Learn how the World Bank Group is helping countries with COVID-19 (coronavirus). Find Out

කථා සහ පිටපත් 2018, ඔක්තෝම්බර් 8

ශ්‍රී ලංකාව හා මාලදිවයින භාර ලෝක බැංකුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය (Dr. Idah Pswarayi-Riddihough) විසින් ඉදිරිපත් කරන ලද කතාවයි

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙලදාම පිලිබද අමාත්‍ය ගරු මලික් සමරවික්‍රම මහතානෙනි, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතානෙනි, සම්භාවනීය අමුත්තනි, මිතුරනි, මහත්ම මහත්මියනි, ඔබ සැමට සුබ උදැසනක්!

"අඩක් පිරුණු වතුර වීදුරුවක්: දකුණු ආසියානු කලාපීය වෙළදාමට සුභවාදී ගමන්මගක්" වාර්තාව සම්බන්ධයෙන් ඔබ සැම ඇමතීමට ලැබීම ගැන මම සතුටු වෙමි. මේ වන විට වෙලදාම ගෝලීය මාතෘකාවක් බවට පත් වී අවසානයි. කිසිම් රටකට මේ මාතෘකාව නොසලකා හරින්න බැහැ.   ඔවුන් එසේ කරන්නේ නම් එය ඔවුන්ටම අවාසිදායක තත්වයක් උදා විය  හැකිය.

සෑම ආර්ථිකයකටම වෙළෙඳාම අත්‍යවශ්‍යයි. සමහර රටවල් සෙසු රටවල් අභිබවා වෙළෙදාමේ නිරත වෙති. ආර්ථිකයන් අතර අන්තර්   රැඳියාවක් පවතිනවා වාගේම තනිව රැදෙනවාට වඩා, ඥනාන්විතව එක්ව වෙලදාම් කිරීමෙන් ලැබිය හැකි වාසිය වැඩියි.

අද සාකාච්ඡාවේ අරමුණ වෙන්නේ කලාපීය වෙලදාමේදී දකුණු ආසියාවට මුහුණ පෑමට සිදුවන අභියෝගයන් හදුනා ගැනීමයි.මේ ඔස්සේ ලෝකයේ වේගවත්ම වර්ධනයක් සහිත ආසියානු කලාපයේ රටවල් අට තමන්ගේ භූගෝලීය සමීපතාවයෙන් වාසි සලසා ගන්නේ කොහොමද කියන කාරණාව ගැන දැනුවත් වීමට අපට හැකියාව ලැබෙනවා.ගෝලීය වශයෙන් ගත්තම දුප්ප්පත්කම පිටු දැකීම සදහා වෙලදාමෙන් විශාල පිටුවහලක් ලැබී ඇත. තත්වය එසේ වුවත් ලෝක දිළිඳු ජනගහනයෙන් 1/3ක් වාසය කරන දකුණු ආසියානු කලාපයේ රටවල් අතර වෙළඳ සම්බන්ධතා පවතින්නේ අඩු මට්ටමකිනි.ඒ නිසා අනිකුත් ආර්ථිකයන්ට සාපේක්ෂව ආසියානු කලාපයේ ආර්ථිකයන්ට ලබන වාසිය අවමය. එනිසාම මෙම රටවල ජනතාවට ලබා ගතහැකිව තිබූ ප්‍රතිලාභ අහිමිවී ඇත. තවදුරටත් රටවල් කලාපීය වෙලදාමට බිය විය යුතු නැහැ. අප මහන්සි විය යුත්තේ රටවල් අන්තර් රාජ්‍ය වෙළඳාමට විවෘත වූ පසු එම රටවල දේශීය සමාගම් වලට විදේශ නිෂ්පාදන සමඟ තරඟ වැදීමට හැකියාවක් ඇති කිරීමයි.

ඒ වගේම දකුණු ආසියාවේ වෙලද විශ්ලේෂණ තුලින් මේ තාක් සාකච්ඡාවට පාත්‍ර වී තිබෙන කාරණාවන් වන්නේ ඉහල මට්ටමක සිට බලන විට වෙලදාමට ඇති බාධා සහ ඊට සමාන  සමාහාර මට්ටමක සිට බලා කල ප්‍රතිපත්ති යෝජනාවන්ය. කෙසේ වෙතත් එවැනි පුලුල් මාර්ගෝපදේශනයක් දකුණු ආසියාව තුල ඇති බාධක මග හරවා ගැනීමට පිටුවහලක් වී නැති බව පෙනේ.

ලෝක බැංකුව විසින් කලාපයේ රටවල් අතර වෙළඳාමට ඇත බාධා හඳුනා ගැනීමට කරන ලද ගැඹුරු විශේෂ අධ්‍යන හතරක් පිලිබඳ මෙම වාර්තාව හෙලිදරව් කරනවා. එමගින් බලාපොරොත්තු වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට උපකාර වන ප්‍රායෝගික නිර්දේශයන්  ලබා දීමයි.මෙම විෂය අධ්‍යනය කිරීමට සිදු කර ඇති විවිධ විශ්ලේශණයන් සලකා බලන මෙම වාර්තාව, වෙළඳාම ලිහිල්කරණය යනු කුමක්ද , එය සිදු කළ හැක්කේ කෙසේද යන්න පිළිතුරු සැපයීමට ඔබ්බෙන්  එයට සහභාගී වන රටවලට ඇතිවන ධනාත්මක බලපෑම උපරිම කර ගන්නේ කෙසේද  සහ, වෙළඳාම ලිහිල්කරණය කරන ආර්ථිකයන්ට මුහුණ දීමට වන සෘණාත්මක බලපෑම් අවම කර ගන්නේ කෙසේද යන කාරණා වෙත අවධානය යොමු කරයි.  

