Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2017, ඔක්තෝම්බර් 29

යාල ජාතික වනෝද්‍යානය පිළිබඳ පළ කෙරෙන ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා සම්බන්ධය‍ෙන් ලෝක බැංකුව‍ෙන් පැහැදිලි කිරීමක්.

කොළඹ -  2017 ඔක්තෝබර් මස 29 ව‍ෙනි දින- යාල ජාතික වනෝද්‍යානයේ කළමනාකරණයන් පිළිබඳ ලෝක බැංකුවේ ස්ථාවරය සම්බන්ධය‍ෙන් පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ප්‍ර‍කාශයක් ලෝක බැංකුව විසින් නිකුත් කර ඇත.

ඒ හා සමග, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයක් ම‍ෙන් ම ජාතික සලකුණක් ද වන ම‍ෙම ජාතික වනෝද්‍යානය තුළ තදබදය කළමනාකරණය කිරීමේ වැදගත්කම ප‍ෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ වන ජීවීන් පිළිබඳ සිතන්නට පෙළඹෙත්ම දැවැන්ත දිවියන් සහ අන‍ෙකුත් සතුන් ද සමඟින් ජනතාවගේ මනසට නැඟ‍ෙන පළමු වනෝද්‍යානය ම‍ෙය යි. ම‍ෙම සම්පත ප්‍රවේ‍ශම‍ෙන් කළමනාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳ ලෝක බැංකුව ඉස්මතු කරන කරුණු සරල නොවන අතර ම‍ෙම වනෝද්‍යානයේ සංචාරය කරන බොහෝ ශ්‍රී ලාංකිකයන් අදහස ද නැවත හැරවිය නොහැකි ල‍ෙස විනාශ වීමට මත්ත‍ෙන් ම‍ෙම සම්පත කළමනාකරණය කිරීම යෝග්‍ය බවයි.

වනෝද්‍යානයේ කොටසක් වසා දැමීම අර්බුදයට පූර්ණ වූත් තිරසාර වූත් විසඳුමක් නොවන අතර ම එය කිසිසේත් ම ලෝක බැංකුව යෝජනා කරන්නක් ද නොවේ. තවද, අරමුදල් ආපසු ගැනීම, වඩා හොඳ කළමනාකරණයකට සහාය වීමේ අවස්ථාව හා අරමුණ පරාජය කරනු ඇත. දැනට ලෝක බැංකුව හා රජය අතර වනෝද්‍යානයේ කළමනාකරණය සම්බන්දය‍ෙන් පවත්වන සාකච්ඡාවල අරමුණ වන්නේ එහි සේවය කරන සැමගේ යහපත පිණිස ම‍ෙකී සංවේදී සම්පත් උපයෝගී කර ගැනීමේ ශක්‍යතා විමසා බැලීමයි. මෙම සාකච්ඡාවලට වනෝද්‍යානයේ සංචාරක ව්‍යාපාරය තුළින් තම ජීවිකාව සරිකරගන්නා පිරිස් ම‍ෙන් ම එහි සංචාරයට පැමිණෙන කණ්ඩායම් ද සම්බන්ධ කර ගැනේ.


සම්බන්ධ වන්න

Dilinika Peiris-Holsinger
+94115561325
dpeiris@worldbank.org
Api
Api