Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2017, නොවැම්බර් 15

ශ්‍රී ලංකාවේ ශ්‍ර‍ම බලකාය හමුවේ වන ස්ත්‍රී පුරුෂ සමාජ පරතරය පිටු දැකීම

Image

වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකික කාන්තාවන්‍ ශ්‍ර‍ම බලකායට එක් කර ගැනීම රටේ සංවර්ධනය සහ සාධාරණත්වයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තීරණාත්මක ය

කොළඹ, 2017 නොවැම්බර් 15 - ස්ථාවර ආර්ථික වර්ධනයට බාධා කරමින්, 2010දී සියයට 41 ක් වූ ශ්‍රී ලාංකික ශ්‍ර‍ම බලකායේ කාන්තා දායකත්වය 2016 වන විට සියයට 36 දක්වා පහත වැටී ඇත. නව ලෝක බැංකු වාර්තාවක් සඳහන් කරන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන්, විශේෂයෙන් ම තරුණ පිරිස්, වෙළඳපොළ නිපුණතා නිවැරදිව ග්‍ර‍හණය නොකර ගනිමින්, ඉහළ විරැකියා ප්‍රතිශතය‍ට මුහුණ දී අවසානයේ පුරුෂයින්ට වඩා අඩු වැටුප් ලැබීමට යටත් වන බවයි.

Getting to Work: Unlocking Women’s Potential in Sri Lanka’s Labor Force නමැති වාර්තාව කාන්තාවන්ගේ අධ්‍යාපනය ප්‍ර‍ගතිය හා යහපත් සෞඛ්‍ය ‍ප්‍ර‍තිලාභයන්ගේ ප්‍රගතිය ශ්‍රී ලාංකික කාන්තාවන්ට වඩා ඉහළ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා පරිවර්තනය වී නොමැති බව සඳහන් කරයි. වාර්තාවට අනුව, සිය කාන්තාවන්ගේ කුසලතාවන් ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිය පූර්ණ සාර්ථකත්වය කරා ළඟා වීමට නොහැකි වනු ඇති අතර ඒ හේතුවෙන් ඉහළ නගින වයෝවෘද්ධ ජනගහනයට සහාය වීමට ඇති ඉඩ අහිමි වී යනු ඇත.

"ශ්‍රී ලංකාව බොහෝ අංශවලින් විශාල ප්‍රගතියක් අත් කර ගෙන ඇති නමුත් බහුතර කාන්තාවන්ගේ අත්දැකීම් ලබා නොගැනීම හේතුවෙන් රටෙහි අභිවෘද්ධිය හමුවේ බරපතල ප්‍රතිවිපාක අත්විඳිනු ඇත" යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් පැවසුවා ය. "කාන්තාවන්ට රැකියා ලබා දීම යනු මානව අයිතීන්ට ගරු කිරීමක් පමණක් නොව බුද්ධිගෝචර ආර්ථික පෙරදැක්මකි. ශ්‍රම බලකාය තුළ කාන්තාවන්ගේ සහභාගිත්වය සඳහා ඇති බාධක ඉවත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික හැකියාවන් ඵලදායක කොට ගනිමින් ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමට ඉඩ සැලසෙනු ඇත. "

Getting to Work වාර්තාව වැටුප් හිමි ශ්‍ර‍ම බලකාය තුළ කාන්තා සහභාගිත්වය වළක්වන කරුණු තුනක් ගෙනහැර දක්වයි.

 

පළමුව, විවාහය, දරුවන් තැනීම හා අදාළ ගෘහ කුටුම්භයන් තුළ කටයුතු කාන්තාව වෙත අසමාන ලෙස බෙදී යාම ශ්‍රම වෙළඳපළ තුළ ඔවුන්ගේ සහභාගීත්වය අඩාල කරවයි. විවාහය, කාන්තාවන් වෙත වැටුප් හිමි රැකියා ලැබීමේ අවස්ථාව සියයට 26 කින් අඩු කර ඇති නමුත්, පිරිමින් හමුවේ, එය සියයට 2.5 කින් ඉහළ දමා ඇත. දෙවනුව, කාන්තාවන්, පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් අපේක්ෂා කරනු ලබන අධ්‍යාපනික ක්ෂේත්‍රයන්ට පිවිස නොමැති අතර, විශේෂයෙන්ම ඔවුන් බලාපොරොත්තු වන කුසලතා වර්ධනය කොටගෙන නොමැත. තෙවනුව, රැකියා සෙවීම, බඳවා ගැනීම හා උසස්වීම් ලබා ගැනීම විෂයයෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්ව කටයුතු කිරීම මත, කාන්තාවන්ට ඉහළ මට්ටමේ දක්ෂතා පදනම් වන සහ කළමනාකරණ රැකියාවන් ලබා ගැනීමෙන් වළක්වා ඇති අතර පුරුෂයින් එහි ආධිපත්‍යය දරයි.