කලාපීය වෙළඳාම ගැන කර ඇති අධ්‍යයන මගින් තහවුරු කර ඇත්තේ නැගෙනහිර ආසියාතික රටවල් වෙළඳාම ලිහිල්කරණය මඟින් විශාල ලාභ ලබාගෙන ඇති බවයි. එම රටවල් වෙළඳාම ලිහිල්කරණය මඟින් තිරසාර ආර්ථික වර්ධනයක් මෙන්ම දිළිඳුකමද විශාල ලෙස අඩු කරගෙන ඇත. මෙහිදී වැදගත් උදාහරණයක් වන්නේ වියට්නාමයයි. වියට්නාමයේ දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව වෙලද අනුපාතය 190% වන අතර ශ්‍රී ලංකාවේ මෙය 37% ක් වේ. වියට්නාමයට ගලා එන සෘජු විදේශ ආයෝජන දල දේශීය නිෂ්පාදනයෙන් 6.3% වේ. ශ්‍රී ලංකාවට ගලා එන සෘජු විදේශ ආයෝජන දල දේශීය නිෂ්පාදනයෙන් 1.6% වේ. තවද 2000 වර්ෂයේ සිට වියට්නාමයේ වර්ධන අගය 6.5%ක් වේ.

මේ වන විට ශ්‍රී ලංකාව තවදුරටත් සිය ආර්ථිකය විවෘත කිරීමට අවශ්‍ය පියවරයන් ගනිමින් සිටී. 2017 වර්ෂයේ අය වැය යෝජනා තුලින් තීරු බදු ලේඛනයේ දක්වා නොමැති ආරක්ෂණ වාදී බදු (Para tariffs) 1200 ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මෙය සංකීර්ණ සහ පාරදෘෂ්‍ය භාවයක් නැති ශ්‍රී ලංකාවේ තීරු බදු ක්‍රමය යහපත් කිරීමට උපකාරී වී ඇත. වෙලද සහ ආයෝජන සේවා සලකා බැලීමේදී වෙලද තොරතුරු ද්වාරයක් (the trade information portal) පසුගිය ජූලි මස පිහිටුවන ලැබුවා. තවද තනි ජාතික වෙළඳ කවුලුවක (National Single Window) සැලැසුම් පිටපත සකස් කිරීමට අවශ්‍ය සියලු තාක්ෂණික කාරණා මේ වනවිට අවසානයි. මීට අමතරව ආයෝජන මණ්ඩලය ආයෝජන ප්‍රවර්ධනය සඳහා වන  තනි  කවුලුව සැකසීමට අදාල කාරය බලකායක් (Single Window Investment Facilitation Taskforce (SWIFT) පිහිටුවීමට අදාල අවබෝධතා ගිවිසුමක් ද  අත්සන් කර අවසානය.

ඒ වගේම මේ වාර්තාව මගින් සෑම  දෙනා බොහෝ විට නොසලකා හරින සාධකයක් වන කලාපයේ රටවල් අතර විශ්වාසය ගැනද සලකා බලනු ලබයි.විශ්වාසයෙන් තොරව වෙලදාම කරගෙන යාමට අපහසුයි.

ශ්‍රී ලංකාව කලාපීය වෙලදාම් සහ වඩා සමීප සම්බන්ධකතාවන් ගොඩනගා ගැනීමට අවධානය දිය යුත්තේ ඇයි? එසේ අවධානය දිය යුතු හේතුව නම් අඩු මිලකින් යුක්ත භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා රැසක් සහිත වෙළඳපලකට ප්‍රවේශ වීමට ඇති හැකියාවෙන් ලැබෙන වාසියයි. තවද ව්‍යාපාරික ප්‍රජාවට විශාල දකුණු ආසියානු වෙලදපල වෙත ප්‍රවේශ වීමට, යෙදවුම් සහ තාක්ෂණය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.   

මෙම වාර්තාව ඔස්සේ කලාපීය වෙලදාමේ ගැටලු පිලිබද අවබෝධයක් ලබා ගැනීමටත් එවැනි ගැටලු සාකච්ඡා කිරීමට සරිලන ශක්තිමත් අඩිතාලමක්  ලැබෙන බවත් මම විශ්වාස කරනවා. මෙමගින් දකුණු ආසියාවේ අසල්වාසීන් අතර ඒකාබද්ධතාවය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ද ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා

අවසාන වශයෙන්, අද දින ඔබ සැම ඵලදායී සාකච්ඡා වටයක නියුතු වේ යැයි මම සිතනවා.

ස්තූතියි!

 

Api
Api