col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-8
col-lg-8
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-7
col-lg-7
  • add-style
  • font-medium
  • lp-body-content

කොළඹදී, 2021 අප්‍රේල් 9 — ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ එහි ජනතාවගේ ජීවිත කෙරෙහි COVID-19 වසංගතයෙන් විශාල හානියක් සිදු වූවද 2021 දී මෙරට ආර්ථිකය යම්තරක් දුරට යථා තත්ත්වයට පත්වනු ඇති බව අද එළිදැක්වුණු ශ්‍රී ලංකා ලෝක බැංකු සංවර්ධන ඇගයුම : COVID-19 හි ආර්ථික හා දරිද්‍රතා බලපෑම නම් වාර්තාව පෙන්වා දෙයි.

වසංගතය හේතුවෙන් පෙර නොවූ විරූ ආර්ථික පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකාව දැන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බව ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (SLDU) සඳහන් කරයි. ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන මෙන්ම සංචාරක හා වෙනත් ආර්ථික කටයුතු යථා තත්වයට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2021 දී සියයට 3.4 දක්වා පුනර්ජීවය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මන්දගාමී ගෝලීය ආර්ථික වර්ධනය, විදේශ වෙළඳාම පිළිබඳ සීමා, COVID-19 නිසා ඇතිවන දිගුකාලීන ආර්ථික ගැටළු, සහ ඉහළ ණය බර මධ්‍යකාලන ආර්ථික වර්ධනයට බලපානු ඇත.

මෙම වාර්තාව වසංගතයේ විනාශකාරී බලපෑම සාකච්ඡා කරන අතර ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්වය හා අනාගත පුරෝකතන පිළිබඳව නව තොරතුරු ගෙන එයි. COVID -19 බලපෑම නිසා 2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.6 කින් හැකිලුන අතර, (එය වසංගතයෙන් පීඩාවට පත් බොහෝ රටවල් මෙන්ම) එය වාර්තාගත ආර්ථික සංකෝචනයක් ලෙස සැලකේ.

පවතින තත්ත්වයට මුහුණ දීමට රජය විසින් මුදල් හුවමාරු, සහ බදු ගෙවීම් කල් දැමීම වැනි පියවර ගනිමින් තීරණාත්මකව කටයුතු කරනු ලැබීය. මහ බැංකුව හඳුන්වා දුන් ණය අත්හිටුවීමේ පහසුකම, සහ ණය දීම දිරිගැන්වීම සඳහා වන වෙනත් ක්‍රියාමාර්ග, ව්‍යාපාර සහ ජීවනෝපායන් සඳහා එල්ලව තිබූ කොවිඩ්-19 හි අහිතකර බලපෑම අවම කිරීමට උපකාරී විය. නමුත්, වසංගතය හමුවේ වියදම් වැඩිවීම, සහ අඩු ආදායම රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිරිහීමට හේතු විය. රාජ්‍ය හා රජය සහතික කළ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 109.7 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඇස්තමේන්තු කර ඇත. 2021 පෙබරවාරි මාසයේදී දේශීය සංචිත වසර 11 කදී දුටු අවම මට්ටමකට පහත වැටුණු අතර විනිමය අනුපාතය 2021 ජනවාරි සිට මාර්තු 17 දක්වා සියයට 6.5 කින් පහත වැටුණි. ඒ අනුව, වසංගතය මධ්‍යයේ ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ප්‍රතිපත්තිමය සහය ලබා දීම, සහ රාජ්‍ය මූල්‍ය ස්ථායී බව සහතික කිරීම අතර සමබරතාවයක් ඇති කිරීම ප්‍රධාන අභියෝග ලෙස පවතී.

