්ථාව දුටු  පමණින් එම අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගන්න ලදී.2003 වර්ෂයේදී ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම සඳහා වීසා බලපත්‍රවලට අවසර ලබා දීම වැනි අනෙකුත් ප්‍රතිපත්තීන් සමඟ ගුවන් සේවා ලිහිල්කරණයට සහය ලබා දුණි.

අද වන විට,කලාපයේ අනෙකුත් සියලු ද්විපාර්ශික ගුවන් තදබදයන් පරයමින් ඉන්දියා - ශ්‍රී ලංකා ගුවන් තදබදය ඉහළ ගොස් ඇත.2005 වර්ෂයේ සිට ඉන්දියානු සංචාරක පැමිණීම් තෙගුණයක් වී ඇති අතර ඉන්දියාව  ශ්‍රී ලංකාවට විශාල වශයෙන්  විදෙස සංචාරකයන් ගෙන එන මූලාශ්‍රය බවට පත් ව ඇත.ඒත් සමඟම ගුවන් භාණ්ඩ ධාරිතාව ඉහළ ගොස් ඇති අතර ගුවන් ප්‍රවේශ පත්වල මිල ගණන් පහත බැස තිබේ.

මෙය ලෝක බැංකුවේ නව වාර්තාවකින් ඵල කෙරෙන එක් සාර්ථක කතාවකි. A Glass Half Full: The Promise of Regional Trade in South Asia 

විවෘත කලාපවාදයට තිබෙන හැකියාව ගවේෂණය කරන මෙය, ප්‍රතිපත්ති සම්පාදකයින් මඟින් එය ඉහළ නංවා කලාපය හරහා ආර්ථික වර්ධනය ඇති කිරීමට මෙන්ම ගැඹුරු ගෝලීය ඒකාග්‍රතාවකට අත්වැල සපයන අයුරු පහදයි.

වාර්තාව එලි දක්වන අවස්ථාවේදී, ශ්‍රී,” ශ්‍රී ලංකාව හා මාලදිවයින භාර ලෝක බැංකුවේ අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය ප්‍රකාශ කළේ ලොව අඩුම වශයෙන් ඒකාග්‍ර වූ කලාපය ලෙස දකුණු ආසියාව රැඳී සිටින බවයි.නිදසුනක් ලෙස, නැගෙනහිර ආසියාවේ මුළු වෙළෙඳාමෙන් සියයට 50ක් කලාප අභ්‍යන්තර වෙළෙඳමෙන් වුව ද එය දකුණු ආසියාවේ මුළු වෙළෙඳාමෙන් සියයට 5ට තරමක් ඉක්ම වූ ප්‍රමාණයක් පමණි.ලොව නිර්ධනයින්ගෙන් සියයට 33ක පිරිසකට නිජබිම වන කලාපයකට මෙහි ඇඟවීම් ඇත.


"කිසිවකුට තවදුරටත් රටේ මායිම් වලින් එහා අනෙකුත් රටවල් සමඟ කරන වෙළෙඳාමට බිය වී සිටිය නොහැක. එම කාලය හා ශක්තිය මායිම් තීරු විවෘත කළ විට හොඳින් වැය කළ හැක.මෙම නව තරඟයට නිරාවරණය වන සමාගම් හා නිෂ්පාදිතවලට තරඟකාරීව රැඳී සිටිය හැකි වනු ඇත. "
Idah Idah Pswarayi-Riddihough
යි ඇය පැවසුවේය.

Image

Sanjay Kathuria, author of the report, and Lead Economist and Coordinator, South Asia Regional Integration, in the World Bank’s Macroeconomics, Trade, and Investment Global Practice.

World Bank


බොහෝ දකුණු ආසියාතික රටවල් ඔවුන්ගේ අසල්වැසින් සමඟ නොව දුරස් ආර්ථිකයන් සමඟ ඉතා ඉහළ මට්ටමින් වෙළෙඳාම් කරයි.

ලෝක බැංකුවේ සාර්ව ආර්ථික,වෙළෙඳ හා ගෝලීය ආයෝජන ප්‍රතිපත්තියේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මෙන්ම වාර්තාවේ කතෘ සන්ජේ කතුරියා පැවසූයේ, “මිනිසා සහ ස්වභාදහම යන දෙකම කලාපය එකිනෙකාගෙන් වෙන් කිව පැවතීමට හේතු සාධක වීමුත්, මුලිකවම මිනිසා විසින්ම  කලාපය කොටස් කිරීමට උපක්‍රම යොදා රටවල්වලට මෙන්ම ජනයාට රටවල් එකිනෙකට පිහිටා තිබිමෙන් ඇති වරප්‍රසාද අහිමි කර ඇත.”යන්නයි.

