col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-8
col-lg-8
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-7
col-lg-7
  • add-style
  • font-medium
  • lp-body-content

වොෂින්ටන්, 2021 සැප්තැම්බර් 30 - ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික සැපයුම්දාමයන් එකිනෙකට සම්බන්ධ කිරිම සඳහා ආරක්ෂාකාරී, දේශගුනික බලපෑම්වලට ඔරොත්තුදෙන මාර්ග පද්ධතියක් සැකසීම සඳහා වූ අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය (Inclusive Connectivity and Development Project) යටතේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක මුල්‍ය පහසුකමක් ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අද දින අනුමත කරන ලදි. මෙම ව්‍යෘපාතිය මගින් ශ‍්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත‍්‍රික්කවල ග‍්‍රාමීය ප‍්‍රදේශයන් හි ජිවත්වන මිලියන 16 ක ජනතාවකට ප‍්‍රතිලාභ ගෙනදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ‍්‍රී ලංකාවේ මහාමාර්ග මගී ප‍්‍රවාහනයෙන් 95% කට පමණ සහ භාණ්ඩ ප‍්‍රවාහනයෙන් 98% කට පහසුකම් සලසයි. ජාතික මට්ටමේ බොහොමයක් මාර්ග හොඳ මට්ටමේ පවතී. එසේ වුවද පළාත් මාර්ගවලින් යහපත් තත්වයෙන් පවතින්නේ 67% ක් වන අතර ග‍්‍රාමීය මාර්ග වලින් 13% ක් පමණි. දකුණු ආසියාවේ මාර්ග අනතුරුවලින් සිදුවන වැඩිම මරණ ප‍්‍රමාණයක් වාර්තාවන්නේ ශ‍්‍රී ලංකාවෙන් වන අතර මෙය වසරකට 3000 ක් පමණ වේ. ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන් හා අනෙකුත් ආර්ථික අවස්ථාවන් ලබාගැනීමටත් සහ කුඩා පරිමාන ගොවීන්ට දේශිය සහ අන්තර්ජාතික වෙළඳපළ වෙත සම්බන්ධවීමටත්, බාධා රහිතව, හොඳින් ක‍්‍රියාත්මක වන මාර්ග පද්ධතියක් අත්‍යාවශ්‍ය වේ.

“සියලුමදෙනා අන්තර්කරණය කරගැනීමට සහ අවස්ථාවන් ලබාදීම ප‍්‍රවර්ධනයේදී ග‍්‍රාමීය ප‍්‍රදේශවල මූලික සේවාවන්ට සහ ආර්ථික අවස්ථාවන් වෙත ප‍්‍රවේශවීමේ හැකියාව වර්ධනය කිරීම සහ කලාපීය වශයෙන් පවත්නා සංවර්ධනයේ අසමානතාවයන් අවම කිරීම ඉතා වැදගත්වනවා” යැයි මාලදිවයින, නේපාලය සහ ශ‍්‍රි ලංකාව සඳහා වූ ලෝක බැංකුවේ දේශීය අධ්‍යක්ෂක ෆාරිස් හඩාඩ් සර්වොස් මහතා පැවසීය. “මෙම ව්‍යාපෘතිය මගින් කෙටිකාලීන රැකියා අවස්ථාවන් ගණනාවක් ඇති කරන අතර මෙමගින් පශ්චාත් කොවිඞ් වසංගත සමයේ ආර්ථිකය යථාතත්වයට පත්වීම සඳහා ද උපකාර වනු ඇත.”

මෙම ව්‍යාපෘතිය රජයේ ජාතික සංවර්ධන ක‍්‍රමෝපායයන් හි ප‍්‍රධාන මුලපිරීමක් වන ග‍්‍රාමීය මාර්ග කිලෝමීටර් 100000 ක් වැඩිදියුණු කිරීම සඳහා වූ වැඩසටහනේ එක් අංගයක් වේ.

“මෙම ව්‍යාපෘතිය හරිත සහ දේශගුනික බලපෑම් වලට ඔරොත්තු දෙන ආකාරයට ප‍්‍රවාහන සහ කෘෂිකාර්මික කාර්යය සම්පාදනය සංවර්ධනය කිරිමට උපකාරවන අතර ශ‍්‍රී ලංකාවේ වඩාත් ඔරොත්තුදෙන සුලු අනාගතයක් සැකසීම සඳහා යටිතල පහසුකම් සැලසුම් කිරීමේදී හා ආයෝජනයන්හිදී දේශගුනික බලපෑම්වලට ඔරෙත්තුදෙන භාවිතාවන් ප‍්‍රධාන ප‍්‍රවාහයට අන්තර්කරණය කිරීමටද සහාය ලබාදෙනවා” යැයි ලෝක බැංකුවේ මෙම ව්‍යාපෘතියේ කාර්යය කණඩායම් නායක විනී වැන්ග් පැවසීය.

ලෝක බැංකුව විසින් ලබාදන මුල්‍ය පහසුකම් මත ක‍්‍රියාත්මක වන ප‍්‍රවාහන සම්බන්ධතාවන් සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය (Transport Connectivity and Asset Management Project) සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සපයන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන් (Integrated Road Investment Programs – iRoad) I සහ II මගින් දැනට ක‍්‍රියාත්මක වන පළාත් සහ ග‍්‍රාමීය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතීන් හි අත්දැකීම් මත මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වනු ඇත.

මෙම ව්‍යාපෘතිය මහාමාර්ග අමාත්‍යාංශය මගින් ක‍්‍රියාවට නංවනු ඇති අතර ව්‍යාපෘතිය සුපරීක්ෂණය කිරිම සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කරනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක මෙම ණය මුදල සපයනු ලබන්නේ ප‍්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික බැංකුව (IBRD) මගිනි. මෙම ණය මුදල වසර 10 ක සහන කාලසීමාවක් ඇතුලුව වසර 28 කින් ගෙවිය යුතුවේ.

Contacts

Dilinika Peiris

External Affairs Officer
dpeiris@worldbank.org
කොළඹ

Diana Chung

Senior External Affairs Officer
dchung1@worldbank.org
වොෂින්ටන්

About The World Bank

The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.

col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
  • add-style

ආශ්‍රිත

lp-heading-bottom-medium

OMBC

Online Media Briefing Center (OMBC) news for accredited journalists
Sign In
https://media.worldbank.org/
Register
https://media.worldbank.org/user/register
secondary
white-btn