Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය2023, ඔක්තෝම්බර් 3

රාජ්‍ය මූල්‍ය පිළිබඳ තිරසාර මඟකට අවතීර්ණ වීමට, ශ්‍රී ලංකාව මූලික වශයෙන් ආදායම් එක්රැස් කරගත යුතු වේ

ආදායම් එකතු කරගැනීම ඉහළ නැංවීමට, නවීකරණය කළ බදු පරිපාලන ක්‍රමෝපායයක් අත්‍යවශ්‍යයි

කොළඹ, 2023 ඔක්තෝබර් 3 – 2023 වර්ෂයේ 3.8%ක සංකෝචනයක් අපේක්ෂිත ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වර්ෂයේ 1.7%ක වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි ලෝක බැංකුව පවසන්නේ වසරකට-දෙවතාවක් සිදු කරනු ලබන ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම ප්‍රකාශ කරයි.  ආර්ථිකයේ පූරෝකථන අවිනිශ්චිතතා හේතුවෙන් අපැහැදිලි තත්ත්වයක් පෙන්වන බව ද එමගින් දක්වා සිටියි.  එසේම, ආර්ථික වර්ධනයේ ඉදිරි ප්‍රගතිය රඳා පවතින්නේ, ණය ප්‍රති-ව්‍යුහගත කිරීම සහ දැඩි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත බව ද එය සඳහන් කරයි.

අද දිනයේ දී නිකුත් කළ, වඩා යහපත් අනාගතයක් උදෙසා බදු ආදායම් එක්රැස් කරගැනීම (Mobilizing Tax Revenue for a Better Future) නම් වූ ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම කියා ඇත්තේ, සාර්ව-ආර්ථික ස්ථාවරත්වය වෙත ශ්‍රී ලංකාව නැවත අවතීර්ණ වීමේ දී ආදායම් එක්රැස් කිරීමේ ක්‍රමවේදය වැඩිදියුණු කිරීම අතිශයින්ම වැදගත් බවයි.  දේශීය දළ නිෂ්පාදිතයට-බදු අනුපාත සම්බන්ධයෙන් ලෝකයේ අන් රටවල් හා ගත් කල, ශ්‍රී ලංකාව සිටින්නේ ඉතාමත්ම අඩු අනුපාතයක් සහිත රටවල් අතර ය.  2022 වර්ෂය වනවිට, ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය,අවම, බහුවිධ, සහ නිරන්තරයෙන් වෙනස්වන අනුපාත, පදනමෙහි පටු බව, ප්‍රාග්ධන ආදායම් වලට වඩා ශ්‍රමය මත පටවන ලද ඉහළ බදු, වක්‍ර බදු මත වැඩි විශ්වාසයක් තැබීම, සහ බදු අනුකූලතාවය සම්බන්ධයෙන් සලකා බැලූ විට දුර්වල පරිපාලනයකි.  බදු ක්‍රමවේදය සංකීර්ණ වීමට, අකාර්යක්ෂම වීමට සහ සාධාරණ නොවීමට මෙකී අංග හේතුපාදක විය.

රජය බදු ප්‍රතිසංස්කරණ පැකේජයක්, 2022 මැයි මාසයේ සිට ක්‍රියාවට නංවමින් සිටියි.  නව බදු හඳුන්වාදීම, බදු අනුපාතිකයන් ඉහළ නැංවීම සහ බදු පදනම පුළුල් කිරීම, සහ බදු එකතු කිරීම් වල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම බදු හා අනුකූලතා ඉහළ  නැංවීම එම ප්‍රතිසංස්කරණ පැකේජයට ඇතුළත් විය. ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම, සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ වල ප්‍රගතිය, නිර්දේශ සහ ඉදිරි පියවරයන් ඇගයීමට ලක් කරයි.

 “ආර්ථික අර්බුදය ආරම්භයේ පටන් දැඩි ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ.  තිරසාර වර්ධනයක මාවතක් නැවත අත්පත් කර  ගැනීමේ දී, රාජ්‍ය මූල්‍ය අවදානම් කළමනාකරණය කරගනිමින් ප්‍රතිසංස්කරණ කටයුතු ද නිසි ලෙස පවත්වා ගෙන යාම අතිශයින් වැදගත් වේ” යැයි ලෝක බැංකුවේ, ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ, ෆාරිස් එච්. හැඩාඩ්-සර්වොස් මහතා පැවසීය.  “බදු අදායම වැඩි කරගැනීමට දරන ප්‍රයත්නය රාජ්‍ය වියදම් වල විනිවිද භාවය සමඟ එක් කිරීමෙන් මහජන විශ්වාසය ගොඩනැගීම සහ වඩා හොඳ රාජ්‍ය සේවාවක් ලබා දීම කළ හැකි වනු ඇතැයි ඔහු තවදුරටත් පැවසීය.

