- add-style
- font-medium
- lp-body-content
2021 නොවැම්බර් 03, කොළඹදී - අන්තර්කරණය වූ සම්බන්ධතා සහ සංවර්ධන ව්‍යාපෘතිය හරහා කෘෂිකාර්මික සැපයුම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා ආරක්‍ෂිත, කාර්යක්‍ෂම සහ දේශගුණයට ඔරොත්තුදෙන සම්බන්ධතාවයන් සැපයීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 500 මුල්‍යාධාර ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය මගින් ශ‍්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක ග‍්‍රාමීය ප‍්‍රජාවට අයත් මිලියන 16ක පමණ ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරනු ලැබේ.
රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගල සහ ලෝක බැංකුව වෙනුවෙන් දකුණු ආසියානු කලාපය සඳහා ලෝක බැංකු උප සභාපති හාට්විග් ෂේෆර් මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
ග‍්‍රාමීය ප‍්‍රජාවගේ ප‍්‍රධාන ජීවනෝපාය මූලාශ‍්‍රය කෘෂිකර්මාන්තය වන අතර ගොවීන්ගේ කටයුතු වලට අවශ්‍ය සම්පත් ලබා ගැනීම මෙන්ම දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළ වලට සම්බන්ධ වීම යනාදී කටයුතු රටෙහි මහාමාර්ග මත දැඩිලෙස රඳා පවතී.. ජාතික මහාමාර්ග සියල්ලම පාහේ කාපට් අතුරා සකස්කර තිබුනද, පාවිච්චි කිරීමට හොඳ තත්වයේ පවතින්නේ පළාත් මාර්ග වලින් 67%ක් සහ ග‍්‍රාමීය මාර්ග වලින් 13%ක් පමණි. දකුණු ආසියානු කලාපයේ වැඩිම මහාමාර්ග මරණ අනුපාතය ද ශ්‍රී ලංකාව සතු අතර එම අගය වසරකට මරණ 3,000ක් පමණ වේ.
“ග‍්‍රාමීය ප‍්‍රජාවන් සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන් හා ආර්ථික අවස්ථාවන් සමග සම්බන්ධ කිරීමට බාධාවලින් තොර සහ ආරක්ෂාකාරී මහාමාර්ග පද්ධතියක් පැවැතීම අත්‍යාවශ්‍යවනවා” යැයි ලෝක බැංකුවේ දකුණූ ආසියාව සඳහා වූ උප සභාපති හාර්ට්විග් ෂේෆර් මහතා පැවසීය. “මහාමාර්ග සංවර්ධනය සඳහා ආයෝජන වැඩි තුළින් ශ‍්‍රී ලංකාවේ මානව ප‍්‍රාග්ධනයේ වේගවත් වැඩි දියුණුවක් ඇතිකිරීමට හැකි අතර මෙමගින් තිරසර සහ අන්තර්කරණයවූ ආර්ථික වර්ධනයකට ද මගපාදනු ඇත.”
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන උපායමාර්ගයේ ප‍්‍රධාන අංගයක් වන “ග‍්‍රාමීය මාර්ග කිලෝ මීටර් 100,000 සංවර්ධනය කිරීමේ වැඩසටහනේ” කොටසකි.
“මෙම ව්‍යාපෘති සැලැස්ම සහ එය අපගේ ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ට ගෙන එන ප‍්‍රතිලාභ පිළිබඳව අපි අතිශයින්ම සතුටු වන්නෙමු” යි පැවසූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මෙසේද පැවසීය: “අපගේ මහාමාර්ග ජාලයේ ආරක්‍ෂාව, ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසරභාවය සහතික කිරීම සඳහා වූ පරිපූර්ණ ප‍්‍රවේශය වඩාත් යහපත් ආර්ථික සංවර්ධනයක් පශ්චාත් වසංගත සමයේ ඇති කිරීම සඳහා ඉතා වැදගත්” යැයි එම මහතා වැඩි දුරටත් පැවසීය.
ලෝක බැංකුවේ මුල්‍යාධාර යටතේ ප‍්‍රවාහන සම්බන්ධතාවන් සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය (Transport Connectivity and Asset Management Project) සහ ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහිත ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන් I සහ II (Integrated Road Investment Programs – iRoad) යටතේ ක‍්‍රියාත්මක වන පළාත් සහ ග‍්‍රාමීය මාර්ග ප‍්‍රතිසංස්කරණ කාර්යයන් මත මෙම ව්‍යාපෘතිය ගොඩනැගීමට අපේක්‍ෂා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය උගත් පාඩම් මත ගොඩනැංවීමෙන් සිය සේවාවන් පුඵල් කිරිමට ශ්‍රී ලංකා රජයට සහාය ලබාදේ. එසේම මේ යටතේ ග‍්‍රාමීය ජීවනෝපායයන් වැඩිදියුණු කරන අතර අන්තර්කරණය වූ ආකාරයට ග‍්‍රාමීය සම්බන්ධතාවයන් වැඩි දියුණු කිරීම සඳහා පුඵල් ක‍්‍රමවේදයක් ස්ථාපිත කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ මහා මාර්ග අමාත්‍යාංශය මගිනි. ව්‍යාපෘති අධීක්‍ෂණය සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කරනු ලැබේ.
දිලිනිකා පීරිස්
ඩයනා චන්ග්
About The World Bank
The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.
- add-style