වාර්තාවට අනුව, දකුණු ආසියාව තුළ වර්තමානයේ වෙළෙඳාම් කෙරෙන භාණ්ඩ ප්‍රමාණය බිලියන 23ක් වන මුත්, එය බිලියන 67ක අගයක් දක්වා වැඩි කළ හැකිය. සත්‍ය අපනයන වටිනාකම හා තවදුරටත් අපනයනය කළ හැකි ප්‍රමාණය අතර ඇති විශාල පරතරය ඇති වන්නේ දකුණු ආසියාතික රටවල් ක්‍රියාකාරීව එකිනෙකාට අභිබවා කටයුතු කිරීම හේතුවෙනි.

ඉහළ තීරු බදු සහ ආරක්ෂණවාදී බදු දකුණු ආසියාවේ සුලභ ය.2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ රේගු බද්ද මතට එක් වූ ආරක්ෂණවාදී බද්ද මඟින් අදහස් වූයේ සාමාන්‍ය තීරු බදු සියයට 10.8 සිට 22.4ක් දක්වා දෙගුණයකට වඩා වැඩි වූ බවයි.එම නිසා, පුරවැසියන්ට ඉහළ මිලක් ගෙවීමට සිදු වූ බැවින් බිල්පත තබා ගෙන සිටින්නට සිදු වුණි.

දකුණු ආසියානු නිදහස් වෙළෙඳ කලාපය (SAFTA) තිබුණද අසල්වැසියන් සමඟ වෙළෙඳාම් කිරීම “නිදහස්” නොවේ. SAFTA හි සහනදායක තීරු බදු යටතට දිගු නිෂ්පාදිත ලැයිස්තුවක් ඇතුළත් නොවීම ඊට හේතුවයි. දකුණු ආසියාවෙන් ශ්‍රී ලංකාවට සිදු කෙරෙන ආනයනවලින් සියයට 44ක් පමණ ද ශ්‍රී ලංකාවෙන් දකුණු ආසියාවට සිදු කෙරෙන ආපනයනවලින් සියයට 23ක් පමණ ද මෙම “සංවේදී ලැයිස්තුවට” ඇතුළත් වේ.වාර්තාව එළිදැක්වීමේ දී මණ්ඩල සාකච්ඡාවක් අමතමින් Advocata ආයතනයේ සාමාජික, රවී රත්නසභාපති මහතා පැවසූයේ විවිධ රටවල් බොහොමයක් තමන්ට හැකි අයුරින් බොහොමයක් අංශ රැක ගැනීමට රටවල් පෙළගැසී ඇති බවයි.“ලොව ශ්‍රී ලංකාවෙන් සිදු කරන හොඳම අපනයන 20න් 15ක් ඍණාත්මක ලැයිස්තුවට හෝ කිසියම් වර්ගයක තීරු බද්දකට යටත් වේ.ඉන්දියාවේ හොඳම අපනයන 20න් හතකට පමණක් පෙර නොලැබුණු කිසියම් ආකාරයේ සහනයක් හිමි වී ඇත.”

දුර්වල ප්‍රවාහනය සහ ගබඩාකරණය, දුර්වල යටිතල පහසුකම් මෙන්ම විනිවිදබාවයක් නොමැති තීරු බදු පැනවීම් හේතුවෙන් කලාපය තුළ වෙළෙඳ පිරිවැය තුළ සමානුපාතික නොවන ඉහළ යාමක් දක්නට ලැබේ.නිදසුනක් ලෙස, ශ්‍රී ලංකාවට නේපාලය සමඟ වෙළෙඳාම් කිරීමට වඩා බ්‍රසිලය සමඟ වෙළෙඳාම් කිරීමේ පිරිවැය අඩු ය.තවද, සේවා වෙළෙඳාම මත පනවා ඇති බාධක මෙන්ම ප්‍රමාණවත් නොවන කලාප අභ්‍යන්තරික ඍජු විදෙස් ආයෝජන, සේවාවන්හි  මෙන්ම  කලාපයේ වටිනාකම් දාම ය වැනි විවිධ අංශවල   කලාපීය වෙළෙඳ හැකියාවන් පසුබට කරයි.

ඉහළ නංවන ලද කලාප අභ්‍යන්තරික වෙළෙඳාමෙන් බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැක්කේ දේශපාලකයන්ට නොව, පුරවැසියන්ටයි.

Verité පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා, මඬුළු සාමාජික, සුභාෂිණී අබේසිංහ මහත්මිය “රටවල්වල තහනම් තීරු බදු තිබෙන්නේ ඇයි? “දැයි විමසුවාය.ඇය ඒවායේ පැවැත්ම පිළිබඳ තවදුරටත් ප්‍රකාශ කළාය. තවද දේශීය මිල අන්තර්ජාතික මිලට වඩා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නාය.“මින් අදහස් වන්නේ දැඩි සෙයින් ජාත්‍යන්තරිකව තරඟකාරී නොවන දේශීය කර්මාන්ත විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තරයට සාපේක්ෂව මෙම කලාපයේ තිබෙන බවයි.“ මේ නිසා පාරිභෝගිකයන් සඳහා මෙය ගුණාත්මක බවින් අඩු භාණ්ඩවලට ඉහළ මිලක් ගෙවීමට සිදුවේ .

