- add-style
- font-medium
- lp-body-content
2021 සැප්තැම්බර් 10 දින කොළඹ දී - නල ජලය හා සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීමේ අරමුණෙන් දැනට ක‍්‍රියාත්මක වන ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (WaSSIP) සඳහා ඩොලර් මිලියන 40 ක අතිරේක මූල්‍ය සැපයුමක් සඳහා ශ‍්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව මෑතකදී ගිවිසුමකට අත්සන් තැබූහ. මෙම අතිරේක අරමුදල ද ඇතුලත් සමස්ත අරමුදල මගින් දිස්ත‍්‍රික්ක 7 ක මිලියනයකට වැඩි ජනතාවකට ජල සම්පාදන, සනීපාරක්ෂක හා ස්වස්ථතා සේවා පුළුල් කිරීමට හැකිවනු ඇත.
මෙම ගිවිසුමට රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගල මහතා මාර්ගගත ක‍්‍රමයට අත්සන් තැබූ අතර ලෝක බැංකුව වෙනුවෙන් ලෝක බැංකුවේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂක ෆාරිස් හදාද් සර්වෝස් මහතා මහතා විසින් අත්සන් තබන ලදී.
“සෑම නිවසකටම සුරක්ෂිත ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සඳහා ඇති හදිසි අවශ්‍යතාවය COVID-19 වසංගතය මගින් දැඩිව අවධාරණය කර තිබෙනවා යි මාලදිවයින, නේපාලය සහ ශ‍්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් හදාද් සර්වෝස් පැවසුවේය. “ප‍්‍රජාව විසින් ක‍්‍රියාත්මක කරන ජල සම්පාදන යෝජනා ක‍්‍රම මගින් ශක්තිමත් හා තිරසර ප‍්‍රතිඵල ලබා ගත හැකි බව ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය තුළින් මනාව පෙන්වාදී ඇති අතර, මෙම අතිරේක මූල්‍ය සැපයුම මගින් ජලය සහ සනීපාරක්ෂක යෝජනා ක‍්‍රමවල ආවරණය තවත් බොහෝ නිවාස වෙත ලබාදීමට හැකියාව ලැබේ”. යැයි ඔහු තව දුරටත් පැවසීය
මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ නාගරික, ග‍්‍රාමීය හා වතු ප‍්‍රජාව සඳහා නව ජල සම්පාදන යෝජනා ක‍්‍රම ඇතිකිරීම සහ දැනට ක‍්‍රියාත්මකවන ජලය සම්පාදන යෝජනා ක‍්‍රම ප‍්‍රතිසංස්කරණය කිරීම තුළින් නිවාස සඳහා අඛණ්ඩව සුරක්ෂිත නල ජලය ලබාගැනීමට සඳහාවු පහසුකම් ඉහළ නැංවීමයි. මෙම ව්‍යාපෘතිය කෑගල්ල, රත්නපුර, මොනරාගල, බදුල්ල, නුවරඑළිය, කිලිනොච්චිය සහ මඩකලපුව යන දිස්ත‍්‍රික්කවල ක‍්‍රියාත්මක වේ. මෙම අතිරේක මූල්‍ය සැපයුම යටතේ, ගාල්ල සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්ක දෙකෙහි අපජල පවිත‍්‍රාගාර ඇතිකිරීමට සැලසුම් කෙරේ.
“දැනට ක‍්‍රියාත්මක වන ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ එමගින් ප‍්‍රාදේශීය ප‍්‍රජාව කෙරෙහි සිදුකර තිබෙන ධනාත්මක බලපෑම පිළිබඳව අපි අතිශයින් සතුටට පත් වන්නෙමු,” යනුවෙන් ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය. “ඉදිරි වසර හතර තුළදී මිලියන 4.7 ක ජනතාවක් ආවරණය වන පරිදි “සැමට ජලය” යන රජයේ පොරොන්දුව ඉක්මනින් ඉටුකිරීම සඳහා මෙම අතිරේක අරමුදල් දායක වනු ඇත”, ඔහු තව දුරටත් පැවසීය.
මෙම ව්‍යාපෘතිය ග‍්‍රාමීය සහ වතු ක්ෂේත‍්‍රයේ ප‍්‍රජා මූල සංවිධාන ශක්තිමත් කිරිමට අඛණ්ඩව උපකාර වන අතර එමගින් මෙම ජල සම්පාදන සේවා ක‍්‍රියාත්මක කිරීමට සහ නඩත්තු කිරීම සඳහා ශක්තිමත් ප‍්‍රජාමූල සංවිධාන සම්මේලනයක් ස්ථාපිත කිරීමට ඉලක්ක කරනු ලබයි. කාන්තා නායකත්වයන් දිරිගැන්වීම සහ කාන්තා උපදේශිකාවන්ගේ මගපෙන්වීම තුළින් ඔවුන්ගේ අදහස්වලට ප‍්‍රමුඛත්වයත් ලබාදීම වැඩිදියුණු කිරීම සඳහා වූ ධාරිතාවයන් නංවාලීමට අවශ්‍ය කුසලතාවයන් ලබාදීම සඳහා ප‍්‍රජාමුල සංවිධානවල කාන්තා සහභාගිත්වය හා තීරණ ගැනීමේ හැකියාව ප‍්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් විශේෂ ක‍්‍රියාමාර්ග මෙම ව්‍යාපෘතියට ඇතුළත් වී තිබේ.
මෙම ව්‍යාපෘතිය ජල සම්පාදන අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක කරනු ඇත. දැනට ක‍්‍රියාත්මක වන ඩොලර් මිලියන 165 ක ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කිරිමට ඩොලර් මිලියන 40 ක් ලෝක බැංකුව මගින් ලබාදෙනු ඇත.
ප‍්‍රවාහන, නාගරික සංවර්ධන, ජලසම්පාදන, අධ්‍යාපන සහ සෞඛ්‍ය ඇතුළු විවිධ අංශයන්හි ඩොලර් බිලියන 2.3 ක ව්‍යාපෘති 18 ක් ලෝක බැංකුව මගින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කරනු ලබයි.
කොළඹ
වොෂින්ටන්
About The World Bank
The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.
- add-style