“ලොව පුරා රටවල් වල සේම, කොවිඩ්-19 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා ජනතාවගේ ජීවනෝපායට පෙර නොවූ විරූ බලපෑමක් ඇති කර තිබෙනවා. නමුත් රට නැවත යථා තත්ත්වයට එන බව අප විශ්වාස කරනවා,” මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් එච්. හදාද්-සර්වෝස් පැවසීය. “පුද්ගලික ආයෝජනවලට සහය දෙන, අපනයනය මුල් කරගත් ආර්ථික ආකෘතියකට යොමු වීමෙන් ශ්‍රී ලංකාවට තිරසර ආකාරයට තරගකාරීත්වය, සහ ආර්ථික වර්ධනය, වැඩි කර ගත හැක.”

කොවිඩ්-19 වලින් දරිද්‍රතාවයට ඇති බලපෑම පිළිබඳව සාකච්ඡාවක්ද වාර්තාවට ඇතුළත් ය. රැකියා අහිමිවීම සහ ඉපැයීම් අඩුවීමත් සමඟ, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල, සහ පෞද්ගලික අංශයේ සේවකයින් හා අනියම් අංශවල වැඩ කරන අය අතර, ඩොලර් 3.20ක්වූ දරිද්‍රතා සීමාව සලකා බැලීමේදී 2019 දී සියයට 9.2 ක් වූ දරිද්‍රතාව 2020 දී සියයට 11.7 දක්වා ඉහළ ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

වර්තමාන සමාජ ආරක්ෂණ ක්‍රම පද්ධතිය රැකියා අහිමිවූවන් නැවත රැකියාවේ යෙදවීම සඳහා සහාය විය හැකි බව වාර්තාව පෙන්වා දෙයි. එය යෝජනා කරන්නේ, අර්බුදකාරී අවස්ථාවලදී දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව හා ආර්ථික අවදානමට ලක්විය හැකි අයට ඉක්මනින් හා ඵලදායී ලෙස ආධාර ලබා දීම සඳහා බලධාරීන්ට ඉලක්කගත සමාජ ආරක්ෂණ ආවරණ යොදා ගත හැකි බව ය. එසේම, ඩිජිටල් තාක්‍ෂණය හා සාක්ෂරතාවය සඳහා ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකාවට නව ආර්ථික අවස්ථා සොයා ගැනීමට උපකාරී වනු ඇත.

ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම යනු මෙරට ආර්ථික පසුබිම, මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවනතා සහ සංවර්ධන අභියෝග පිළිබඳව සාකච්ඡා කරන ලෝක බැංකු ප්‍රකාශනයකි. සෑම වෙලුමක්ම තෝරාගත් ආර්ථික හා ප්‍රතිපත්තිමය මාතෘකාවක් පිළිබඳව ගැඹුරින් විමසා බලයි.

ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම වසරකට දෙවරක් පලවන ලෝක බැංකුවේ දකුණු ආසියානු ආර්ථිකය සම්බන්ධව වාර්ථාවට සමගාමී ප්‍රකාශනයකි. මෙවර දකුණු ආසියාවේ ආර්ථිකය සම්බන්ධ කලාපය “දකුණු ආසියාවේ එන්නත්කරණය” වශයෙන් නම්කර ඇත.

-අවසානය-

Contacts

Dilinika Peiris

dpeiris@worldbank.org
+94 (011) 5561347
Colombo

Diana Ya-Wai Chung

dchung1@worldbank.org
Washington DC

About The World Bank

The World Bank Group has a bold vision: to create a world free of poverty on a livable planet. In more than 100 countries, the World Bank Group provides financing, advice, and innovative solutions that improve lives by creating jobs, strengthening economic growth, and confronting the most urgent global challenges. For more information, please visit www.worldbank.org, www.miga.org, and www.ifc.org.

col-xs-12
col-sm-12
col-md-1
col-lg-1
col-xs-12
col-sm-12
col-md-3
col-lg-3
  • add-style

ආශ්‍රිත

lp-heading-bottom-medium

OMBC

Online Media Briefing Center (OMBC) news for accredited journalists
Sign In
https://media.worldbank.org/
Register
https://media.worldbank.org/user/register
secondary
white-btn