Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2019, සැප්තැම්බර් 27

ශ්‍රී ලංකාව ස්වකීය ඵලදායී විභවතාවය ඉහළ නැංවීම උදෙසා මානව සම්පත තුළ ආයෝජනය කිරීමට අවශ්‍ය වේ.

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමට ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සංවර්ධන වෘත්තිකයන් හට මග පෙන්වන අරමුණින් සකස් කරන පලද නව වාර්තාවක් අද දින ලෝක බැංකුව විසින් එළි දක්වන ලදී.

‘ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සංවර්ධනය: මානව ප්‍රාග්ධනයෙහි පොරොන්දුව සහ විභවතාව යතාර්ථවත් කිරීම’ නම් වන මෙම වාර්තාව, රටක අනාගතය උදෙසා එහි මානව ප්‍රාග්ධනයේ තිබෙන අත්‍යාවශ්‍ය වැදගත්කම හඳුනා ගැනෙන, 2018 වර්ෂයේ සිට ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ගෝලීය ප්‍රයත්නය වන, මානව ප්‍රාග්ධන ව්‍යාපෘතියේ කොටසක් වේ. උපතේ සිට වැඩිහිටි විය දක්වා දරුවෙකුගේ ජීවන චක්‍රය අනුගමනය කරමින්, රටක මානව ප්‍රාග්ධනය මනිනු ලබන සහ පුරෝකථනය කරනු ලබන නව මානව ප්‍රාග්ධන දර්ශකයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

වාර්තාවට අනුව 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාව දර්ශකයේ ඇතුළත් කොට ඇති රටවල් 157න් 74වන ශ්‍රේණියට පත් වෙමින්, සියයට 58ක සමස්ත ලකුණක් රැස් කර ගනිමින්, 2019 වර්ෂයේ දී  ගෝලීය වශයෙන් ගත් කල ශ්‍රී ලංකාව මධ්‍යස්ථව හොඳ ප්‍රමාණයකින් පමණක් කාර්යසාධනය දක්වා ඇති බව වාර්තාවෙන් අනාවරණය වේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, වත්මන් අධ්‍යාපන සහ සෞඛ්‍ය තත්ත්වයන් නොකඩවා පැවතිය හොත්, අද දින ශ්‍රී ලංකාවේ උපත ලබන දරුවෙකුගේ ඵලදායි බව වන්නේ , ඔවුනට පරිපූර්ණ අධ්‍යාපනයක් සහ පූර්ණ සෞඛ්‍යයක ප්‍රතිලාභ යටතේ ලැබිය හැකි ඵලදායී බවින් අඩක් පමණි.

 "ඕනෑම රටක වඩාත් අගනාම සම්පත වන්නේ මිනිසුන් වන අතර, මිනිසුන් සඳහා ආයෝජනය කිරීම දක්ෂ ආර්ථික ක්‍රමවේදයකි.” යැයි නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය පැවසීය. “තාක්ෂණය සහ ස්වායත්තකරණය මඟින් රැකියාවල නියම ස්වභාවය මූලික ලෙස වෙනස් කරමින්, කර්මාන්තය යළි හැඩ ගස්වමින් තිබේ. වර්තමානයේ දී ප්‍රාථමික පාසල්වල සිටින දරුවන් දැනට නොපවතින රැකියාවන්වල පවා අනාගතයේ දී නිරත වීමේ සම්භාවිතාවක් ඇත.”ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා එහි මානව ප්‍රාග්ධනය නැවුම් සහ ඉහළ මට්ටමක් කරා සංවර්ධනය කිරීම ප්‍රධාන වේ.”  

දකුණු ආසියාවේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව සතු වන අතර, එය කලාපයේ සහ ආදායම් කාණ්ඩයේ සාමාන්‍යයට වඩා ඉහළය. වසර 5ක් දක්වා පැවැත්ම, පාසල් යාමේ අපේක්ෂිත වසර ගණන, වැඩිහිටි පැවැත්ම සහ වර්ධනයේ දුර්වලතා කෙරෙහි ශ්‍රී ලංකාව හොඳින් ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවට ඉහළ ලකුණක් අත්පත් කර ගැනීමට බලපාන ප්‍රධාන බාධක වන්නේ අඩු පෝෂණය සහ සාමාන්‍යයක් ලෙස පාසල්වලින් ඇති වන ප්‍රමාණවත් නොවන ඉගෙනුම් ප්‍රතිඵලයි.

 “ඉහළ මධ්‍යම ආදායම් වර්ධනය සහ කලාපීය සාධාරණත්වය යන ද්විත්ත්ව දෘෂ්ටිකෝණයන්ගේ සිට මානව ප්‍රාග්ධන සංවර්ධනයට ශ්‍රී ලංකාව විසඳුම් සෙවිය යුතුයි.” යැයි ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥ සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා මානව සංවර්ධන වැඩසටහන් නායක, හර්ෂ අතුරුපාන මහතා පැවසුවේය. “වඩාත් දියුණුවට පත් ව ඇති පළාත්වල මානව ප්‍රාග්ධනයෙහි ශීඝ්‍ර වැඩි දියුණු කිරීම් සිදු කරන අතර,මානව ප්‍රාග්ධනය අවම ලෙස දියුණු වී ඇති පළාත් කෙරෙහි විශාල සම්පත් ප්‍රමාණයක් සහ ප්‍රතිපත්තිමය අවදානයක් අවශ්‍ය වේ.”

සියලු අධ්‍යාපන සහ පුහුණු මට්ටම් ඔස්සේ ඔවුන්ගේ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමට ලෝක බැංකුව විසින් රටවලට උපකාර කරනු ලැබේ. ශ්‍රී ලංකා පූර්ව ළමා සංවර්ධන ව්‍යාපෘතිය විසින් වරප්‍රසාද නොලත් නිවාසවල දරුවන් හට පූර්ව අධ්‍යාපන අවස්ථාවන් සඳහා පිවිසීමේ හැකියාව ඉහළ නංවනු ඇත.ලෝක බැංකුව සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEM) ඔස්සේ සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට දක්වන උපකාරීත්වය මඟින් සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකබාවය වැඩි දියුණු කෙරේ. තවද එය ඉංග්‍රීසි සහ ගණිතය විෂයයන්හි මනා ගුරු කාර්යසාධනයකට සහ ශිෂ්‍ය ඉගෙනුම් ප්‍රතිඵල ලබා ගැනීමට ද දායක වේ. උසස් අධ්‍යාපන ප්‍රසාරණය වේගවත් කිරීම සහ සංවර්ධන ව්‍යාපෘතිය (AHEAD) මඟින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රමුඛතා විෂයයන් සඳහා බඳවා ගැනීම වැඩි කිරීමට මෙන්ම, උපාධි වැඩසටහන්වල ගුණාත්මකබාවය ඉහළ නැංවීමට සහ පර්යේෂණ සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමට ද සහාය ලැබේ.

කොළඹ


සම්බන්ධ වන්න

කොළඹ
දිලිනිකා පීරිස්
+94 (011) 5561347
dpeiris@worldbank.org
වොෂින්ටන්
එලේනා කරබන්
+1 (202) 473-9277
ekaraban@worldbank.org
Api
Api