Learn how the World Bank Group is helping countries with COVID-19 (coronavirus). Find Out

මාධ්‍ය නිරාවරණය 2018, සැප්තැම්බර් 20

ශ්‍රී ලංකාවෙහි දේශගුණික විපර්යාස මගින් ඇති වන බලපෑම වැළැක්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ලෝක බැංකුව පවසයි

Image

කොළඹ ,2018 සැප්තැමිබර් 20 - ඉහළ යන උෂ්ණත්වය හා වෙනස් වන වර්ෂාපතන රටාවන් ශ්‍රී ලංකාවට තර්ජනයක් වන අතර එමගින් දළ දේශීය නිෂ්පාදිතය හා ජීවන තත්වයන් කඩා වැටිය හැකි බව නව ලෝක බැංකු වාර්තාවක් සදහන් කරයි.

දකුණු ආසියාවෙි දේශගුණ විපර්යාස බලපෑම් උච්ච වන ස්ථාන: : උෂ්ණත්වයේ බලපෑම හා ජීවන තත්වයේ ඇතිවිය හැකි වෙනස්කමි නැමැති වාර්තාවට අනුව දකුණු ආසියාවෙහි ජනගහනයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් මෙි වන විටත් අනතුරුදායක ස්ථාන හෙවත් උච්ච  ස්ථානවල ජීවත්වන

වෙයි. ඉදිරි වසරවලදී දේශගුණ විපර්යාස නිසා අස්වැන්න අඩුවීම, අඩු ඵලදායීතාව හෝ ආශ්‍රීත සෞඛ්‍ය බලපෑමි හේතුවෙන් ඔවුන්ගේ ජීවන තත්වය පහත වැටීමේ අවදානමක් ඇත.. වාර්තාවට අනුව මෙිවායින් ඇතැමි ස්ථානවල සංවර්ධනය පහළ මට්ටමක පැවතීම, දුර්වල සමිබන්ධතාව හා ජලය හිඟකම්  නිසා මෙි වන විටත් අනතුරුදායක තත්වයට පත්ව ඇත.

වාර්තාවට අනුව 2050 වන විට ශ්‍රී ලංකාවෙි උතුරු හා වයඹ පළාත් සාමාන්‍ය උෂ්ණත්වයේ වැඩිවීමකට හා වර්ෂාපතනයේ වැඩිවීමකට භාජනය විය හැකිය. 2015 පැරිස් ගිවිසුමෙහි නිර්දේශයන්ට අනුව කාබන් විමෝචනය අඩුකිරීමට පියවර ගත්තද 2050 වන විට ශ්‍රී ලංකාවෙහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.0° සිට 1.5° දක්වා ඉහළ යා හැකි බවයි. කිසිදු පියවරක් නොගතහොත් ශ්‍රී ලංකාවෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.0°C. දක්වා ඉහළ යා යැකිය.

ලෝක බැංකුවෙහි දකුණු ආසියා කලාපයෙහි  ප්‍ර‍ධාන ආර්ථික විශේෂඥවරයෙකු හා වාර්තාවෙහි ලේඛකයෙකු වන මුතුකුමාර මනී මහතා කියා සිටියේ, කාලගුණ විපර්යාස මගින් ඒක පුද්ගල පරිභෝජන මටිටම පහළ ගොස් දරිද්‍රතාව හා ආදායම් විසමතා ඉහළ යා හැකි බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශගුණික උණුසුමි ස්ථාන හදුනාගැනීම මගින් ප්‍ර‍තිපත්ති සමිපාදකයින් හට අදාළ ස්ථාන හා වඩාත්ම පීඩාවට පත් ජනතාව හදුනාගැනීමට හැකි වන අතර ඒ සදහා අවශ්‍ය  සමිපත් හා පියවර ගැනීමට ප්‍ර‍මුඛතාව ලබා දීමට උපකාරී වන්නේය යන්නයි.

දේශගුණික විපර්යාස සදහා ආයෝජන ප්‍ර‍මුඛතා ලබාදීමට හා දේශීය ප්‍රත්‍යස්ථිතිය  ගොඩනැංවීම සදහා උපායමාර්ග සකස්කිරීමට වාර්තාව මගින් මග පෙන්වීමක් කරයි. . විශ්ලේෂණය මගින් යෝජනා කර සිටින්නේ දේශගුණික සංවෙිදීබව අඩු අංශයන් තුළින් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම, වෙළදපොළ ප්‍ර‍වෙිශය වැඩි දියුණු කිරීම හා කෘෂිකාර්මික නොවන රැකියා බිහිකිරීම මගින් පීඩාවට ලක්විය හැකි ජනතාවගේ සමස්ත පීඩනය අඩු කළ හැකි බවයි. මෙම මැදිහත්වීමි එකවර ක්‍රියාවට නැංවුවහොත් තනිව ක්‍රියාවට නංවනවාට වඩා වැඩි ප්‍ර‍ථීපල ලබා ගත හැකිය.

දේශගුණික විපර්යාස හා දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සදහා ලෝක බැංකුව ශ්‍රී ලංකා රජය සමග ඉතා සමීපව කටයුතු කරයි. දේශගුණික ප්‍රත්‍යස්ථිතිය ගොඩනැංවීමෙි ව්‍යාපෘතිය යටතේ ගංවතුර ආරක්ෂණ වැඩිදියුණු කිරීම හා නායයෑමි වලට ඔරොත්තු දීම සදහා ආයෝජන වලට සහාය වෙි. යෝජිත ක්ලයිමටි සමාර්ටි කෘෂි ව්‍යාපෘතිය මෙම වසරේ අනුමැතිය සදහා සූදානමි කර ඇති අතර රටෙහි හදුනාගත් බලපෑම් උච්ච වන  ප්‍ර‍දේශයන්හි වාරිමාර්ග පද්ධති වැඩිදියුණු කිරීම ඇතුළු කෘෂිකර්මාන්තය සදහා ජල කළමණාකරණය වැඩි දියුණු කිරීමට මෙය  සහාය වනු ඇත.

මනී මහතා වැඩි දුරටත් කියා සිටියේ, සංවර්ධනය වෙමින් පවතින යටිතල පහසුකමිල වෙළදපොළ ඉලක්ක කරගත් ප්‍ර‍තිසංස්කරණ,මානව හැකියා වැඩිදියුණු කිරීම හා වඩාත් ශක්තිමත් ආයතනික ධාරිතාව, ආදී සංවර්ධනය හා බැඳී ක්‍රියාමාර්ග වැඩි වන දේශගුණික විපර්යාස හා ස්වභාවික විපත් යන තර්ජන සදහා වඩාත් හොඳ ප්‍ර‍තිචාරය බැවින් සංවර්ධනය යනු හොදම අනුවර්තව උපායමාර්ගය බවයි.

 


සම්බන්ධ වන්න

Colombo
Dilinika Peiris-Holsinger
+94115561325,
dpeiris@worldbank.org
Api
Api