Skip to Main Navigation
Results Briefs 2018, සැප්තැම්බර් 14

ලංකා‍වේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මීළඟ මට්ටම කරා ඔසවා තැබීම

Image


“With support from the World Bank and other partners, we have been able to improve the quality of health services through providing emergency services that treat 10 to 12 patients per day for traffic accidents and poisonings. An electronic registration and records system have also reduced wait times for patients from two hours to one hour for most care. Before, patients had to go to Kandy for emergency care, but they can now come to our district level hospital which now have the facilities and staff training to help them.” -Dr. Shaminder Weerakoon, Hospital Head for the District Base Hospital Theldeniya in Central Province

Joe Qian/World Bank


සියළුම ශ්‍රී ලාංකිකයකයන් ආවරණය වන සෞඛ්‍ය පද්ධතියක් සමඟ රටෙහි සෞඛ්‍ය දර්ශකයන් මේ වනවිට වඩාත් හොඳ ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වඩාත් සමෘද්ධිමත් වී ඇති අතර ජනතාව දිගු කාලයක් ජීවත් වුවඳ, හෘද රෝග, පිළිකා වැනි බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වි ඇති බැවින් මෙම අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි වෙනසක් .

අභියෝගය

අඩු හා මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස මාතෘ හා ළමා සෞඛ්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා‍ව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර බෝ නොවන රෝග වලට විසඳුම් ලබා දී ඇත. දකුණු ආසියාවේ ප්‍රමඛ දර්ශකයන්ට අනුව රටෙහි මාතෘ මරණ අණුපාතය සජීවි උපත් 100,000ට 33.8 ක්, ළඳරු මරණ අනුපාතය සජීවි උපත් 1,000ට 9 ක් හා උපතේදී ආයු අපේක්ෂාව අවු.75.3 ක් වේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට පුළුල් ලෙස පිවිසීම හා සමෘද්ධියෙහි වර්ධනය තුළින් ශ්‍රී ලංකාවෙහි ජනගහන වයස් සීමාවට අනුව වසංගත සංක්‍රමණ වැඩි වී ඇත. මෙය බෝ නොවන රෝග(දියවැඩියාව, පිළිකා, හෘද රෝග, මානසික සෞඛ්‍ය ගැටළු ආදිය ) හා තුවාල වැනි උග්‍ර ආබාධ වැඩිවීම දක්වා වර්ධනය වේ.

ඒ සමඟම ක්ෂය රෝගය, ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා වැනි බෝ නොවන රෝග වලට රට තවමත් මුහුණ දේ. තවද මව්වරුන් හා දරුවන් අතර මන්දපෝෂණය සැළකිය යුතු ලෙස වර්ධනය වී නොමැති අතර වසරකට බිහිවකන දරුවන්ගෙන් 16.8% ක් අඩ උපත් බරක් සහිතව උපදින අතර අවු.05ට අඩු දරුවන්ගෙන් 17% ක් ඔවුන්ගේ වයසට වඩා මිටිය.

වෛද්‍ය ප්‍රතිකාර වලින් 50%ක්, රෝහල් ගතවීම් වලින් 95% ක් හා රටෙහි රෝග වැළැක්වීමේ අවශ්‍යතාවයෙන් 99% ක් මහජන සෞඛ්‍ය පද්ධතිය මඟින් ඉටු වේ. එබැවින් සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ කාර්යක්ෂමතාව සහ ගුණාත්මක භාවය ඉහළ නැංවීම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ යහපතට හේතු වේ.

Image
Pharmacists preparing medication for patients. Over 80% of Sri Lanka's Primary Care Facilities now have an ample supply of 16 essential drugs to treat NCDs.


Image
75.3 years

life expectancy for the average Sri Lankan.


