col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-8
col-lg-8
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-7
col-lg-7
  • add-style
  • font-medium
  • lp-body-content

2020 සැප්තැම්බර් 11 වැනිදා, කොළඹදී.—කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ අර්බුදවලට මුහුණ දීම සඳහා ක්ෂණික ප්‍රතිචාරයක් වශයෙන් මෑතකදී ලෝක බැංකු ප්‍රතිපාදන හරහා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ඇ.ඩො. මිලියන 56ක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගෙන ඇත. කෘෂිකාර්මික අංශය තුළ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම, පොදු ප්‍රවාහනයේ කොවිඩ්-19 ආරක්ෂණ ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීම, පාසල් ළමුන් සඳහා දුරස්ථ අධ්‍යාපනය සඳහා පහසුකම් සැලසීම, සහ රජයේ සේවාවන් ඩිජිටල්කරණය යනාදී කරුණු සඳහා මෙම අරමුදල් යොදවනු ඇත. අප්‍රේල් 2 වැනිදා අනුමත කරන ලද ඇ.ඩො. මිලියන 128.6 ක වටිනාකමක් ඇති කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අමතරව මෙම අරමුදල් සැපයෙනු ඇත.

“කොවිඩ්-19 හදිසි අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා අපි ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරමින් සිටිනවා" මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් එච්. හදාද්-සර්වෝස් මහතා පැවසීය. " මේ වන විට කරගෙන යන ව්‍යාපෘති වලට වෙන්කොට ඇති මූල්‍ය ප්‍රතිපාදන ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ආහාර සුරක්‍ෂිතතාව, සහ දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, සෞඛ්‍යාරක්ෂිතව ජනතාවට පොදු ගමනාගමනය භාවිතා කළ හැකි බව සහතික කිරීම, සහ රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම යන කාර්යයන් සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට අපි රජය සමඟ එක්ව කඩිනමින් කටයුතු කරමින් සිටින්නෙමු." ඒ මහතා තවදුරටත් පැවසීය.

ආර්ථික අවදානමට ලක්විය හැකි ගොවීන්ට බීජ මිලදී ගැනීමට සහ ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමට මෙම මූල්‍යාධාර උපකාර වනු ඇත.තවද මෙමඟින් පාසල් සිසුන්ට ආරක්ෂිත හා සනීපාරක්ෂක පාසල් පරිසරයක නිර්මාණය කරන අතරම, විශේෂයෙන් ග්‍රාමීය, කුඩා හා අඩු සම්පත් ඇති පාසල්වල දුරස්ථ අධ්‍යාපනය සහ ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් ඇතිකිරීම මඟින් පාසල් දරුවන්ට නිවසේ සිටම ඉගෙනීමට පහසුකම් සැලසෙනු ඇත.

ඊට අමතරව, මෙම අරමුදල් හරහා පොදු ප්‍රවාහන පහසුකම් අඛණ්ඩව සැපයීමට අත්‍යවශ්‍ය බස්රථ විෂබීජහරණය කිරීම, දෑත් සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ සේවකයන් සඳහා ආරක්ෂක ඇඳුම්, සහ ශරීර උෂ්ණත්වය මැනීම යනාදි කටයුතු, ඩිජිටල් ලේඛන කළමණාකරණ පද්ධතියක් හරහා මහජන සේවාවන් වැඩිදියුණු කිරීම, රජයේ නිලධාරීන්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා විද්‍යුත් තැපෑල සහ වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම් ලබාදීම සහ ආයතන අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ විසඳුම් භාවිතය යනාදිය සිදු කිරීමට නියමිත ය.

මෙම අරමුදල් ශ්‍රී ලංකාවේ දැනට සක්‍රීයව පවතින ලෝක බැංකු ව්‍යාපෘති හතරක හදිසි අවස්ථා ප්‍රතිචාර සංරචක (Contingency Emergency Response Components) භාවිතා කරමින් ප්‍රතිපාදන ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ලබා ගන්නා ලදී. එම සංරචක හරහා ආපදාවක් ඇතිවූ විට ප්‍රතිචාර වශයෙන් අරමුදල් වෙන් කරවා ගැනීමට අවස්ථාව තිබේ. ඒ අනුව, ඇ.ඩො. මිලියන 56 ක් වන අරමුදල් ප්‍රතිව්‍යුහගත කර, කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ අර්බුදවලට මුහුණ දීම සඳහා වෙන් කර ඇති අතර ඊට දේශීය සංවර්ධන ආධාර ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 17 ක්, පොදු අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 15 ක්, ශ්‍රී ලංකා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියකින් ඩොලර් මිලියන 9 ක්, සහ දේශගුණික බලපෑම් වලට සාර්ථකව මුහුණදීමට සුහුරු වාරිමාර්ග පද්ධති ඇති කිරීමේ කෘෂිකාර්මික ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 15 ක් ලැබෙනු ඇත.

කොවිඩ්-19 සඳහා ලෝක බැංකු සමූහයේ ප්‍රතිචාර

සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම අරමුදල් සහ දැනුම් ප්‍රභවයන්ගෙන් එකක් වන ලෝක බැංකු සමූහය එම රටවලට කොවිඩ්-19 බලපෑමට සාර්ථකව මුහුණ දිය හැකි බව සහතික කිරීමට වේගවත්ව ක්‍රියා කරමින් සිටී. අපි මහජන සෞඛ්‍ය සේවාවන්ට සහාය වෙමින්, අත්‍යාවශ්‍ය සැපයුම් හා උපකරණ ගලා ඒම සහතික කරමින්, සහ පෞද්ගලික අංශයට අඛණ්ඩව ක්‍රියාත්මක වීමට සහ රැකියා පවත්වා ගැනීමට උපකාර කරමින් අපගේ උපරිම දායකත්වය සපයන්නෙමු. රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක ආර්ථික අපහසුතා ඇති හා ආර්ථික අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමට, ව්‍යාපාරවලට ආධාර කිරීමට සහ ආර්ථික ප්‍රකෘතිය ඉහළ නැංවීමට මාස 15 ක් තුළ අපි ඩොලර් බිලියන 160 ක් දක්වා මූල්‍ය ආධාර යොදවනු ඇත.

Contacts

දිලිනිකා පීරිස්

dpeiris@worldbank.org
කොළඹ

යාන් ඩොයිග්නොන්

dchung1@worldbank.org
වොෂිංටනය

About The World Bank

The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.

col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
  • add-style

ආශ්‍රිත

lp-heading-bottom-medium

OMBC

Online Media Briefing Center (OMBC) news for accredited journalists
Sign In
https://media.worldbank.org/
Register
https://media.worldbank.org/user/register
secondary
white-btn