ආදායම් ඉහළ නැංවීමට, නවීකරණය කළ බදු පරිපාලන ක්‍රමෝපායයක් කාර්යක්ෂම අන්දමින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එහිදී, විද්‍යුත් මාර්ගයෙන් ලිපිගොනු ඉදිරිපත් කිරීම (e-filing), බදු අනුකූලතා අවදානම් කළමනාකරණයට තෙවැනි පාර්ශ්ව තොරතුරු යොදා ගැනීම, බදු නෛතික ආරවුල් විසඳීම් ක්‍රියාපටිපාටි වැඩි දියුණු කිරීම (streamlining), සහ ගෙවීම් පැහැර හරින ලද බදු මුදල් අය කරගැනීම ආදී දෑ දිරිමත් කිරීම ප්‍රධානතම ප්‍රමුඛතාවන් අතර තිබිය යුතු වේ.  එපමණක් නොව, විශාල සහ ඉහළ-ශුද්ධ වටිනාකම් සහිත පුද්ගලයන් ඉලක්ක කරගැනීමට මෙන්ම ඒ හා බැඳුණු සංකීර්ණතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පරිපාලනමය හැකියාව වැඩි දියුණු කර ගැනීම වැදගත් වනු ඇත.  එහිදී, ඉහත කී එක් එක් මැදිහත්වීම් වල පදනම ලෙස ක්‍රියාකරනු ඇති තොරතුරු තාක්ෂණ (IT) යටිතල පහසුකම් සවිමත් කිරීමෙහි ලා ආයෝජන අවශ්‍ය වනු ඇත.  

ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම යනු, දකුණු ආසියා සංවර්ධන ඇගයුමෙහි සහායක කොටසකි.  එය, ලෝක බැංකුව විසින් වසරකට දෙවතාවක් නිකුත් කරනු ලබන වාර්තාවකි.  දකුණු ආසියානු සංවර්ධන ඇගයුම, කලාපයේ ආර්ථික සංවර්ධනය සහ ඉදිරි ගමන විමසා බැලීම හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රටවල් මුහුණ දෙන අභියෝග විශ්ලේෂණය කිරීම සිදු කරයි.  2023 ඔක්තෝබර් සංස්කරණය නිකුත් වුණේ වේගවත්, පැහැදිලි වර්ධනයක් කරා නමැති මාතෘකාව යටතේ ය.  දකුණු ආසියාවේ වර්ධනය, ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් කලාප සියල්ලට වඩා වැඩි බැව් ද, එසේ නමුත්, පූර්ව-වසංගත වර්ධන වේගය හා ගත් කල එය මන්දගාමී බවත්, සංවර්ධන ඉලක්ක සපුරාලීමට ප්‍රමාණවත් වේගයක් එහි නොමැති බවත් එමගින් පෙන්වා දෙයි.  කලාපයේ තිබෙන රටවල් සම්බන්ධයෙන්, රාජ්‍ය මූල්‍ය අවදානම් කළමනාකරණය සහ, පෞද්ගලික අංශයේ ආයෝජන වැඩි කරගැනීම සහ ගෝලීය බලශක්ති සංක්‍රාන්තිය මගින් නිර්මාණය කර ඇති අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම ද ඇතුළුව, ආර්ථික වර්ධනය වේගවත් කරගැනීම සඳහා වන කෙටි සහ දිගු-කාලීන ප්‍රතිපත්තිමය නිර්දේශයන් ද මෙම වාර්තාවේ දක්වා ඇත.     

Image

Source: World Bank, Poverty & Equity and Macroeconomics, Trade & Investment Global Practices. Emissions data sourced from CAIT and OECD.

Notes: e=estimate, f=forecast. Poverty data are expressed in 2017 PPP, versus 2011 PPP in previous editions - resulting in major changes. See pip.worldbank.org

(a) GDP by expenditure for 2020 and 2021 are estimates, as the data published on March 15, 2023 by authorities only included GDP by production. 

(b) Calculations based on SAR-POV harmonization, using 2019-HIES. Actual data: 2019. Nowcast: 2020-2022. Forecasts are from 2023 to 2025.

(c) Projection using neutral distribution (2019) with pass-through = 0.87 (Med(0.87)) based on GDP per capita in constant LCU.

සම්බන්ධ වන්න

වොෂිංටන්
ඩයනා චoග්
කොළඹ
දිලිනිකා පීරිස්

Blogs

    loader image

WHAT'S NEW

    loader image