Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය2022, මාර්තු 3

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව ධීවර අංශයේ තිරසාර සහ සැමට වාසි සැලසෙන වර්ධන මංපෙත් ගවේෂණය කරයි

කොළඹ, 2022 මාර්තු 3   ශ්‍රී ලංකාවේ සාගර ධීවර කර්මාන්තය, වෙරළබඩ ජලජීවී වගාව සහ ඒවාට අනුබල දෙන පරිසර පද්ධති තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා වූ ප්‍රමුඛතා (Priorities for Sustainably Managing Sri Lanka’s Marine Fisheries, Coastal Aquaculture, and the Ecosystems that Support Them. ) නම් වාර්තාවේ සොයාගැනීම් සහ නිර්දේශ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව ඉහළ මට්ටමේ ප්‍රතිපත්ති සංවාදයක් කැඳවා ඇත.

ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාව සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි. ශ්‍රී ලාංකිකයන් තම සත්ව ප්‍රෝටීන් ප්‍රමාණයෙන් සියයට 50ක් පමණ මත්ස්‍යයන්ගෙන්  ලබා ගන්නා අතර එය ගෝලීය සාමාන්‍ය අගය  මෙන් තුන් ගුණයක් පමණ වේ. එමෙන්ම වෙරළබඩ සහ සමුද්‍ර ධීවර කර්මාන්තය මිලියනයකට ආසන්න පිරිසකට පූර්ණ හෝ අර්ධකාලීන සෘජු හෝ වක්‍ර රැකියා සපයන අතර තවත් මිලියන 3.6ක ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය සඳහා සහාය වේ. නමුත් දළ දේශීය නිෂ්පාදිතය (GDP) සහ අපනයන ආදායම සඳහා අංශයේ දායකත්වය මධ්‍යස්ථ වන අතර 2019 දී, එය පිළිවෙලින් සියයට 1.9 සහ සියයට 1.5 ක් පමණි.

ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව තරඟකාරී කිරීමටත්, දේශීය ප්‍රජාවගේ ප්‍රයෝජනය සඳහා තිරසාර ලෙස රැකියා වැඩි කිරීමටත්, ආහාර සුරක්ෂිතතාව සහ අපනයන ඉපැයීම් වැඩි කිරීමටත් ධීවර අංශයට හැකියාව ඇත,” යනුවෙන් ශ්‍රී ලංකාව, මාලදිවයින සහ නේපාලය සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හදාද් - සර්වොස් පැවසීය. "මෙම තත්වලඟා කර ගැනීම සඳහා නව දැනුම, නව්‍ය චින්තනය සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සමීප සම්බන්ධීකරණය ඉතා වැදගත් වේ," යැයි ඔහු තව දුරටත් පැවසීය.

කෝවිඩ්-19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර ධීවර ක්ෂේත්‍රයට දැඩි ලෙස පහර වැදී ඇත. 2020 දී මත්ස්‍ය ඇල්ලීම සියයට 20 කින් අඩු වූ අතර අපනයන සියයට 26 කින් පහත වැටුණි. ජාතික මත්ස්‍ය ඵලදාව දේශීය ඉල්ලුමට ප්‍රමාණවත් නොවන අතර ආනයනය මගින් එය සම්පූර්ණ කළ යුතුය. 2020 දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 218 ක් වටිනා මාළු ආනයනය කර ඇත. අධික ලෙස මසුන් ඇල්ලීම, මත්ස්‍ය සම්පත අඩුවීම, වාසස්ථාන විනාශය සහ පරිසර දූෂණය හේතුවෙන් වෙරළබඩ පරිසර පද්ධති හායනය සහ දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් මෙම අංශය ඒ වනවිටත් අභියෝගයට ලක්ව තිබුණි. මේ අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සහ මාළු සඳහා වන ඉහළ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා ධීවර කර්මාන්තයේ තිරසාර කළමනාකරණය ඉතා වැදගත් වේ.

