- add-style
- font-medium
- lp-body-content
කොළඹ, 2023 නොවැම්බර් 01 - ලෝක බැංකුවේ මෙහෙයුම් කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇනා බියර්ඩේ සිය දින 04ක ශ්‍රී ලංකා සංචාරය අද දින නිමා කළාය. මෙහිදී ශ්‍රී ලංකා රජය දිරිමත් කරමින් ඇය කියා සිටියේ ආර්ථික ප්‍රතිසාධනය සහ තිරසර වර්ධනය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිසංස්කරණ කටයුතු ඒ අයුරින්ම සිදුකර ගෙන යන ලෙසටයි. ජනතාවගේ දියුණුව, මිනිස් ශ්‍රම ප්‍රාග්ධනය සහ රැකියා අවස්ථා නිර්මාණය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා ලෝක බැංකුව අඛණ්ඩව කැප වන බව ඇය අවධාරණය කළා ය.
ඇනා බියර්ඩේ මහත්මිය ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කැබිනට් අමාත්‍යවරු, විරුද්ධ පක්ෂ වල නියෝජිතවරු, සිවිල් සංවිධාන, පෞද්ගලික අංශය, සංවර්ධන හවුල්කරුවන් සහ ලෝක බැංකු ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් මුණ ගැසීමට ද කාලය වෙන් කළා ය.
ජනාධිපතිවරයා විසින් සූදානම් කරන ලද වටමේස සාකච්ඡාවකට ද ඇය සහභාගි වූවාය. ප්‍රධාන මැති ඇමතිවරු, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, සහ MDB+ වේදිකාවේ සාමාජිකයන්, එනම්, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු (MDBs) සහ ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් ද ඇතුළත් සංවර්ධන හවුල්කරුවන් එම අවස්ථාවට එක් වූ අතර, සාමාජික ආයතන වලට, ශ්‍රී ලංකාව සමග පවත්නා සිය සම්බන්ධතා සම්බන්ධීකරණය කිරීමට ද එමගින් හැකියාව සලසා දුණි. මෙම වටමේස සාකච්ඡාව මගින් අවධානය යොමු කළ කරුණු අතර, ශ්‍රී ලංකාවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වල ප්‍රගතිය, සංවර්ධනය උදෙසා පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස් කරගැනීම, රැකියා අවස්ථා නිර්මාණයට සහය දීම, මිනිස් ශ්‍රම ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම, සහ කලාපීය සහයෝගීතාව ආදියට ප්‍රධානත්වය හිමිවිය.
“දිගින් දිගටම මතු වූ පෙර නොවූ විරූ කම්පන මාලාවක අතිශය ප්‍රබල බලපෑම් වලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින මේ අවස්ථාවේ දී ආයෝජන වෙත ආකර්ශනය ඇති කිරීමට, රැකියා උත්පාදනයට, දුගී හා අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමට මෙන්ම අනාගත අර්බුද වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීමට පසුබිම සකසන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් කටයුතු කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමේ හැකියාව සලසන පරිපූර්ණ සහ කාලීන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීමට ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වේ. එසේ වුවද, රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම, පුරවැසියන් සම්බන්ධ කරගැනී සහ සමාජ ඒකාබද්ධතාව යනාදී ඇතුළත් වර්ධනයක දී සිදු කළ යුතු කාර්යයන් ද ඒ හා සමානව ම වැදගත් වේ” යනුවෙන් බියර්ඩේ මහත්මිය අදහස් පළ කළා ය.
ඇයගේ මෙම සංචාරයේ දී කෘෂිකර්මය, සෞඛ්‍යය, දේශගුණික විපර්යාස, පෞද්ගලික අංශ සංවර්ධනය සහ කාන්තාවන් සඳහා මූල්‍ය ඇතුළත් භාවය ආශ්‍රිතව උතුරු සහ උතුරු මැද පළාත් වල ලෝක බැංකුව විසින් සහය ලබාදෙන ව්‍යාපෘති ක්‍රියාත්මක වන ප්‍රදේශ වලට වෙත යාමට ද ඇය අමතක නොකළාය.
“ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝගයන් ගැන මාගේ සංචාරයේදී මට අසන්නට ලැබුණි. ප්‍රවීණ වෘත්තිකයන් රට හැර යමින් සිටිති, විපර්යාසයට ලක්වෙමින් පවතින දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ අභියෝගයන්ට ගොවීන් මුහුණ දෙති, එසේම, ආයෝජනය සහ මුල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අවස්ථා ප්‍රමාණවත් නොවීම නිසා ව්‍යවසායකයන් ස අසීරුතාවයන්ට ලක්වෙති,” යනුවෙන්බියර්ඩේ මහත්මිය අවධාරණය කළා ය. “ශ්‍රී ලංකාව ප්‍රතිසාධනය කරා යන ගමනේ දී, වෙළඳපොළ සමග ගොවීන් සම්බන්ධ කිරීමට, සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය සවිමත් කිරීමට, නවෝත්පාදන දිරිගැන්වීමට, යටිතල පහසුකම් වෙත ආයෝජනය තුළින් පවතින තත්ත්වය යථාවත් කිරීමට සහ, කාන්තාවන් හා යොවුන් අය සඳහා රැකියා අවස්ථාවන් නිර්මාණයට, ලෝක බැංකුව දිගින් දිගටම ශ්‍රී ලංකාව වෙත සහය ලබාදෙනු ඇත.”
වසර 70ක ට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ හවුල්කරුවකු වශයෙන් කටයුතු කරන ලෝක බැංකුව, මූල්‍ය සහ දැනුම පිළිබඳ සහය මෙරටට ලබා දී ඇත.
2022 වර්ෂයේ දී ආර්ථික අර්බුදය ආරම්භ වනවිටම, ශ්‍රී ලංකාවේ ජනතාව, විශේෂයෙන්ම දුගී සහ අවදානමට ලක්විය හැකි ජනතාව උග්‍රතම බලපෑම් වලින් ආරක්ෂා කිරීම සඳහා සහය පිණිස ලෝක බැංකුව වහාම ඉදිරිපත් වුණේ, එකී අවශ්‍යතාවන් සඳහා, එවකට පැවති ව්‍යාපෘති වලින් මුදල් යොමු කරවමිනි. ඊට අමතරව, අර්බුදයට මුලින්ම ප්‍රතිචාර දැක්වූවන් අතර ඉදිරියෙන්ම සිටින ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සමග එක්ව සම්බන්ධීකරණ වේදිකාවක් සකසමින්, මූලික සේවාවන් සහ අවශ්‍ය ද්‍රව්‍ය වල තිරසාර භාවය පවත්වා ගැනීමට සහය පිණිස හදිසි අවස්ථා අනුග්‍රාහකත්වය සැලසීමට පෙරමුණ ගෙන කටයුතු කළේය.
ඩයනා චංග්
බුද්ධි ෆීලික්ස්ගේ
About The World Bank
The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.
- add-style