Skip to Main Navigation
BRIEF2023, මාර්තු 8

ශ්‍රී ලංකාව වෙනුවෙන් 2023-2026 සඳහා රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්යරාමුව පිළියෙළ කිරීම උදෙසා සිදු කරන මත විමසුම

The World Bank

ජෝ කියාන්/ ලෝක බැංකුව

ලෝක බැංකු සමූහය (WBG) විසින් 2023-2026 කාල සීමාව සඳහා අදාල ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව (CPF) අලුතින් සකස් කිරීමට පියවර ගනිමින් සිටියි.  එම හවුල්කාරිත්ව රාමුව, 2023-2026 දක්වා කාලය තුල ලෝක බැංකුව සිය ක්‍රමෝපායික සහය ශ්‍රී ලංකාවට ලබාදෙන අයුරු ඉදිරිපත් කරනු  ඇත.මෙම ක්‍රියාවලියේ දී, පුළුල් පරාසයක පාර්ශ්වකරුවන්ගේ මත විමසීම සිදු කෙරෙනු ඇත.  රජය, ජාත්‍යන්තර මූල්‍ය ආයතන, සිවිල් සමාජ සංවිධාන, දේශපාලන/ආර්ථික වැනි විශේෂිත ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රවීණයන්, අධ්‍යාපනඥයින් සහ පුද්ගලික අංශය නියෝජනය කරන විද්වතුන් එකී පාර්ශ්වකරුවන් අතර වේ.  එහිදී, ශ්‍රී ලංකාවේ තිරසාර ලෙස ආර්ථිකය  ප්‍රතිසංස්කරණය කිරීම සහ සංවර්ධනයට පවතින අවස්ථාවන් පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමත්, ඒ වෙනුවෙන් ලෝක බැංකු සමූහයට සහය දිය හැක්කේ  කෙසේ ද යන්න විමසා බැලීමත් සිදු කෙරෙයි. 

පසුබිම

රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්යරාමුව (CPF) සකස් කිරීමේ දී, ශ්‍රී ලංකාවේ පවතින අභියෝගාත්මක ආර්ථික , සමාජීය සහ දේශපාලන පසුබිම සහ පවත්නා සීමිත මූල්‍ය සම්පත් වෙත අවධානයෙන් යුතුව කටයුතු කිරීමට ලෝක බැංකු සමූහය පියවර ගනු ඇත. රටෙහි පවතින දැඩි සංවර්ධන අවශ්‍යතාවන්  සපුරාලීමට මෙන්ම ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුවට සක්‍රීය භූමිකාවක නිරත වීමට සහ සුවිශේෂී වටිනාකමක් ලබා දිය හැකි යැයි  විශ්වාස කරන  අංශ සඳහා සහය වීමට විශේෂ අවධානය යොමු කරනු ඇත.

ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින්, තිරසාර සහ හරිත මෙන්ම අවධානම් වලට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු , සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන , ආර්ථිකයක් ගොඩ නැගීමට දායක වීමට මෙම හවුල්කාරිත්ව රාමුව අපේක්ෂා කරයි.  එසේම, මෙකී හවුල්කාරිත්ව රාමුව සකස් කරනු  ඇත්තේ, රජය සතු මධ්‍ය-කාලීන ක්‍රමෝපායික ප්‍රමුඛතාවන්ට ගැළපෙන අයුරිනි.  එහිදී, සාර්ව-ආර්ථික ස්ථාවරත්වය හා තිරසාර බව ශක්තිමත් කිරීමට අවශ්‍ය මූලික ප්‍රතිසංස්කරණයන්ට සහය දෙමින්, දරිද්‍රතාවයෙන් පෙලෙන හා අවදානමට ලක්විය හැකි ජනතාව අත්දකින වත්මන් හා අනාගත බලපෑම් වල කම්පන අවම කිරීම, සහ පුද්ගලික අංශයේ පුරෝගාමිත්වය සහිත, ඇතුළත් භාවයෙන් යුතු, ප්‍රතිසාධනය හා වර්ධනය සපිරි මාවතක් අනුගමනය කිරීමට ද ලෝක බැංකු සමූහය කටයුතු කරනු ඇත.

ඉහළ මට්ටමේ අරමුණු දෙකක් වෙත හවුල්කාරිත්ව රාමුව අවධානය යොමු කරනු ලබයි:

  • ඔරොත්තු දීමේ හැකියාවෙන් හා ඇතුළත් භාවයෙන් යුත්, බෙහෙවින් ශක්තිමත් ආර්ථික වර්ධනය
  • මානව සහ ස්වාභාවික ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම හා වැඩිදියුණු කිරීම

මීට අමතරව, පාලනය වැඩිදියුණු කිරීම සහ හරිත වර්ධනය ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සියලුම ලෝක බැංකු සමූහයේ ක්‍රියාකාරකම් වලට මග පෙන්වන හරස් කැපුම් තේමාවක් වනු ඇත.

හවුල්කාරිත්ව රාමුව සඳහා ලෝක බැංකුව විසින් මෑතක දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ, රටේ ගැටලු හඳුනාගැනීමේ වාර්තාව (Systematic Country Diagnostic) සහ ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update) ද පසුබිම් කර ගනු ලබන අතර එමඟින් රටෙහි පවත්නා අභියෝග සහ සංවර්ධන අවස්ථාවන් විශ්ලේෂණය කිරීම සිදු කරයි.

මත විමසුම්

හවුල්කාරිත්ව කාර්යරාමුව සඳහා වන මහජන මත විමසුම් වලදී රජය, ජාත්‍යන්තර මූල්‍ය ආයතන, සිවිල් සමාජ, සහ පුද්ගලික අංශය ද ඇතුළත් විවිධ පාර්ශ්වකරුවන් සමග අන්තර්ජාලය ඔස්සේ සහ මුහුණට මුහුණ ලා සිදු කරන හමු පැවැත්වීමට අදහස් කෙරෙයි.  

මාර්තු 8 දින සිට 2023 මාර්තු 29 දින දක්වා විවෘතව පවතිනු ඇති මාර්ගගත (online) සමීක්ෂණයක් හරහා සහභාගී වීමට අපේක්ෂා කරන පාර්ශවයන්ට තමන්ගේ අදහස් ලබා දීමේ හැකියාව ඇත. 

මෙහි සම්බන්ධිත ඉදිරිපත් කිරීම Sri Lanka Country Partnership Framework 2023-2026 හි දක්වා ඇති නව CPF සම්බන්ධ ගමන්මග හා විෂය පථය පිළිබඳව, වඩාත් පුළුල් ප්‍රතිචාර සහ අදහස් දැක්වීම් සඳහා ලැදියාවක් දක්වන දේශීය සහ විදේශීය පාර්ශ්වකරුවන් වෙතින් ලබා ගැනීම මාර්ගගත මත විමසුමෙහි අරමුණයි.

විද්‍යුත් තැපැල infosrilanka@worldbank.org ඔස්සේ ඔබේ අදහස්, ප්‍රශ්න හෝ යෝජනා ශ්‍රී ලංකාවේ ලෝක බැංකු කාර්යාලය වෙත යොමු කිරීමට කාරුණික වන්න.  

ඔබේ අදහස් මෙතැන දක්වන්න