මාධ්‍ය නිරාවරණය

ආපදා ප‍්‍රතිසාධන ප‍්‍රයත්නයන්ගේ ප‍්‍රගමණය සඳහා ශී‍්‍ර ලංකාවට ලෝක බැංකු සහාය

2016, සැප්තැම්බර් 5


2016 සැප්තැම්බර් 05, කොළඹදී : දේශගුණික ආපදාවන්ගෙන් ජනතාව සහ යටිතල පහසුකම් ආරක්‍ෂා කර ගැනීමට සහ ආපදාවන් සඳහා ඵලදායී අන්දමින් ප‍්‍රතිචාර දැක්වීමට රජයට සහාය ලබා දීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 42 ක ණය ආධාරයක් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව සහ ලෝක බැංකුව අද අත්සන් තැබීය.

මෑතකදී සිදු වූ දරුණු කාලගුණික තත්වයන් නිසා හානියට පත් වාරිමාර්ග, ගංවතුර පාලනය කිරීමේ යටිතල පහසුකම් සහ මහා මාර්ග, ආපදාවන්ට ඔරොත්තු දෙන පරිදි කඩිනමින් අළුත්වැඩියා කිරීම සඳහා 2014 අපේ‍්‍රල් මාසයේදී අනුමත කළ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතියට (CRIP) අමතර මුල්‍යාධාරයක් වශයෙන් මෙම මුදල ලැබෙනු ඇත. 

දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය අනුමත කරන ලද්දේ බරපතල ව්‍යසනයන්හිදී සිදුවන ආපදාවන්ට මුහුණ දීමේ විශේෂ අරමුදල් පහසුකම  (CAT-DDO)  සමග ඒකාබද්ධ වූ පැකේජයක් ලෙසයි. මෙහි අරමුණ වන්නේ දේශගුණික සහ ආපදා අවදානම් අඩු කිරීමේ කෙටි කාලීන සහ දිගු කාලීන අවශ්‍යතා සඳහා මුදල් ලබා දීමයි. බරපතල ව්‍යසනයන්හිදි සිදුවන ආපදාවන්ට මුහුණ දීමේ විශේෂ අරමුදල් පහසුකම (CAT-DDO)  යනු ස්වාභාවික විපතකට පසු සාමාන්‍යයෙන් ද්‍රවශීලතා ගැටලු ඉහල තත්වයක පවතින අවස්ථාවලදී මැදි ආදායම් ලබන රටවල් සඳහා වහාම ද්‍රවශීලතා හැකියාව ලබා ගැනීම සඳහා ඇති කරන ලද අවිනිශ්චිත ණය පහසුකමකි. මෙවැනි මුල්‍ය පහසුකම් බොහෝ විට භාවිතා කරනු ලබන්නේ නිතර ඇතිවන ස්වාභාවික ආපදා වලින් ඇති වන  මුල්‍යමය අහිමිවීම් පියවා ගැනීම සඳහාය.  ස්වභාවික ආපදාවන්ට නිතර ගොදුරුවන රටවල පුලුල් කාළගුණික අවදානම් කළමනාකරණ ක‍්‍රම උපායයෙහි එක් අංගයක් ලෙස මෙම පහසුකම භාවිතා කිරීම ඉතා ඵලදායක වේ.  2016 මැයි මාසයේදී ඇති වූ ගංවතුර සහ නායයෑමේ ආපදා වලින් පසු ලැබුනු  ඇමෙරිකානු ඩොලර් මිලියන 42ක අතිරේක මුල්‍ය අනුග‍්‍රහයන්ට අමතරව  මෙම පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 101.47ක මුල්‍ය අනුග‍්‍රහයක් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා රජයට හැකිවිය.

ශී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනයට සහ දුගීබව තුරන් කිරීමේ ප‍්‍රයත්නයන්ට දරුණු කාලගුණික තත්වයන් නිසා ඇතිවිය හැකි අභියෝගයන්ගේ තරම මෑතකදී ඇති වූ ගංවතුර සහ නායයෑම් මගින් පෙන්වා දී ඇත.  එම නිසා අවදානම් කළමනාකරණ මූල්‍ය පහසුකම් හරහා පොදුවේ ජනතාවගේ ජීවිතල ආයෝජන සහ වත්කම් කළමනාකරණය කිරීම රජයේ ප‍්‍රමුඛතාවයක් වී ඇත.යනුවෙන් ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්‍ෂ අයිඩා පෂ්වරායි-රිද්ධිහෝග් මහත්මිය පැවසුවාය.

2016 මැයි මාසයේදී ශී‍්‍ර ලංකාවට බලවත් හානි සිදුකළ  නිවර්තන කලාපීය  රෝනුකුණාටුව නිසා පුද්ගලයින් 96 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූ අතර දිස්ති‍්‍රක්ක 22ක දරුණු ගංවතුර සහ නායයෑම් සිදුවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුවේ සහාය ඇතිව රජය මගින් සිදුකළ පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ මූලික තොරතුරු වලින්  පෙන්වා දී ඇති පරිදි එහිදී ඇතිවූ සම්පූර්ණ විනාශවීම් සහ අහිමිවීම් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 570 ඉක්මවීය.

සිදුවූ ආපදාවන්ගේ දරුණුකම සහ එයින් ජන ජීවිතයට ඇතිවූ බලපෑම සලකා බැලූ ජනාධිපතිතුමා 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත යටතේ බස්නාහිර වයඹ සබරගමුව උතුරුමැද මධ්‍යම සහ ඌව පළාත් වල හදිසි ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත් කළේයජනාධිපතිවරයා විසින් මෙවැනි හදිසි ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත්කිරීම නිසා දරුණු ව්‍යසනයන්හිදි සිදුවන ආපදාවන්ට මුහුණ දීමේ විශේෂ අරමුදල් පහසුකම (CAT-DDO) යටතේ අරමුදල් ලබා ගැනීමේ හැකියාව රජයට ලැබුනි.  මෙම පහසුකම යටතේ පසුගිය සතියේ රජය ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 101.47ක  මූල්‍ය අනුග‍්‍රහය නිසා 2016 මැයි මාසයේදී සිදු වූ ගංවතුර සහ නායයෑම් අනතුරු වලින් පසු සිදු කෙරෙන පශ්චාත් ආපදා  ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට රජයට හැකියාව ලැබෙනු ඇත. යනුවෙන් ව්‍යාපෘතියේ කාර්ය කණ්ඩායම් නායක මාක් ෆෝනි මහතා පැවසීය.

ශී‍්‍ර ලංකා රජයේ අනුමැතිය ලබා දී ඇති පරිදි ලෝක බැංකු කණ්ඩායමේ කි‍්‍රයාකාරකම් නියාමනය කරනු ලබන්නේ ශී‍්‍ර ලංකා සහභාගීත්ව සම්මුතිය (CPF) මගිනි.  ඉදිරි වසර හතර සඳහා එනම් 2020 ජූනි මාසය දක්වා ලෝක බැංකු අනුග‍්‍රහයන් ශී‍්‍ර ලංකා සහභාගීත්ව සම්මුතිය මගින් නියාමනය කරනු ඇත. ලෝක බැංකුවේ වත්මන් මුල්‍යාධාර බැඳීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 කි.

මාධ්‍ය සම්බන්ධතා
තුළ Washington:
Joe Qian
දුර: +1 (202) 473 56331
jqian@worldbank.org
තුළ Colombo:
Dilinika Peiris-Holsinger
දුර: +94 (011) 5561347
dpeiris@worldbank.org



Api
Api

Welcome