Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2020, ජූනි 30

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා පත්කරන ලද නව කළමනාකරු පිළිබඳ නිවේදනය කරයි

2020, ජූලි 1, කොළඹ –  චියෝ කන්දා යනු ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවෙහි නව කළමනකාරිණිය යි. නව හවුල්කාරීත්ව සංකල්ප රාමුවක් සංවර්ධනය කිරීම සහ ඩොලර් බිලියන 2.3ක පමණ සමස්ත ආයෝජන කළඹක් ඇය විසින් අධීක්ෂණය කරනු ඇත.

චියෝ කන්දා කොළඹ නගරය පදනම්ව සේවය කරනු ඇත. ෆාරිස් හදාද් සර්වෝස් විසින් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් සඳහා අධ්‍යක්ෂක තනතුර බාර ගන්නා අතර ඔහු නේපාලය පදනම් කරගෙන රාජකාරි ඉටුකරනු ඇත.

කන්දාගේ පත්වීම පැමිණෙනුයේ ශ්‍රී ලංකා රජය විසින් කොවිඩ් - 19 අර්බුදයේ ආසන්නතම සහ දිගු කාලීන සෞඛ්‍ය සහ ආර්ථික බලපෑම් යන කාරණා ද්විත්ත්වයටම පිළියම් සෙවීමට ක්‍රියා කරන කලක දී ය.

ශ්‍රී ලංකාව විසින් මෙතෙක් දුරට කොවිඩ් - 19 වසංගතයේ පැතිරීම වඩාත් සාර්ථකව සීමා කරමින් අර්බුදය කළමණාකරණය කර ඇත. ආර්ථික ප්‍රතිසාධනයට නව ජවයක් ලබා දීම සහ ජනතාවගේ රැකියා සහ ජීවනෝපායන් රැක ගැනීම දැන් තීරණාත්මක වේ,” යැයි ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු දේශ කළමනාකාරිණිය වන චියෝ කන්දා පැවසුවාය. “ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා සහය වීමට මීළඟ දේශ හවුල්කාරීත්ව රාමුව සූදානම් කිරීමට අපි එක්ව ක්‍රියා කරන සේ ම, ශ්‍රී ලංකා රජය සහ එහි මිනිසුන් සමඟ ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩනැඟීම මගේ ප්‍රමුඛතාවයි.” ඇය වැඩිදුරටත් පැවසුවාය.

1994 වර්ෂයේ දී තුරුණු වෘත්තිකයෙකු ලෙස ලෝක බැංකුව හා අත්වැල් බැඳ ගත් ජපන් ජාතිකයෙකු වන චියෝ, අප්‍රිකාව සඳහා ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු සහ ආර්ථික විද්‍යාඥයෙකු ලෙසත්, ටැන්සානියාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරිවරියක සහ පිලිපීනයේ ආයෝජන කළඹ කළමනාකාරිණියක ලෙසත් විවිධ තනතුරු හොබවා ඇත. ඇගේ වඩාත් මෑතක දී සිදු කළ පැවරුම වූයේ මෙහෙයුම් ප්‍රතිපත්ති සහ දේශ සේවා නියෝජ්‍ය සභාපති ධූරයෙහි  ප්‍රතිඵල ඒකකයෙහි කළමනාකාරිණියක ලෙස සේවය කිරීම යි.

 

 “තිරසාරාත්මක සංවර්ධනය සහ හවුල් සශ්‍රීකත්වය ප්‍රවර්ධනය කිරීමට පෞද්ගලික අංශය සහ සිවිල් සමාජ කණ්ඩායම් ඇතුළු සියලු සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව ක්‍රියාකිරීමට මම බලාපොරොත්තු වෙමි.” යැයි කන්දා වැඩිදුරටත් පැවසුවාය.

 

 

සංස්කාරක වෙත සටහන්:

ශ්‍රී ලංකාව:

ශ්‍රී ලංකාද්වීපයට තම දේශය ගෝලීය වසංගතයෙන් වළක්වා ගැනීමට, එය හඳුනා ගැනීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම, එහි මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට එරටට සහය ලබා දීමට ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකා කොවිඩ් - 19 ආපදා ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම්බාවයේ ඩොලර් මිලියන 215ක අගයකින් යුත් ව්‍යාපෘතිය ඔස්සේ සහයෝගය ලබා දෙනු ලැබේ. ශ්‍රී ලංකාවට එහි ආර්ථික කටයුතු යළි ආරම්භ කරන අවස්ථාවේ දී රටේ සූදානම්බාවය වඩා වර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 87.24 ක අතිරේක මූල්‍යකරණයක් ද මෙම ව්‍යාපෘතිය ඔස්සේ ම සපයා තිබේ. ප්‍රවාහනය, නාගරීකරණය, ජලය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුළු අංශ ගණනාවක ඩොලර් බිලියන 2.3ක අගයක ව්‍යාපෘති 20කින් ශ්‍රී ලංකාවේ ලෝක බැංකු ආයෝජන කළඹයන් සමන්විත වේ.


සම්බන්ධ වන්න

Colombo
Dilinika Peiris
+94115561325
dpeiris@worldbank.org
Washington D.C.
Yann Doignon
+1 202 473 3239
ydoignon@worldbank.org
Api
Api