 “වෙරළබඩ ධීවර කර්මාන්තය, වෙරළාශ්‍රිත ජලජීවී වගාව, බහුදින ධීවර කටයුතු , ආහාර සුරක්ෂිතතාව, රැකියා සහ ජීවනෝපායන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ධීවර කර්මාන්තයේ හරිත, ඔරොත්තු දෙන සහ අන්තර්ග්‍රහණිය  සංවර්ධනය සඳහා වාර්තාවේ සොයාගැනීම් සහ නිර්දේශ මඟින්  ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ දළ දේශීය නිෂ්පාදිතය සහ අපනයන සඳහා  එහි දායකත්වය ඉහළ නංවනු ඇත. " යනුවෙන් විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ධීවර ක්‍ෂේත්‍රයේ පවතින භාවිතයන්, දැනුම සහ තාක්‍ෂණය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ආයෝජන නිර්දේශ මෙම වාර්තාව මඟින් සපයයි. ධීවර කළමනාකරණ සැලැස්ම මත්ස්‍ය සම්පත පිළිබඳ නිරන්තර දත්ත රැස් කිරීම මත පදනම් වන්නේ නම් පහත වැටෙන මත්ස්‍ය සම්පත කළමනාකරණය කළ හැකිය. තිරසාර නොවන මසුන් ඇල්ලීමේ පිළිවෙත් වෙනස් කිරීම ද ඉතා වැදගත් ය. නිදසුනක් වශයෙන්, බහුදින ධීවරයින් වරකට සති ගණනක් මසුන් අල්ලන  නමුත් ඔවුන්ගේ අල්ලා ගත් මත්ස්‍ය අස්වැන්න ගබඩා කිරීමට නිසි යාත්‍රා නොමැති වීම මාළුවල ගුණාත්මක භාවයට බලපායි. බහුදින මසුන් ඇල්ලීමේ ප්‍රයත්නයේ දී අසුවන මත්ස්‍ය අස්වැන්න අතරින්  වැඩි ප්‍රතිශතයක් වන කහ වරල් කෙලවල්ලන්ගෙන් අපනයනය කළ හැකි ගුණාත්මක බවින් යුක්ත වන්නේ සියයට 16 ක් පමණි. යාත්‍රා සහ මත්ස්‍ය හැසිරවීමේ පිළිවෙත් නවීකරණය කිරීමෙන් මත්ස්‍ය අස්වැන්නෙහි ගුණාත්මකභාවය වැඩිදියුණු කළ හැකි අතර ඒ අනුව අපනයන ආදායම ඉහළ නැංවිය හැකිය.

වාර්තාව සඳහන් කරන ආකාරයට වාසස්ථාන විනාශය සහ පරිසර දූෂණය යනාදිය  සංරක්ෂණ ප්‍රවේශයන් මඟින් ද  ධීවර ක්ෂේත්‍රය මත යැපීම අඩු කිරීමට  විකල්ප ජීවනෝපාය මාර්ග හඳුන්වා දීම  තුලින්  ද සහාය විය හැක. විශේෂයෙන්ම මසුන් ඇල්ලීම විකල්පයක් නොවන විට ධීවර ප්‍රජාවන් සඳහා ආදායම් අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාවය කෝවිඩ්-19 වසංගතයෙන් ලැබෙන පාඩම් මගින් පෙන්නුම් කර ඇත.

මෙම වාර්තාව ලෝක බැංකුව විසින් පරිපාලනය කරනු ලබන බහු පරිත්‍යාගශීලීන්ගේ භාර අරමුදලක් වන PROBLUE හි සහය ඇතිව සහ ධීවර අමාත්‍යාංශයේ සමීප සහයෝගයෙන් සකස් කරන ලදී. වාර්තාව සැකසීමට ධීවර ප්‍රජාවන් සමඟ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, ශාස්ත්‍රාලීය විද්වතුන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ කරන ලද උපදෙස් විමසීම් තුලින් ලබාගත් කරුණුද ඇතුළත් කර ඇත. වාර්තාව උප අංශ තුනක අභියෝග සහ අවස්ථාවන් විශ්ලේෂණය කරයි:  මුහුදු මසුන් ඇල්ලීමේ ධීවර කර්මාන්තය (වෙරළබඩ, අක්වෙරළ සහ මහ මුහුද) සහ වෙරළබඩ ජලජීවී වගාව.

සම්බන්ධ වන්න

Colombo
Dilinika Peiris
Washington
Diana Chung

Blogs

    loader image

WHAT'S NEW

    loader image