- add-style
- font-medium
- lp-body-content
කොළඹ, 2023 පෙබරවාරි 28 - දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ උප සභාපති මාටින් රයිසර් මහතා, සිය දින හතරක ශ්‍රී ලංකා සංචාරය අද දින අවසන් කරමින්, ආර්ථික අභියෝග වලට මුහුණ දීමට, තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීමට, සහ සෑමජනකොටසකටමප්‍රතිලාභබෙදීයන සහ ඔරොත්තු දීමේ හැකියාව ඇති ආර්ථිකයක්ගොඩනැගීමටමඟ සැලසීම සඳහා මෙරටට අඛණ්ඩව සහය දෙන බව ප්‍රකාශ කළේය.
රයිසර් මහතා ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා ද, භාණ්ඩාගාර ලේකම්වරයා, මහ බැංකුවේ අධිපති, රජයේ ජ්‍යේෂඨ නිලධාරීන්, සංවර්ධන පාර්ශ්වකරුවන් සහ ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලන පක්ෂ වල බුද්ධිමතුන්, චින්තකයින්, සිවිල් සමාජ සංවිධාන සහ අධ්‍යාපනඥයින් ද මුණගැසුණේය.
“ශ්‍රී ලංකාවේ පවතින සාර්වආර්ථික සහ ණය අර්බුදය එහි ජනතාවට තදින්ම බලපා ඇත. මෙම අර්බුදයෙහි උග්‍ර බව මගින් පැහැදිලිවම පෙනී යන්නේ, ශ්‍රී ලංකාවට නව සංවර්ධනය ආකෘතියක් අවශ්‍ය වන බවයි. නමුත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණයන් පිළිබඳ දැඩි විශ්වාසයක් සහ අවබෝධයක් අවශ්‍යයයි,” යැයි මාටින් රයිසර් මහතා පැවසීය. “මේ සඳහා රජයේ ප්‍රතිසංස්කරණයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හා ප්‍රතිසංස්කරණය පිළිබඳසන්නිවේදනය වැඩිදියුණු කිරීම වහා ක්‍රියාවට නැංවීම කළ යුතුයි. තවද, ජාත්‍යන්තර ණය සහන වේගවත් කරගැනීම සහ ජාත්‍යන්තර මූල්‍ය සහය ලබාගැනීම, ජනතාවගේවිශ්වාසයහාරටෙහිවෙනසක්ඇතිකිරීමටඇතිඅවස්ථාවරැකගැනීමටබෙහෙවින්ඉවහල්වනුඇත,” යනුවෙන් ද පැවසීය.
සිය සංචාරය අතරතුර, රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම සහ රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හරහා මෙන්ම ණය කළමනාකරණය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික පාලනය පරිවර්තනයකට ලක් කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ වල ප්‍රගතිය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය. ප්‍රතිසංස්කරණ සඳහා මහජන සහය ලබාගැනීමට සහ එම සහය ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහා, ඉහළ විනිවිද භාවය, පාලනයේ වැඩිදියුණු කිරීම්, රැකියා බිහිකිරීමට සහය දීම මෙන්ම දුගී ජනයා සඳහා වඩාත් ඉලක්කගත රැකවරණයක් ලබාදීම ද ඉතා වැදගත් බව ඔහු අවධාරණය කළේය.
ලෝක බැංකුව විසින් මූල්‍ය සම්පාදනය කළ උතුරුමැද සහ වයඹ පළාත් වල සෞඛ්‍ය සහ කෘෂිකාර්මික අංශ වල ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා ද එම පළාත් සංචාරය කළ රයිසර් මහතා, ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සම්බන්ධයෙන් පුළුල් පරාසයක පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට ද කටයුතු කළේ ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පළමුවෙන්ම ප්‍රතිචාර දැක්වූවන් අතර ලෝක බැංකුව ද වේ. මේ සඳහා ලෝක බැංකුවේ හදිසි ප්‍රතිචාර සහය හරහා ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ලෝක බැංකු ව්‍යාපෘති වලින් ඇමරිකානු ඩොලර් මිලියන 325ක මුදලක් දැනටමත් යොමු කර ඇත්තේ, ආර්ථික අර්බුදයේ බරපතල ප්‍රතිවිපාක වලින් දුගී සහ අවදානමට ලක්විය හැකි ජනතාව රැකගැනීම සඳහා ය. සහන මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර සංවර්ධන සංගමය වෙත ශ්‍රී ලංකාව කළ ඉල්ලීම, ලෝක බැංකුව විසින් දෙසැම්බර් මාසයේ දී අනුමත කළේය. අඩු පොලී අනුපාතිකයන් මත නිකුත් කරනු ලබන මේ ආකාරයේ මූල්‍ය පහසුකම් මගින්, ආර්ථිකය ස්ථාවර බවට පත්කිරීම සඳහා මෙන්ම, දුගී භාවය සහ කුසගින්නෙන් පීඩා විඳින මිලියන ගණනක් ජනයාගේ ජීවනෝපායයන් ආරක්ෂා කිරීමට රජය විසින් සිදුකරන ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහය ලැබෙනු ඇත.
පුද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුතු රැකියා උත්පාදනය, ඇතුළත් භාවය, මානව හා ස්වාභාවික ප්‍රාග්ධන ආරක්ෂණය සහ ශක්තිමත් කිරීම, රට පාලනය කිරීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම සහ හරිත සංවර්ධන මාවතක් ඉලක්ක කරගෙන, ඊළඟ වසර හතර (2023-2026) සඳහාරටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්යරාමුවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කිරීම ලෝක බැංකු සමූහය විසින් ආරම්භ කර ඇත.
දිලිනිකා පීරිස්
එලේනා කරබන්
About The World Bank
The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.
- add-style