col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-8
col-lg-8
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-7
col-lg-7
  • add-style
  • font-medium
  • lp-body-content

ව්‍යාපෘතියෙන් ග්‍රාමීය පවුල් 356,000කට ප්‍රතිලාභ

2021 අප්‍රේල් 22, කොළඹදී— ගොවි පවුල් 356,000 කට පමණ ප්‍රතිලාභ සැලසෙන පරිදි කෘෂි ඉඩම් හෙක්ටයාර් 165,000 ක් ආවරණය වන ලෙස, වැව් අමුණු හා වාරිමාර්ග යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීමටත්, ජල ප්‍රභව, සහ ජල සම්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහාත්, ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අද දින ඩොලර් මිලියන 69.53 ක ණය ගිවිසුමකට අත්සන් තැබූහ.

රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගල, සහ ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් එච්. හදාද්-සර්වෝස් යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

“ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සමෘද්ධිය සඳහා ජල සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම බොහොම වැදගත් වෙනවා,” ශ්‍රී ලංකා ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් එච්. හදාද්-සර්වෝස් පවසයි. “ශ්‍රී ලංකාව ස්වාභාවික හා මානවයා විසින් සැකසූ ජල සම්පත්වලින් අනූනයි. ජල ප්‍රභවයන් ආරක්ෂා කර ගතහොත් දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වෙමින් ජනතාවට තම ජීවනෝපාය වෙත එල්ල වන දේශගුණික බලපෑම් අවම කරගැනීමට හැකි වෙනවා.”

අධික ගංවතුර, නියඟය සහ නායයෑම් වැනි ඛේදවාචක වලක්වා ගැනීම සඳහා මූලික වශයෙන් මධ්‍ය කඳුකරයේ ඉහළ මහවැලියේ ජල ප්‍රභව සංරක්ෂණය කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම සහ වඩා හොඳින් කළමනාකරණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ද එහි දායකත්වය ලැබේ.

මෙම ව්‍යාපෘතිය, සාක්ෂි මත පදනම් වූ සැලසුම් කරණය තුලින් ජල ප්‍රභව කළමනාකරණය, වැව් අමුණුවල ආරක්ෂාව පරීක්ෂා කිරීමේ පිළිවෙත් හා අවදානම් තක්සේරු කිරීම සඳහා ආයෝජනය කරයි. විවිධ පාර්ශවකරුවන් සමඟ කරන දීර්ඝ සාකච්ඡා තුලින් වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණ කටයුතු ද ප්‍රතිලාභ ලබනු ඇත. තවද කාන්තාවන් සහ තරුණ ප්‍රජාව මෙම ව්‍යාපෘතියේ වැදගත් අංශවල කාර්යභාරයන් ඉටු කිරීමට සහභාගී කර ගන්නා බැවින්, මෙතුලින් ඔවුන්ට මෙම ව්‍යාපෘතියෙන් ලබන ප්‍රතිඵල පිළිබඳව ද අවබෝධ වනු ඇත.

“ශ්‍රී ලංකා රජය ජල ප්‍රභව සංරක්‍ෂණය කිරීමට කැපවී සිටිනවා. තවද ‘ශ්‍රී ලංකාවේ පොදු ජල කළමනාකරණයක් බිහි කිරීම සඳහා උපායමාර්ගික යාන්ත්‍රණයක්’ යන තේමාව යටතේ පුළුල් ප්‍රතිපත්ති රාමුවක් සැකසීමට සැලසුම් කර තිබෙනවා,” වාරිමාර්ග අමාත්‍ය ගරු. චමල් රාජපක්ෂ කියයි. “මෙම පස් අවුරුදු ව්‍යාපෘතිය තුළින් මෙරට වටිනා ජල සම්පත් හා ජල ප්‍රභව සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන අප, වාරිමාර්ග අමාත්‍යාංශය ලෙස සතුට පළ කරනවා.”

වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියට ලෝක බැංකුව ලබා දෙන ඩොලර් මිලියන 69.53 ක ණය සඳහා සහයෝගය සපයන්නේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) යි. ව්‍යාපෘතිය ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා කොරියානු - ලෝක බැංකු සමූහ හවුල්කාරිත්වයේ ප්‍රදානයන් ද සහාය වනු ඇත

ප්‍රවාහන, නාගරික, ජලය, අධ්‍යාපනය, සහ සෞඛ්‍යය ඇතුළු විවිධ අංශ වෙනුවෙන් ලෝක බැංකුව මේ වනවිට ඩොලර් බිලියන 2.3 ක් වටිනා ව්‍යාපෘති 19 ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇත.

Contacts

Dilinika Peiris

dpeiris@worldbank.org
Colombo

Diana Chung

dchung1@worldbank.org
Washington D.C.

About The World Bank

The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.

col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
  • add-style

ආශ්‍රිත

lp-heading-bottom-medium

OMBC

Online Media Briefing Center (OMBC) news for accredited journalists
Sign In
https://media.worldbank.org/
Register
https://media.worldbank.org/user/register
secondary
white-btn