ඉදිරි සාකච්ඡාව තුළදී වාර්තාව, කාන්තාවන්ට රැකියාවක් ලබා ගැනීමට සහ ඉන්පසුව වැඩ කරන ස්ථානයේ සාර්ථකත්වය කරා ළඟා වීමට උපකාරී වන බහු පාර්ශ්වීය ක්‍රමෝපායන් නිර්දේශ කරයි.

තරුණ වියෙහිදීම යොමු කෙරෙන වෘත්තීය සංවර්ධන ප්‍රවේශයන්, ගැහැණු ළමුන්ට පාඨමාලා හැදෑරීමට අවශ්‍ය අධ්‍යාපනය, කුසලතා හා විශ්වාසය දිනා ගැනීම සඳහා උපකාරී වනු ඇත. විශේෂයෙන්, අනාගත සේවාදායකයින්ගේ ඉල්ලුම හිමිවන, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත ක්ෂේත්‍ර‍වල  සාමාන්‍ය අධ්‍යාපනය හෝ සාම්ප්‍ර‍දායික-නොවන කුසලතා උගන්වන තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) ලැබීමට ඉඩ සලසනු ඇත.

 

කාන්තාවන් රැකියාවල නිරත වන විට, උසස් මට්ටමේ ළමා සුරැකුම් සේවාවන්, අර්ධකාලීන රැකියා අවස්ථා හා මාතෘ නිවාඩු සඳහා ප්‍රවේශයන් ඉහළ නගිනු ඇති අතර කාන්තාවන්ගේ ගමන්බිමන් සඳහා ආරක්ෂිත ප්‍රවාහන‍ සේවා හා දුරස්ථව සේවය කිරීම පිළිබඳ වන සමාජ-භෞතික බාධාවන්ට විසඳුම් ලබා දීම අත්‍යාවශ්‍ය වනු ඇත.සේවා ස්ථානවල, කම්කරු නීති හමුවේ සම සැලකීම්, වෙන් කොට නොසැලකීම පිළිබද ප්‍ර‍තිපත්ති සහ ලිංගික හිංසනය සඳහා ශුන්‍ය අවස්ථා ඇතුලු සම අයිතිවාසිකම් ආවරණය කළ යුතු වනු ඇත. සදාචාරාත්මක වෙළඳ සන්නාම වැඩසටහන් සහ කාන්තා කේන්ද්‍රීය පුහුණු වැඩසටහන් මගින් කාන්තාවන්ට පුද්ගලික අංශයේ රැකියා අවස්ථා සහ නැගී එන කර්මාන්තවල හිමිකම ඉහළ නැංවීමට උදව් විය හැකිය.

" කාන්තාවන්ට ශ්‍රී ලංකාවේ ශ්‍ර‍ම බලකායට එක්වීමට සහ එහි සාර්ථක වීමට ඇති නොයෙකුත් ගැටළුවලට විසඳුම් සෙවීමට ප්‍ර‍බල මැදිහත්වීමක් අවශ්‍ය වනු ඇතැයි" ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ සමාජ සංවර්ධන විශේෂඥවරියක සහ වාර්තාවේ කතුවරියක වන ජෙනිෆර් සොලතරොෆ් පැවසුවා ය. "අදාල රාජ්‍ය අමාත්‍යාංශ, අධ්‍යාපනය සඳහා වන සැපයුම්කරුවන්, රාජ්‍ය අංශයේ සහ විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් යන අයගෙන් සැදුම්ලත් නන්විධ පාර්ශ්වකරුවන් ඵලදායී, ආරක්ෂිත හා සාධාරණ වැටුපක් සහිතව සේවය කිරීම සඳහා කාන්තාවන් වෙත වන අවස්ථා පුළුල් කිරීම සඳහා ඔවුන්ගේ බහුවිධ ශක්තිය යෙදවිය යුතුය."


මාධ්‍ය නිරාවරණ අංකය: SAR/2018

සම්බන්ධ වන්න

Colombo
Dilinika Peiris-Holsinger
+94115561325
dpeiris@worldbank.org
Washington
Joe Qian
(202) 473-5633
jqian@worldbank.org
Api
Api