col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-8
col-lg-8
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-7
col-lg-7
  • add-style
  • font-medium
  • lp-body-content

2020 නොවැම්බර් 27, කොළඹදී—මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් එච්. හදාද්-සර්වෝස් මහතා සිය ශ්‍රී ලංකාවේ පළමු සංචාරය අද නිම කළේ ය. මෙම සංචාරයේ අරමුණ වූයේ මූලික ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවීම සහ රටේ සංවර්ධන ප්‍රමුඛතාවයන් අවබෝධ කර ගැනීම ය. නේපාලයේ කත්මණ්ඩු නුවර වෙසෙන නව අධ්‍යක්ෂවරයා සිය තනතුරට පත්වූ පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. මේ සමඟ කොළඹ වෙසෙන; මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු කළමනාකාරිණි චියෝ කන්ඩා මහත්මිය ද එක් විය.

"කොළඹ සහ අනෙකුත් පළාත්වල අප කළ සංචාරවල දී අපට මුණ ගැසුණු සියලු පුද්ගලයන් රජයේ නිලධාරීන්, පුද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ නියෝජිතයන් අප සමග කල සෘජු සහ ථලදායී සාකච්ඡා අපි අගය කොට සලකනවා. එමඟින් අපිට ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය පිළිබඳ ඇති කතිකාව සහ බලාපොරොත්තු ගැන අදහසක් ලබා ගන්නට හැකි වුණා,” මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් එච්. හදාද්-සර්වෝස් මහතා පවසයි.“ලෝක බැංකුව ශ්‍රී ලාංකික ජනතාවගේ දිගුකාලීන හවුල්කරුවෙක් වගේම, ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් උපකාර කිරීමට කැපවී සිටී.” එම මහතා තවදුරටත් පවසා සිටියි.

නව ලෝක බැංකු කළමනාකාරීත්වය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා සහ ශ්‍රී ලංකාවේ වත්මන් ලෝක බැංකු වැඩසටහනට සම්බන්ධ ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡාවන් පවත්වා තිබේ.

තිරසාර වර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ඇති ඉහළ විභවය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ඔවුන් පුලුල් පරාසයක කටයුතු කරන සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, සංවර්ධන පාර්ශවකරුවන් මෙන්ම ක්ෂේත්‍ර ප්‍රවීණයන් ද හමුවිය.

මෙම සංචාරයේදී දකුණු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය නිරීක්ෂණය කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වරාය සහ අනෙකුත් පහසුකම් නැරඹීම ද ඇතුළත් විය. කළුතර දිස්ත්‍රික්කයේ හල්තොට රජයේ රෝහලේදී, ප්‍රාථමික සෞඛ්‍ය සේවය වැඩිදියුණු කිරීම, බෝ නොවන රෝග පරීක්ෂා කිරීම සහ කළමනාකරණය ඒකාබද්ධ කිරීම සහ ප්‍රවර්ධන හා සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා රජය ගන්නා උත්සාහය ඔවුහු දැක ගත්හ.

“කොවිඩ්-19 අර්බුද සමයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳව ලෝක බැංකුව අව‌බෝධයකින් පසුවනවා. ඒ අතරම තිරසාර ප්‍රතිසාධනයක් සඳහා ඇති අවස්ථා ගැනද ලෝක බැංකුව අවධානයෙන් පසුවනවා. කොවිඩ්-19 අර්බුදයෙන් පසුව සැමට අවස්ථාව සලසන සුනම්‍ය ආර්ථික වර්ධනයක් ළඟා කරගන්න ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා අපගේ දැනුම, තාක්‍ෂණික හා මූල්‍ය සම්පත් අපි උපයෝගී කර ගන්නවා,” මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු කළමනාකාරිණි චියෝ කන්ඩා මහත්මිය පවසයි. “අප විසින් රට පිළිබඳව සිදුකරන ක්‍රමානුකූල විනිශ්චය (SCD - Systematic Country Diagnostic) යාවත්කාලීන කිරීම තුළින් ඉදිරි වසර 4-5 සඳහා ලෝක බැංකු සමූහය ශ්‍රී ලංකාව සමඟ පවත්වන ගනුදෙනු සඳහා අවබෝධය වැඩි කර ගනිමින් නව හවුල්කාරිත්ව රාමුව සකසා ගන්නවා.” එතුමිය තවදුරටත් පවසා සිටියි.

ලෝක බැංකුව රට පිළිබඳව සිදුකරන ක්‍රමානුකූල විනිශ්චය යනු පුළුල් පරාසයක පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කරමින් සිදු කරන දරිද්‍රතාවය අවම කිරීම, සහ සමෘද්ධිය තිරසාර ලෙස ඉහළ නැංවීම සඳහා තිබෙන ප්‍රධාන අභියෝග සහ නව අවස්ථාවන් පිළිබඳව සොයා බලන සවිස්තරාත්මක විශ්ලේෂණයකි.

කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන්, ලෝක බැංකුව ලංකාව තුළ දැනට පවත්නා ව්‍යාපෘති ප්‍රතිව්‍යුහගත කිරීමෙන් වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා රජය ගන්නා උත්සාහයට සහාය වීම සඳහා සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් ලබාදෙන ලදී. ආරක්ෂක උපකරණ (PPE) සැපයීම, අවදානමට ලක්වූ ජනතාවට තාවකාලික මූල්‍ය සහායයන් ලබා දීම, පොදු ප්‍රවාහනය සෞඛ්‍යාරක්ෂිත කිරීම, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම යනාදිය මේ යටතේ රජය ගෙන ඇති එවන් උත්සාහයයන් කිහිපයකි. රජයේ ප්‍රමුඛතා හා ඉදිරි සංවර්ධන අවශ්‍යතාවයන්ට අනුවර්තනය වීම සඳහා වැඩසටහන තවදුරටත් සීරු මාරු කිරීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ වර්තමාන ලෝක බැංකු ව්‍යාපෘති ආයෝජන කළඹ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති 19 කින් සමන්විත වන අතර ප්‍රවාහන, නාගරික, කෘෂිකාර්මික, ජලය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුළු විවිධ අංශ සඳහා යොදවන ලද ඇමරිකානු ඩොලර් බිලියන 3.65 ක වටිනාකමකින් ද යුක්ත වේ.

Contacts

Dilinika Peiris

dpeiris@worldbank.org
Colombo

Diana Chung

dchung1@worldbank.org
Washington D.C.

About The World Bank

The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.

col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
  • add-style

ආශ්‍රිත

lp-heading-bottom-medium

OMBC

Online Media Briefing Center (OMBC) news for accredited journalists
Sign In
https://media.worldbank.org/
Register
https://media.worldbank.org/user/register
secondary
white-btn