Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2021, නොවැම්බර් 9

ශ්‍රී ලංකාව තුල ජනතාව වෙනුවෙන් කරන ආයෝජනයන්ට හා වසංගතයෙන් ආර්ථිකය යලි ගොඩ නැගීමට දරන උත්සාහයන්ට ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය

2021 නොවැම්බර් 9 දින කොළඹදී - ලෝක බැංකුවේ දකුණු ආසියාව සඳහා වූ උප සභාපති හාට්විග් ෂේෆර් මහතා ශ‍්‍රී ලංකාවේ සිදුකරන ලද දින හයක  සංචාරය අද දින අවසන් කලේය. මෙම සංචාරය තුලදී ඔහු විසින් කොවිඩ්  වසංගතය තුලින්  ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩ නැගීමට දරන ප්‍රයත්නයේදී සියලූදෙනාම අන්තර්කරණය කරගනිමින් ශක්තිමත්ව ආර්ථිකය  යථාතත්වයට පත් කිරීම සඳහා  ලෝක බැංකු සහාය ශ‍්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන බව ප‍්‍රකාශ කළේය. තවද  ශ්‍රී ලංකාවේ  මානව ප‍්‍රාග්ධනය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය  ආයෝජනයන් සිදු කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළ සිටියේය.                                                                            

මෙම සංචාරයේදී ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතා  සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවැති රැස්වීම් වලදී ෂේෆර් මහතා  කොවිඩ් 19 වසංගතයෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකය නැවත යථා තත්වයට පත්කිරීම මුලික කරගත්  රජයේ සංවර්ධන  ප‍්‍රමුඛතාවයන් සහ ලෝක බැංකුව සහාය ලබාදෙන ප‍්‍රධානතම සංවර්ධන  ක්ෂේත‍්‍රයන්  පිළිබඳව  සාකච්ඡා කලේය. මීට අමතරව ෂේෆර් මහතා ශ‍්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ, ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරීන්, පෞද්ගලික අංශය සහ සංවර්ධන නියෝජිතායතනවල නියෝජිතයින්ද හමුවිණි.

“ශ‍්‍රී ලංකාවේ ජනතාව කොවිඩ් 19 වසංගත තත්වයට ඉතා ශක්තිමත්ව සහ ධෛර්ය්‍යය සම්පන්නව මුහුණ දෙන බව අපට පෙනෙනවා. එමෙන්ම මාර්ගගතව (online) පාසල් අධ්‍යාපනය ලැබීමේදී මුහුණුදුන් විවිධ තාක්ෂණික බාධා ජයගැනීමට ධෛර්යමත්ව කටයුතු කළ සිසුන් පිළිබඳව  සහ වයස්ගත පුද්ගලයින් එන්නත් කිරීම  සඳහා  දැඩි කැපවීමකින් කටයුතු කළ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පිළිබඳ කතා නොයෙකුත් පුවත් ද  මට අසන්නට ලැබුණා” යැයි ලෝක බැංකුවේ දකුණු ආසියාව සඳහා වූ උප සභාපති හාට්විග් ෂේෆර් මහතා පැවසීය. “ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ මෙම අධිෂ්ඨානශීලී ජීවගුණය මම ඉතා අගය කොට සලකන අතර ශ‍්‍රී ලංකාවට නැවත යථා තත්වයට පත්වීමට අවශ්‍ය සහයෝගය ලෝක බැංකුව විසින්  අඛණ්ඩව ලබාදෙනවා” යැයි එම මහතා තව දුරටත් පැවසීය.

ශ‍්‍රී ලංකාවේ මානව ප‍්‍රාග්ධනය ඉහළ නැංවීම වේගවත් කිරීම: අනාගත ඵලදායීතාවය වැඩිදියුණුව සහ ආර්ථික වර්ධනය සඳහා පරසරහිතකාමී, ශක්තිමත්, ඕනෑම තත්වයකට  ඔරොත්තුදෙන සහ සියලු ජනතාව අන්තර්ගත වූ සංවර්ධනයක් සහතික කිරීම පිළිබඳව පැවැත්වුණු අමාත්‍යාංශ මට්ටමේ ප‍්‍රතිපත්ති සංවාදයකදී ශ‍්‍රි ලංකාව ලෝක බැංකුවේ මානව ප‍්‍රාග්ධන ව්‍යාපෘතියට නව සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වී සිටින බව ප‍්‍රකාශයට පත් කලේය. මෙම රැස්වීමේදී අන්තර්කරණය වූ ආර්ථික වර්ධනයක් සඳහා මානව ප‍්‍රාග්ධනය ඉහළ නැංවීම කඩිනම්  කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.  ලෝක බැංකුව, ශ‍්‍රී ලංකා රජය සහ අනෙකුත් සංවර්ධන නියෝජිතායතන සමඟ මිනිසකුගේ ජීවන චක්‍රය පුරාවට අවශ්‍යවන  සෞඛ්‍ය, අධ්‍යාපන සහ  සමාජ ආරක්ෂණ අවශ්‍යතා ඒකාබද්ධ හා පරිපූර්ණ ප්‍රවේශයක් ඔස්සේ  සපුරාලීමටඑක්ව කටයුතු කරනු ඇත.

