col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-8
col-lg-8
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-7
col-lg-7
  • add-style
  • font-medium
  • lp-body-content

2022 දෙසැම්බර් 05 වන දින වොෂින්ටන් – පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මුල්‍ය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ලෝක බැංකුව අද අනුමැතිය ලබා දී ඇත. මෙම අනුමැතිය ලැබීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර සංවර්ධන සංගමය යටතේ මුල්‍ය පහසුකම් ලබන රටක් වන බවය. අඩු පොලී අනුපාත යටතේ ලබාදෙනුු ලබන මෙම මුල්‍යය පහසුකම් ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දුගී සහ අවධානමට ලක් වී ඇති ජන කොටස් ආරක්ෂා කිරීමට රජය ක්‍රියාත්මක කරන ප‍්‍රතිසංස්කරණ වලට උපකාරී වනු ඇත.

“ පවතින ආර්ථික අභියෝගය හමුවේ නැවත රට යථා තත්වයට පත් කිරීමට ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරීමට අපි කැපවී සිටින්නෙමු.”යනුවෙන් පැවසූ ලෝක බැංකුවේ සංවර්ධන මුල්‍ය පිළිබඳ උප සභාපති අකිහිතෝ නිෂියෝ, මෙසේද පැවසීය: “ තිරසාර ආර්ථික වර්ධනයට අඩිතාලම යොදමින් රට තුළ දිළිඳු කම අඩු කිරීමට සහ නැවත ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකු සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම්.”

ශ්‍රී ලංකා ආර්ථිකය නැවත යථා තත්වටයට පත් කිරීමට සහ අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී, ලෝක බැංකුව ජාත්‍යන්තර සංවර්ධන සංගමය හරහා සහනදායී මුල්‍ය පහසුකම්, තාක්‍ෂණික සහාය සහ ප‍්‍රතිපත්තිමය උපදෙස් ලබා දීමට බලාපොරොත්තුවේ..

ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ සහනදායි මුල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීමට හැකියාව ලැබීම නිසා, ජාත්‍යන්තර සංගමය ලබා දෙන වඩාත් හිතකර කොන්දේසි වලට අනුව දැනට පවතින ණය සේවා පීඩනය සමනය වනු ඇත. ඒ සමඟම ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ මෙහෙයුම් ප‍්‍රතිපත්ති වලට අනුකූල වීම අවශ්‍යවේ.

“ ශ්‍රී ලංකාවේ තීරණාත්මක අවශ්‍යතාවයන් පවතින මේ මොහොතේ, වාර්තාගත කාලයක් තුල මුලික අවශ්‍යතා සම්පාදනයට සහ ආයතන පද්ධති ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහයෝගය දක්වන ලද පළමු සංවර්ධන හවුල්කරුවා ලෙස ලෝක බැංකුවේ කඩිනම් ප‍්‍රතිචාරය සහ එහි දැක්ම අපි අගය කරන්නෙමු”, යනුවෙන් ශ්‍රී ලංකාවේ ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය: “ජාත්‍යන්තර සංවර්ධන සංගමය යටතේ මුල්‍ය පහසුකම් ලබන රටවල් අතරට නැවත පිවිසීමට සුදුසුකම් ලැබීම නිසා, ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට හා විවිධ අභියෝගවලට ඔරොත්තුදීමට හැකි ආයතන පද්ධතියක් තිරසරව පවත්වා ගැනීමට අවශ්‍ය සම්පත් වෙත ලගාවීමේ හැකියාව අපට ලැබෙනු ඇත.”

2017 වසරේදී ශ්‍රී ලංකාව පළමුවරට ජාත්‍යන්තර සංවර්ධන සංගමයට අයත්වන රටවල් කාණ්ඩයෙන් ලෝක බැංකුවේ ප‍්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD) යටතේ ණය පහසුකම් ලබන රටවල් අතරට පිවිසීය. එම වසරේ සිට, ප‍්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහාවන ජාත්‍යන්තර බැංකුවෙන් ණය ලබා ගැනීම සඳහා සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකිණි

අද දක්වා රටේ පවතින ආර්ථික අර්බුද තත්වයට ප‍්‍රතිචාර වශයෙන්, මූලික සේවා අවශ්‍යතා සඳහා ලෝක බැංකුවේ ප‍්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 325 ක් සහ වෙනත් සාමාන්‍ය බැංකු මෙහෙයුම් වලින් ඩොලර් මිලියන 71ක් දැනට ඇති අරමුදල් වලින් වෙන් කර දී ඇත. මෙම තත්වය අනෙකුත් බහු පාර්ශ්වික සංවර්ධන ආයතන, ද්වීපාර්ශ්වික පරිත්‍යාගශීලීන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන වලින්ද සහාය ලබාගැනීමට උපකාරී වී ඇත.

ජාත්‍යන්තර සංවර්ධන සංගමයට අයත් රටවල් අතරට නැවත පිවිසීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමත් සමග එම සංගමයට අයත් සමස්ත රටවල් සංඛ්‍යාව 75ක් වී ඇත.

ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) ගැන : ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) යනු ලෝකයේ වඩාත් දුගීබවට පත්වූ සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල දැඩි දිළිඳු බවට එරෙහිව සටන් කිරීම සඳහා අරමුදල් සපයන විශාලතම මූලාශ‍්‍රවලින් එකකි. ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් ආර්ථික වර්ධනය ඉහළ නංවන, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනංවන සහ ලොව පුරා සිටින දුගී ජනතාවගේ ජීවන තත්වයන් වැඩිදියුණු කරන ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා රටවලට ප‍්‍රදාන සහ ශුන්‍ය හෝ අඩු පොලී ණය ලබා දෙනු ලැබේ. 1960 සිට රටවල් 114ක ආයෝජන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 496ක් පමණ ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු ලබා ගැනීම සඳහා IDA.worldbank.org. වෙබ් අඩවියට පිවිසෙන්න. #IDAworks

Learn more online: IDA.worldbank.org. #IDAworks

අවසන් වරට යාවත්කාල කරන ලද්දේ: 2022, දෙ 5

Contacts

දිලිනිකා පීරිස්

dpeiris@worldbank.org
+94 112128249
කොළඹ දී

පැට්රීෂියා ඩි කමාරා

pdacamara@worldbankgroup.org
+1 202-473-4019
වොෂින්ටන් හිදී

About The World Bank

The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.

col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
  • add-style

ආශ්‍රිත

lp-heading-bottom-medium

OMBC

Online Media Briefing Center (OMBC) news for accredited journalists
Sign In
https://media.worldbank.org/
Register
https://media.worldbank.org/user/register
secondary
white-btn