- add-style
- font-medium
- lp-body-content
2021 අප්‍රේල් 22, කොළඹදී — මහනුවර ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අද දින ඩොලර් මිලියන 69.33 ක ණය ගිවිසුමකට අත්සන් තැබූහ. නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම පර්යන්තය දුම්රිය ස්ථානයට සම්බන්ධ වන අතර, නවීකරණය කළ පසු දුම්රිය, බස්, ත්‍රිරෝද රථ, සහ පදික ගමනාගමනය ඒකාබද්ධ කරමින් ආරක්ෂිත හා කාර්යක්ෂම කේන්ද්‍රස්ථානයක් ගොඩනගනු ඇත.
රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගල, සහ ලෝක බැංකුව වෙනුවෙන් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් එච්. හදාද්-සර්වෝස් යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
මහනුවර මධ්‍යම පළාතේ ප්‍රධාන නගරය වන අතර, මධ්‍යම පළාත රටේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 11.5 කින් දායක වේ. එය දෙවැනි වන්නේ බස්නාහිර පළාතට පමණි. සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම නගරය 1988 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වශයෙන් ද ප්‍රකාශයට පත් කෙරිණි. දිවයිනේ සියලුම ප්‍රදේශ වෙත විහිදුණු මාර්ග සහිත මහනුවර නගරය නේවාසික හා වානිජ්‍ය කේන්ද්‍රස්ථානයක් සඳහා වඩාත් උචිත වන අතර, සතියේ දිනකදී 389,000 පමණ ජනතාවක් බසයෙන් හෝ රේල්ලුවෙන් අධ්‍යාපනික, රැකියාමය, හෝ සංචාරය පිණිස මෙහි පැමිණෙයි. රථවාහන තදබදය සහ මාර්ග ආරක්ෂාව නගරයේ සංවර්ධනය සඳහා බාධාවක්ව ඇති අතර මෙරට අධික මාර්ග අනතුරු සංඛ්‍යාවකට මහනුවර නගරය හිමිකම් කියයි.
වත්මන් පර්යන්තයෙන් ප්‍රමාණවත් ලෙස සැලසුම් කරන ලද බස් රථ නැවැත්වීමේ ස්ථාන, මගීන් සඳහා රැඳී සිටීම් හා පෝලිම් ස්ථාන, ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සහ ප්‍රවේශ පත්‍ර / තොරතුරු කවුන්ටර වැනි දෑ නොමැති බැවින් අධි සංඛ්‍යාත ජනතාවකට හා බස් රථවලට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සැපයීමට අපොහොසත් වී තිබේ. ආරක්ෂිත පදික වේදිකා, සහ හිතකර යටිතල පහසුකම් නොමැතිකම රථවාහන තදබදයට හේතු වී ඇති අතර, ප්‍රදේශය පුරා බස් හා පදික මංතීරු වෙන් කර නොතිබීම නිසා පදිකයින්ගේ ආරක්ෂාව සැලකිය යුතු ලෙස අවදානමට ලක්ව තිබේ.
“හොඳින් සැලසුම් කළ නාගරික ප්‍රවාහන පද්ධතිය නිසා මහනුවර නගරය වෙත සහ ඉන් පිටතට සිදුවන ගමනාගමන කටයුතු බොහොම කාර්යක්ෂමව සිදු කල හැක . එමඟින් නගර අලංකරණය වගේම සංචාරක ආකර්ෂණයත් හොඳින් ලැබේවි,” මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව ලෝක බැංකු සඳහා වූ අධ්‍යක්ෂක ෆාරිස් එච්. හදාද්-සර්වෝස් පැවසීය. “මෙම ව්‍යාපෘතිය නගරයේ පශ්චාත් COVID ආර්ථික පුනර්ජීවය සඳහා ද ඉතා වැදගත් වෙනවා. මොකද, එය කෙටි කාලීන රැකියා අවස්ථා රාශියක් නිර්මාණය කරමින් සැලසුම් සහ නවීකරණයට වසංගතයෙන් ඇතිවූ බාධාව අවම කරනවා.”
මහනුවර මගී පර්යන්තය වෙත පැමිණෙන අසීමිත ජනතාව නිසා ඉන් කොවිඩ් වසංගතය පැතිරිය හැකි මර්මස්ථානයක් බවට එය පත්වන බැවින් නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු වේ. වත්මන් පර්යන්තය වසංගත සමයකදී මගීන්ට ආරක්ෂාව සැපයීමට තරම් ප්‍රමාණවත් එකක් නොවේ. නිරන්තරයෙන් ජනාකීර්ණව පැවතීම සහ කාර්යාල වේලාවන්හි ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ප්‍රමාණවත් සමාජ දුරස්ථභාවයක් පවත්වා ගැනීමට, සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත්ව සැපයීමට, බසයට නැගීමට පෙර සහ පසු ඵලදායී සනීපාරක්ෂක ක්‍රියාකාරකම් සඳහා ඉඩ සැලසීමට එය අපොහොසත්ව තිබේ.
“මේ ව්‍යාපෘතිය මහනුවර නගර කලාපයේ දැනට ක්‍රියාත්මක වන පුළුල් ප්‍රවාහන සැලසුම්වල කොටසක්.,” ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ ප්‍රවාහන විශේෂඥයකු සහ කණ්ඩායම් නියමුවා වන විනී වැන්ග් මහතා පැවසීය. “එය නගරයේ අඩු තදබදයක්, ආරක්ෂිත හා වේගවත් ගමනාගමනයක්, පදිකයින් සඳහා ආරක්ෂිත මාර්ග සහ වෙළඳපොළක්, රැකියා, පාසල් සහ සෞඛ්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයකුත් ලබා දෙනවා.”
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇ.ඩො. මිලියන 69.33ක් වන අතර, ඉන් මිලියන 64.33ක් වසර 30 ක කල්පිරීමක් සහ අවුරුදු 5 ක සහන කාලයක් සහිත ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (IDA) සහන ණයක් වශයෙන් ලබාගෙන ඇත. ඉතිරි ඩොලර් මිලියන 5 ලබා දෙන්නේ අවුරුදු 10 ක කල්පිරීමක් සහ අවුරුදු 5 ක සහන කාලයක් සහිත සහනදායී නොවන IDA ණයක් මගිනි.
Dilinika Peiris
Diana Chung
About The World Bank
The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.
- add-style