විසඳුම

මෙම අභියෝගයනට මුහුණ දීම සඳහා ලෝක බැංකුව තාක්ෂණික හා මූල්‍ය ආධාර මඟින් මධ්‍යම ආදායම් ලබන රටවල ප්‍රමිතියන්ට අනුකූලව සෞඛ්‍ය ක්ෂේත්‍රෙයහි දියුණුවක් ඇති කරමින් ජාතික සෞඛ්‍ය සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා දේ. මහජන සෞඛ්‍ය පද්ධතියේ ක්‍රියාකාරිත්ව ප්‍රමිතීන් වැඩි දියුණු කිරිම හා මන්දපෝෂණය හා බෝ නොවන රෝග වැනි අභියෝගයන්ට වඩාත් හොඳින් ප්‍රතිචාර දැක්වීමට එය උපකාරී වේ. මෙය සාක්ෂාත් කරගැනීම සඳහා පහත ක්ෂේත්‍ර වැඩි දියුණු කළ යුතුය:

  • මාතෘ හා ළමා සෞඛ්‍ය සේවයෙහි තත්වය
  • වඩා වැඩි වශයෙන් හා වඩා හොඳින් හදිසි ප්‍රතිකාර සැපයීම
  • බෝ නොවන රෝග වැළැක්වීම හා පාලනය කිරීම
  • සෞඛ්‍ය ක්ෂේත්‍රෙයහි නවෝත්පාදනය, ප්‍රතිඵල නිරීක්ෂණය හා ධාරිතාව ඉහළ නැංවීම

බෝ නොවන රෝග වල අවධානම පිළිබඳ වැඩිහිටි ප්‍රජාව දැනුවත් කිරීම, දිගු කාලීන රෝග හඳුනාගැනීම හා පාලනය සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකා රජයට උපකාර වේ. ගැබිණි කාන්තාවන් හා අවු.05ට අඩු දරුවන්ගේ රැකවරණය පිළිබඳ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට හා සියළු හදිසි අනතුරු සඳහා ලබා දෙන කාලෝචිත හා ගුණාත්මක රැකවරණ පහසුකම් සැළසීමට එය උපකාරී වේ. සෞඛ්‍ය අමාත්‍යංශ හා පළාත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට තම කාර්යන් වඩාත් ඵලදායී ලෙස ඉටු කර ගැනීමට ධාරිතා ගොඩනැංවීවේ වැඩසටහන් උපකාරී වී ඇත.

Image
“I’ve worked here for 20 years and I’ve seen a big difference in terms of the quality of care for patients and accountability of our service as the hospital has transitioned from a district to Base Hospital.” -Sister Sharma (on the right), Nurse of the District Base Hospital Theldeniya in Central Province.


ප්‍රතිඵල

සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමේ දෙවන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ, පෝෂණය හා බෝ නොවන රෝග වැනි, අතිරේක අවධානයක් අවශ්‍ය වන සෞඛ්‍ය ක්ෂේත්‍ර වලට අවධානය යොමු කිරීමට උපකාරී වී තිබේ. මීට අමතරව ජාතික සෞඛ්‍ය වර්ධන සැළැස්ම සඳහා ආධාරකයක් වන දර්ශක 20ක් තුළින් සෞඛ්‍ය සේවා සැපයුම් වල ගුණාත්මක භාවය සහ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි දියුණු කර රටේ සෞඛ්‍ය සේවකයන්ගේ කුසලතා හා දැණුම යාවත්කාලීන කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් ඉටුවේ. වසර 05ක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය 2018 සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතිය අවසන් වන විට:

  • ගුණාත්මක මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා රට පුරා සායන 40,000 ක් සූදානම් හා පුහුණු කර ඇත.
  • ළඳරු පෝෂණය, ව්‍යායාම සහ උපදේෂනය වැනි සෞඛ්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සඳහා වෛද්‍ය නිළධාරීන්ගේ නායකත්වය සපයනු ලබන සෞඛ්‍ය හා පෝෂණ ප්‍රජා සත්කාර කණ්ඩායම් ඇති කර ඇත.
  • සෞඛ්‍ය සඳහා 10න් 9 කට වැඩි වෛද්‍ය නිළධාරීන් සංඛ්‍යාවක් මඟින් බෝ නොවන රෝග හඳුනාගැනීම-බිම් මට්ටමේ ප්‍රජාම සඳහා නිවාරණ හා මහජන සෞඛ්‍ය සේවාවන් සැපයීමට අවම ලෙස සෞඛ්‍ය සම්පන්න ජීවනරටා මධ්‍යස්ථාන දෙකක් බෝ නොවන රෝග හඳුනාගැනීම හා උපදේෂණ සේවා සැපයීම සඳහා සහාය දීම.
  • බෝ නොවන රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 16ක් අඛණ්ඩව සැපයීමේ හැකියාව  ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් මධ්‍යස්ථාන 890කින් 81% ඇති කිරීම
  • ආබාධිත පුද්ගලයන් සඳහා පුණුරුත්තාපන සේවා පිළිබඳ ජාතික මාර්ගෝපදේශන ඇති කිරීම, පළාත් 9න් 8කම මෙම සේවාව සැපයීම සඳහා අවම වශයෙන් එක් පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් සමන්විතය.
  • රෝහල් පරීක්ෂණාගාර තත්ව අධීක්ෂණයක් ලබාදීම තුලින් මේ වනවිට 95.7%ක රෝහල් පරීක්ෂණාගාර , වෛද්‍ය පරීක්ෂණ ආයතන මඟින් පවත්වනු ලබන රසායණාගාර පරීක්ෂණ සඳහා ගුණාත්මකභාවය සහතික කිරීමේ වැඩසටහන අනුගමනය කරයි.
  • පිළිවෙලින් 10%ට වඩා අඩු සංඛ්‍යාවක සිට 46% දක්වා හා 20% ට වඩා අඩු සංඛ්‍යාවක සිට 77% දක්වා හදිසි අනතුරු හා හදිසි අනතුරු කළමණානරණය කිරීම සඳහා මාර්ගෝපදේශනය හා ප්‍රතිපත්ති සකස් කිරීම මඟින් හදිසි අනතුරු ප්‍රතිකාර ඒකක නැංවීම හා පළාත් සෞඛ්‍ය පහසුකම් නැංවීම.
  • නිරන්තරව හා ඉලෙක්ට්‍රොනිකව රෝග දත්තවාර්තා කිරීම සඳහා මධ්‍යමව හා පළාත්බදව පාලනය වන සෞඛ්‍ය සේවා පහසුකම් සළසා දීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියට හා  පාලකයන්ට සහයෝගය ලබා දීම.
  • රෝගීන්ගේ තෘප්තිය වැඩි කිරීම, රැදී සිටින කාලය අඩු කිරීම, වඩා හොඳ ආසාදන පාලනය මඟින් රෝහල්වල ගුණාත්මක භාවය වැඩි කිරීම-මධ්‍යගතව පාලනය වන රෝහල් වලින් 100% ක හා පළාත් මට්ටමින් පාලනය වන රෝහල් වලින් 91%ක තත්ව කළමනාකරණ ඒකක ක්‍රියාත්මක කිරිම සඳහා මාර්ගෝපදේශනය හා ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම.

Image
Patients now have more access to services throughout hospitals across Sri Lanka.

බැංකු සමූහ දායකත්වය

ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ මූල්‍යාධාරයෙන් ලෝක බැංකුව ඩොලර් මිලියන 200ක මූල්‍යාධාර සපයනු ලබයි. ජාතික සෞඛ්‍ය සංවර්ධන සැළැස්ම යටතේ උපයෝගී වන සම්බන්ධිත දර්ශක මඟින් ප්‍රමුඛතා ක්ෂේත්‍රය සඳහා ආධාර කරන ලඳ I වන අයිතම සඳහා රු.මිලියන190 ක මුදලක් වෙන් වේ.ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් නවිකරණය, ප්‍රථිඵල නිරීක්ෂණය හා ධාරිතාව ඉහළ නැංවාමේ IIවන අයිතම සඳහා වෙන් කර ඇත. අද වන විට මුළු උපයෝජනය 87.69% ක් වන අතර 2018 සැප්තැම්බර් මස මෙම ව්‍යාපෘතිය නිම කිරිමෙන් සම්පූර්ණ  උපයෝගීතාව ලබා ගත හැක.