“ලෝක ආර්ථිකයේ තරගකාරී අන්දමින් කටයුතු කිරීම සඳහා මානව ප‍්‍රාග්ධනය වඩාත් ශක්තිමත් කිරීමට ශ‍්‍රී ලංකාවට හැකියාව පවතිනවා යැයි” ෂේෆර් මහතා ප‍්‍රකාශ කලේය. “පරිසර හිතකාමී, ඕනෑම දෙයකට ඔරොත්තු දිය හැකි, සියලු දෙනාම ඇතුළත්වූ ආර්ථික යලි පන ගැන්වීමකට රට යොමු කිරීමට මිනිසුන් සඳහා කරන ආයෝජනයට රජය දරන කැපවීම වෙනුවෙන්  ශ්‍රී ලංකා රජයට මම සුභ පතනවා”.

ශ‍්‍රී ලංකාව මුහුණදෙන මූල්‍ය සහ සාර්ව ආර්ථික අභියෝගාත්මක තත්වයන් වසංගතය මගින් තවදුරටත් උත්සන්න කර තිබේ. ලෝකයේ ඉහළ යන ආහාර සහ තෙල් මිළගණන් හමුවේ  අහිතකර බලපෑමට ලක්ව දරිද්‍රතාවයෙන් සහ වඩාත් අවදානම් සහගත තත්වයන්ගෙන් පීඩාවිඳින පුද්ගලයින් මුහුණදෙන්නාවූ  අභියෝගයන්ට විසඳුම් ලබාදීම සඳහා රජය උත්සාහ දරමින් සිටි.

අතිගරු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී   ඔහු විසින් මෙම ගෝලීය ගැටළු සඳහා සාර්ථකව  මුහුණ දීමට ඔහු ගේ දැක්ම පිළිබඳව සාකච්චා කළේය. මෙහිදී බලශක්ති ක්ෂේත‍්‍රයේ පරිනාමනය සහ ගෝලීය වෙළඳපළ  තුල පවත්නා ඉල්ලුමට  සරිලන ලෙස ජනතාවගේ කුසලතා සංවර්ධනය , ආයෝජකයන්ට රට තුල ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය  ආයෝජන  වාතාවරණයන් සංවර්ධනය කිරීම  ආදිය ද මීට ඇතුලත්  වන බව ඔහු දක්වා සිටියේය. රාජ්‍ය ආයෝජනවලට සහාය දැක්වීමට පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීම සහ මූල්‍ය තත්වයන් හා සම්බන්ධ පීඩනය අවම කිරීම සඳහාවූ රජයේ ප‍්‍රතිපත්ති අතර මේවාට ප‍්‍රධාන ස්ථානයක් හිමිවේ.

මෙම සංචාරයේදී ෂේෆර් මහතා යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් වන ගාලූ කොටුව ද නැරඹීය. ලෝක බැංකුව මෙම ගාලූ කොටුව සංරක්ෂණය කිරීම සඳහා උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සහාය ලබාදේ. මෙම ව්‍යාපෘතිය මගින් ආරක්ෂාව සහ ජලගැලීම් පාලනයද සමගින් ප‍්‍රදේශයේ සංස්කෘතික උරුමය වැඩිදියුණු කිරීම සිදුවේ. මීට අමතරව කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ලබන කොළඹ නගරයේ ජලගැලීම් පාලනය කිරීම සහ ජිවන තත්වයන් නංවාලීම  සඳහා මේ වනවිට සිදු කර ඇති කටයුතු ද ෂේෆර් මහතා නීරීක්ෂණය කළේය.

තවද මෙම සංචාරය තුලදී ෂේෆර් මහතා විසින් ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සැපයුම්දාමයන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම  සඳහා අවශ්‍ය  ආරක්ෂාකාරී, අහිතකර කාළගුණික තත්වයන්ට ඔරොත්තුදෙන මහාමාර්ග ඉදිකිරීම සඳහා වූ ඩොලර් මිලියන 500 ක වටිනාකමකින් යුත්  මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහාවූ ගිවිසුමකටද අත්සන් තැබුවේය. මෙම අවස්ථාවට සමගාමීව ශ‍්‍රී ලංකාවේ මහා මාර්ග ආරක්ෂාව පිළිබඳ වාර්තාව එළිදැක්වීම සදහා මහාමාර්ග අමාත්‍යාංශය සමගින් විශේෂ උත්සවයක් පවත්වන ලදී.

 


සම්බන්ධ වන්න

කොළඹ
දිලිනිකා පීරිස්
+94 (011) 5561347
dpeiris@worldbank.org
වොෂින්ටන්
ඩයනා චන්ග්
+1 (202) 473-8357
dchung1@@worldbank.org
Api
Api