- add-style
- font-medium
- lp-body-content
කොළඹ, පෙබරවාරි 4, 2020 - ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාට්විග් ශේෆර් (Hartwig Schafer) මෙරට තම සිව් දින සංචාරය නිමා කරමින් ලෝක බැංකුව රටේ සියලු ජනතාවගේ යහපත උදෙසා ශ්‍රී ලංකාවේ වර්ධනයට හා සංවර්ධනයට අඛණ්ඩව සහයෝගය දක්වන බව නැවතත් සහතික විය.
ශේෆර් සිය සංචාරයේ දී නව රජය යටතේ රටේ සංවර්ධන ප්‍රමුඛතා සහ ලෝක බැංකුවේ මූල්‍ය හා දැනුම උපරිම ලෙස ධනාත්මක බලපෑමක් ඇති කිරීම උදෙසා යෙදවිය හැකි ආකාරය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගන්නා ලදී.
“තාක්‍ෂණය හා නවෝත්පාදනයන් ශ්‍රී ලංකාවේ අනාගත වර්ධනයට හේතු වෙයි,” ශේෆර් මෙහි දී පැවසීය. “මහනුවර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක වල කල සංචාරයේ දී ප්‍රවාහනය හා ජලය හා සම්බන්ධ නව්‍ය විසදුම් මගින් පොදු සේවා සැපයීම වැඩි දියුණු කල හැකි ආකාරය මෙන්ම ආර්ථිකය නංවාලීමට, රැකියා උත්පාදනය කිරීමට සහ ජනතාව දිළිඳුකමින් මුදවා ගැනීමට පුද්ගලික අංශය උපයෝගී කර ගැනීමට හැකි ආකාරය පිළිබඳව ද මම නිරීක්ෂණය කළා.”
තවද ශේෆර් මෑත මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතූ අතර ශ්‍රී ලංකාවේ වර්ධනය හා සංවර්ධන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ලෝක බැංකුවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව සහතික කළේය. ඔහු මෙරට අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකා මහා බැංකුවේ අභිනව ආණ්ඩුකාර මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන් හා මුදල් අමාත්‍යංශ ලේකම් සජිත් ආටිගල මහතා ඇතුළු රජයේ අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන්ද තම සංචාරයේදී හමු විය.
“ශ්‍රී ලංකාව අද දකුණු ආසියාවේ හොඳම මානව සංවර්ධන දර්ශක සහිත ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්. ලෝක බැංකුව වසර 60කට වඩා අධික කාලයක් තුල විශ්වාසදායක හවුල්කරුවකු ලෙස මෙම අති විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට ලබා දුන් දායකත්වය පිළිබඳව ආඩම්බර වෙනවා” යයි ඔහු පැවසීය. “අපගේ නව දේශීය උපායමාර්ගය සකස් කිරීමේ දී හා සංවර්ධන හවුල්කරුවන් ලෙස අපගේ සහයෝගිතාවය ලබා දීමේ දී රජය සමඟ සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යයි ශේෆර් තව දුරටත් පැවසීය.
ශේෆර් තවද සිය සංචාරයේදී රජයේ ප්‍රධාන ප්‍රමුඛතා වන මානව හා භෞතික ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීම, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, තරුණ තරුණියන් සඳහා පුහුණු රැකියා උත්පාදනය කිරීම සහ වේගයෙන් වයස්ගත වන ජනගහනයක සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීම වැනි කරුණු සාකච්ඡා කළේය. තිරසාර වර්ධනයේ එන්ජිමක් ලෙස සංචාරක ව්‍යාපාරය කෙරෙහි රජය දක්වන අවධානය ද ඔහු පැසසුමට ලක් කරන ලදී. දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමට කෘෂිකර්මාන්තයේ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සහ වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා අගය එකතු කිරීමේ ක්‍රමවේදයන් සංවර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ලෝක බැංකුව විසින් අරමුදල් සපයන ග්‍රාමීය ජල පවිත්‍රාගාරයක් නැරඹීම සඳහා ශේෆර් මහතා කෑගල්ල දිස්ත්‍රික්කයට ගිය අතර ග්‍රාමීය ප්‍රජාවන්ට පවිත්‍ර කල නල ජලය සපයන ශ්‍රී ලංකාවේ ඇති එකම ව්‍යාපෘතිය මෙයයි. වඩා හොඳ සහ විශ්වාසදායක ජලසම්පාදන සේවාවක් සඳහා යටිතල පහසුකම් පිරිවැයෙන් කොටසක් ආවරණය කිරීමට කැපවී සිටින ප්‍රතිලාභී ප්‍රජාවන් සමඟ ඔහු හමු වී ඔවුන් සමග සංවාදයේ යෙදුනි. යෝජිත මහනුවර බහුකාර්ය ප්‍රවාහන පර්යන්තය (KMTT) හා ඒ මගින් ආරක්ෂාව වැඩි දියුණු කර තදබදය අඩු කර ගත හැකි ආකාරය පිලිබඳ දැන ගැනීමට ඔහු එම ස්ථානයේද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ක්‍රියාකාරී ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) සහ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුවේ (IBRD) ශ්‍රී ලංකාවේ සමස්ත කළඹ ව්‍යාපෘති 18 කින් සමන්විත වේ (මෙහි සමස්ත ශුද්ධ බැඳීම ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් පමණ වේ).
Colombo
Elena Karaban
About The World Bank
The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.
- add-style