හවුල්කරුවන්

සෞඛ්‍ය අමාත්‍යංශය, පළාත් පාලන අමාත්‍යංශය හා පළාත් සභා, සහ ශ්‍රී ලංකා රජය

ඉදිරි ගමන්මඟ

IBRD ණය මුදලක් මත රාජ්‍ය සහයෝගිතා රාමුව (2016-20) එකඟ වී ඇති පරිදි රජය විසින් 2018 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු බැංකුව සෞඛ්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ නියැලීමට ඉඩ ඉල්ලා ඇත. ඒ අනුව 2018 සැප්තැම්බර් මස සිට ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය(PSSP) සංවර්ධනය කර ඇති අතර වසර 05ක් සඳහා එය ක්‍රියාත්මක වේ. ලෝක බැංකු මූල්‍යනය අතිරේකව ශ්‍රි ලංකා රජය විසින් අනුකලනය කරනු ලැබේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා භාවිතය, ප්‍රමිති වැඩිදියුණු කිරීම, තෝරාගත් ප්‍රදේශ වල අධි අවධානමක් සහිත ජන කණ්ඩායම් වල බෝ නොවන රෝග හඳුනා ගැනීම හා කලමණාකරනය පිළිබඳ අවධාරණය කිරීම ආදිය ව්‍යාපෘති අරමුණු වේ.ප්‍රතිපත්ති, ප්‍රමිති හා විවිධ ආධාරක පද්ධති ශක්තිමත් හා සංවර්ධනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය සහාය ‍වේ. මෙම ව්‍යාපෘතිය වඩාත් සංකීර්ණ, සම්බන්ධිත හා ජන කේන්ද්‍රගත බෙදාහැරීම් පද්ධතියක් සඳහා පදනම සපයයි. මෙහි ප්‍රථිඵලයන් ලෙස සෞඛ්‍ය පද්ධතිය තුළ බැංකුවේ මුල් දායකත්වය ශක්තිමත් කිරීම  අරමුණු වේ.

ප්‍රතිලාභ

“ලෝක බැංකුව හා අනෙක් පාර්ශවකරුවන්ගේ සහය ඇතිව මාර්ග අනතුරු හා විෂවිම් නිසා දිනකට රෝගීන් 10ත් 12 ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන හදිසි සේවාවන් තුළින් සෞඛ්‍ය සේවාවෙහි ගුණාත්මකබව ඉහළ නැංවීමට හැකිව ඇත. ඉලෙක්ට්‍රොනික ලියාපදිංචිය හා වාර්තා කිරීම මඟින් රෝගීන්ගේ රැදී සිටීමේ කාලය පැයකට හෝ පැය දෙකකට අඩු වී ඇත. පෙරදී හදිසි ප්‍රතිකාර සඳහා රෝගීන්ට මහනුවරට පැමිණීමට සිදු වූ අතර දැන් ඔවුන්ට දිස්ත්‍රික් රෝහල් වෙත පැමිණ සේවා ලබා ගත හැකිය. “- මධ්‍යම පළාතේ තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලෙහි ප්‍රධාන වෛද්‍ය, වෛද්‍ය ශමීන්ද්‍ර වීරකෝන් මහතා

විශේෂ පද

බෝ නොවන රෝග, මාතෘ හා ළමා සෞඛ්‍ය, සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි දියුණුව

වැඩිදුර දැනගැනීම සඳහා

https://www.worldbank.org/en/news/feature/2015/04/02/combating-non-communicable-diseases-  සෞඛ්‍ය- ප්‍රවර්ධනය- වැළකීම

https://blogs.worldbank.org/endpovertyinsouthasia/prevention-better-cure

බහු මාධ්‍ය

වතු අංශයේ පෝෂණය පිළිබඳ විෂ්ලේෂිත වීඩියෝවක් ලෝක බැංකු වෙබ් අඩවිවෙහි දක්වා ඇත; ඡායාරූප මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබාගෙන ඇත. පිවිසෙන්න:

https://www.worldbank.org/en/country/srilanka/publication/tackling-chronic-undernutrition-in-sri-lankas-plantations

https://www.youtube.com/watch?v=4Wei3LToGmQ