The Lion Brewery Ceylon නම් ස්කාගාරයෙහි විධායක අධ්‍යක්ෂ, සුරේෂ් ශා මහතා ඒත්තු ගන්වමින් පැවසූයේ ශ්‍රී ලාංකික ව්‍යාපාර සත්‍ය වශයෙන්ම ජය ගැනීමට නම් අන්තර්ජාතික තරඟයට මුහුණ දිය යුතු බවයි. ඔහු ක්‍රිකට් සාම්‍යයක් ආශ්‍රයෙන් පෙන්වා දුන්නේ “අපිට ටෙස්ට් විකට් 800ක් ලබා දුන් මුරලිදරන් සිටියි.මුරලිදරන් දේශීය ක්‍රිකට් පමණක්  ක්‍රීඩා කළේ නම්.......මුරලි මුරලිම වනු ඇතිද?සංගා යනු ලොව මෙතෙක් දුටු විශිෂ්ඨතම වමත් පිතිකරුය.සංගා දේශීය ක්‍රිකට් පමණක් ක්‍රීඩා කළේ නම් සංගා සංගා ම වනු ඇතිද?ඊට හේතුව නම් මොවුන් රටින් පිටට ගොස් ඔවුන් සිටිය යුතු තැන සම්පූර්ණ කළ බැවිනි.“

 


#එක දකුණු ආසියාවක්:ඉතා යහපත් කලාප අභ්‍යන්තරික සබඳතාවන්ට වෙළෙඳාමෙන් අත්වැල් සැපයිය හැක.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා  කලාප අභ්‍යන්තරික වෙළෙඳාමේ කාර්යසාධනය ඉතා කළකිරීමෙන් විස්තර කළ නමුදු මෙය ද ඊට එක් කළේය. “වෙළෙඳාම සහ ආයෝජනය ගත් කළ පසු බැලුම්  කණ්ණාඩියෙන් පෙනෙන දසුනට වඩා වින්ඩ්ස්ක්රින්  එකෙන් දකින දසුන වඩාත් ධනාත්මක වේ.“

මේ වනවිටත් බොහෝ ව්‍යාපාරයන් විශිෂ්ඨ නිර්මාණ පැමිණෙන තෙක් බලා නොහිඳ , තම ව්‍යාපාර ඉදිරියට යා හැකි  අවස්ථා මැනවින් ප්‍රයෝජනයට ගෙන ඇති බව  ඔහු තවදුරටත් පැවසුවේය.ඉන්දියාවේ ඊසාන ප්‍රදේශය, නේපාලය, බංගලාදේශය හා භූතානය වැනි ප්‍රදේශ අතර සාමූහිකත්වය මඟින් මහා මාර්ග හා දුම්රිය මාර්ග වර්ධනය කොට ඇති අතර සැලැස්මන් බෙදා ගනිමින්, ජල කළමනාකරණය ද කොට ඇත.ශ්‍රී ලංකාව, කලාපයේ වාසිදායකම ස්ථානයේ පිහිටා තිබීම නිසා ශ්‍රී ලංකාවටද මේ අතරින් ඉතා වැදගත් ස්ථානයක් හමු වී ඇත

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙලදාම පිලිබද අමාත්‍ය ගරු මලික් සමරවික්‍රම මහතා පැවසූයේ, අපට ආසන්න වශයෙන්ම තිබෙන දකුණු ආසියාව සමඟ කරන අප රටේ අපනයන ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛත්වයක් දියයුතු බවයි.

ශ්‍රී ලංකාවට දකුණු ආසියාව සඳහා සිදු කරන අපනයනය ඩොලර් බිලියන 1.2 සිට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3ක් දක්වා වැඩි කළ හැකි බැව් වාර්තාවෙන් හෙළිදරව් විය.

විශ්වාසය වෙළෙඳාම ප්‍රවර්ධනය කරයි.වෙළෙඳාම විශ්වාසය නංවාලයි.එමඟින් එකිනෙක රටවල් මත යැපීම මෙන්ම  සාමයේ අනුපූරකයන් ද වර්ධනය කරයි.කලාපයේ රටවල් අතර විශ්වාසය ගොඩනැංවීම ඔවුන්ගේ සමස්ත වර්ධනයේ අපහසුම කොටසකි.වෙළෙඳාමට විශ්වාසය ගොඩනැංවිය හැකි අතර එමඟින් කලාප අභ්‍යන්තරික සබඳතා තවත් ශක්තිමත් විය හැක

“ගෝලීය වෙළෙඳාමේ ඒකාග්‍රතාව පිළිබඳ විශාල අස්ථීරබවක් තිබෙන යුගයක, කලාපීය ඒකාග්‍රතාව මඟින් අපට ලබා ගැනීමට ඇති දෑ බොහෝය.... මෙය අපගේ සියලු රටවල්  සාමූහිකව වැඩ කළ යුතු න්‍යාය පත්‍රයකි.ඉන් අපට සැබෑ දියුණුවක් අත්පත් කරගත හැකිය.”

 



Api
Api