col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-8
col-lg-8
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-7
col-lg-7
  • add-style
  • font-medium
  • lp-body-content

2021 මැයි 25, කොළඹදී — කෘෂිකාර්මික අංශයේ නවීකරණ ව්‍යාපෘතියට (ASMP) සහාය දැක්වීම පිණිස යුරෝපා සංගමයෙන් ලැඛෙන මුල්‍ය ප්‍රදානයක් සඳහා වන ගිවිසුමක් මුදල් අමාත්‍යාංශය සහ ලෝක බැංකුව විසින් මෑතකදී අත්සන් කරන ලදී. මෙම ප්‍රදානය, ඇමෙරිකානු ඩොලර් 125ක් වැයවන ව්‍යාපෘතිය සඳහා, යුරෝපා සංගමයෙන් ලැඛෙන යුරෝ මිලියන 25 ක ආධාරයෙන් කොටසක් වන අතර, ව්‍යාපෘතිය පරිපාලනය කරනු ලබන්නේ ලෝක බැංකුව විසිනි.

කෘෂිකාර්මික අංශයේ නවීකරණ ව්‍යාපෘතිය ආරම්භ කළ 2016 වසරේ සිටම ව්‍යාපෘතිය මගින් කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ නැංවීම, කුඩා ඉඩම් හිමි ගොවීන්ගේ සහ කෘෂි ව්‍යාපාරයන්ගේ නිෂ්පාදන අගය එකතු කිරීම සහ ඔවුන්ගේ වෙළඳපල ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය දරණ ප්‍රයත්නයන්ට අනුග්‍රහය දක්වා ඇත. මෙම ව්‍යාපෘතිය මගින් කෘෂිකාර්මික විවිධාංගීකරණය සහ තාක්ෂණික වැඩිදියුණු කිරීම් සඳහාද සහාය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විිට දිවයින පුරා විසිරී සිටින සුලු පරිමාණ ගොවීන් 48,000 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දී ඇති අතර, කෘෂි ව්‍යාපාර සංවිධානවල ආයෝජන මගින් රැකියා 1,500 කට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත.

“දීර්ඝ ඓතිහාසික කෘෂිකාර්මික මූලයන් ගෙන් පොහොසත් ශ්‍රි ලංකාවට එමගින් සිය ග්‍රාමීය ජීවනෝපායයන් අඛන්ඩව පවත්වාගෙන යාමටත් අනාගත අභියෝගයන් හමුවේ නැගී සිටීමටත් හැකියාව ලැඛෙනු ඇත” යනුවෙන් පැවසූ මාලදිවයින, නේපාලය සහ ශ්‍රි ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් එච්, හඩාඩ් - සර්වෝස් මහතා, “ශ්‍රි ලංකාවේ ආර්ථීකයට කෘෂිකර්මාන්තය වැදගත් වන අතර, කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ නැංවීම, ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම සහ මෙම අංශයේ රැකියා උත්පාදනය තුලින් සාර්ව සහ නම්‍යශීලී වර්ධනයක් ඇති කිරීමට අපගේ සියලූම හවුල්කරුවන් සමග එක්ව අපි අඛන්ඩව කටයුතු කරන්නෙමු” යනුවෙන්ද පැවසීය.

මෙම අතිරේක ආයෝජනය මගින් අපනයන ආදායමට සිදුකෙරෙන දායකත්වය සහ කෘෂි සැකසුම්කරණ කේෂ්ත්‍රයේ උසස් තත්වයේ රැකියා උත්පාදනය වීම මගින් කෝවිඩ් 19 වසංගතය නිසා ඇතිවූ පසුබෑම යථා තත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත. ග්‍රාමීය ප්‍රදේශ වල සාර්ව ජීවනෝපාය අවස්ථාවන් පුලුල් කිරීම සඳහා සහාය ලබා ගැනීමටත්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමටත් මෙය උපකාරී වනු ඇත.

යුරෝපා සංගමයෙන් ප්‍රදානය කෙරෙන මෙම අතිරේක අරමුදල් දිස්ත්‍රික්ක පහක කෘෂිකාර්මික පර්ෂදයන් ඇති කිරීමට උපකාරී වනු ඇත: මහනුවර (මධ්‍යම පළාත), බදුල්ල (ඌව පළාත), අම්පාර (නැගෙනහිර පළාත) සහ, කිලිනොච්චිය සහ වව්නියා (උතුරු පළාත). අමතර අරමුදල් මගින් වැඩි ජීවනෝපාය පරිවර්තනීය බලපෑමක් ඇති කිරීමට සහ ව්‍යාපෘති ප්‍රතිලාභීන් විශාල සංඛ්‍යාවක් වෙත ලඟාවීමට පහසුකම් සැපයෙනු ඇත. මෙමගින් ගොවි නිෂ්පාදන සංවිධානවල ඍජු සාමාජිකයින් 6,000ක් ද ඇතුලුව අතිරේක ප්‍රතිලාභීන් 25,000ක් සඳහා අනුග්‍රහය දැක්වීමට හැකිවනු ඇතැයි අපේක‍ෂා කරනු ලැබේ.

“වඩාත් තිරසාර, නම්‍යශීලී සහ ඵලදායී කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීම සඳහා ලෝක බැංකුව සහ ශ්‍රි ලංකා රජය සමග හවුල්වීමට ලැබීම ගැන යුරෝපා සංගමය සතුටු වන්නේය” යැයි ශ්‍රි ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චයිබ් මහතා පැවසීය. “කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතියට දායක වීමෙන් කුඩා ඉඩම් හිමි ගොවීන්ට සහාය වීම, ඵලදායීතාවය නැංවීම සඳහා නව කෘෂි විසඳුම් ප්‍රවර්ධනය කිරීම සහ වැඩි රැකියා සංඛ්‍යාවක් නිර්මාණය කිරීම අපගේ අරමුණ වන අතර, අවසානයේදී මේ සියල්ල ඉතා අසරණවූ ඇතැම් ප්‍රජාවන්ගේ ජීවිත කෙරෙහි සාධනීය බලපෑමක් ඇති කිරීමට සමත් වනු ඇත.”

ශ්‍රි ලංකාව තුල ප්‍රවාහන, නාගරික සංවර්ධන, කෘෂිකර්මය, ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු විවිධ කේෂ්ත්‍ර යටතේ ව්‍යාපෘති 19ක් ලෝක බැංකු අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා වන සමස්ත දායකත්වය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.33කි.

දරිද්‍රතාවය අඩු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ප්‍රාදේශීය සංවර්ධනය, කෘෂිකර්මය, ජලය සහ සෞඛ්‍යය ඇතුලු පුලුල් පරාසයක යථාවත්වීමේ සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් සඳහා වන දේශීය ප්‍රයත්නයන්ට සහාය දැක්වීම පිණිස යුරේපා සංගමය මගින් මේ දක්වා ශ්‍රි ලංකාවට යුරෝ බිලියනයකට අධික ප්‍රදානයන් ලබා දී තිබේ.

Contacts

Dilinika Peiris

dpeiris@worldbank.org
+94 (011) 5561347
World Bank, Colombo

Political, Press and Information Section

Delegation of the European Union to Sri Lanka and the Maldives
+ 94 11 2674413-4
EU, Colombo

Diana Chung

dchung1@worldbank.org
World Bank, Washington

About The World Bank

The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.

col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
  • add-style

ආශ්‍රිත

lp-heading-bottom-medium

OMBC

Online Media Briefing Center (OMBC) news for accredited journalists
Sign In
https://media.worldbank.org/
Register
https://media.worldbank.org/user/register
secondary
white-btn