Skip to Main Navigation
අවස්ථා

කාන්තා ඡායාරූප ශිල්පිණියන්ට කරන ඇරයුමයි!

2018, සැ 8 - ඔක 7

Sri Lanka

Image

·         උපක්‍රමික හවුල්කරු - කොළඹ මහනගර සභාව
·         ව්‍යාප්ති, ප්‍රවර්ධන සහ උපදේශන - ශ්‍රී ලංකා ඡායාරූපකරුවන්ගේ ජාතික සංගමය (NAPSL), කැනඩාවේ ලෝක විශ්වවිද්‍යාල සේවය (WUSC) සහ ක්‍රිසාලිස් (Chrysalis )
·         නියෝජිත හවුල්කරු - SHIFT සොලියුෂන්ස් (SHIFT Solutions)
·         නිර්මාණ ගිවිසුම් හවුල්කරු - නිර්මාණ ඇකඩමිය (AOD)
·         ජංගම ප්‍රදර්ශන හවුල්කරු - පික්මී ශ්‍රී ලංකා (Pick Me)
·         අන්තර්ජාල මාධ්‍ය හවුල්කරු - රෝර් මීඩියා (Roar Media)
·         මාධ්‍ය හවුල්කරු - විජය සමූහය
·         ත්‍යාග සඳහා හවුල්කරු - අබාන්ස් සහ කොළඹ සිනමන් ග්රෑන්ඩ් (Abans & Cinnamon Grand)


ශ්‍රී ලංකාවේ ලෝක බැංකු කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව (CMC) එකමුතුව තවත් ලංකාවේ ප්‍රධාන ආයතන කිහිපයක හවුල්කාරිත්වයද සමඟ මෙම ඡායාරූප තරඟය දියත් කරන අතර ශ්‍රී ලංකාවේ වෙසෙන කාන්තාවන්ට හෝ ඉපදුණු කාන්තාවන්ට, රටේ සමාජයේ හා පරිසරයේ දසුන් ඔවුනගේ දෘෂ්ටිකෝණයෙන් හසු කොට ගෙන එම ඡායාරූප මෙම තරඟය සඳහා 2018,ඔක්තෝම්බර් 7 වන දිනට පෙර යොමු කරන කරන ලෙස මින් ඇරයුම් කරමු.

 

  • තරඟය පිලිබඳ විස්තර 

    මෙම තරඟය සඳහා ආධුනික ඡායාරූපකරණියන්,නැඟී එන කලාකාරිණියන් හා වෘත්තිය ඡායාරූප ශිල්පිණියන් හට  සහභාගි විය හැක

    තරඟය සඳහා පුළුල් තේමාව වනුයේ “ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වඩා හොඳ හා වඩා වැඩි රැකියා ඇති කිරීමට එක්වමු”  (#PressforProgress for More and Better jobs for Sri Lankan Women” යන්නයි. දෛනික ජීවිතයේ කාන්තාව, කාන්තා ව්‍යවසායකවරියන්, නිපුණතාවෙන් යුත් රැකියාවන්හි යෙදෙන කතුන් සහ කාන්තා නායකවරියන් ලෙස කාන්තාවන් සමාජයේ නියෝජනය වන විවිධ පැතිකඩයන් පිළිබිඹු කරන ඡායාරූපවල මුල් පිටපත් ලෝක බැංකු සමූහය මෙම තරඟය තුලින් භාර ගැනීමට බලාපොරොත්තු වේ.

    තේමාවට අදාළ බව, පණිවුඩයේ ප්‍රබලත්වය, තේමාවට ඇති අදාළත්වය, නිර්මාණශීලීත්වය, තාක්ෂණික තත්ත්වය සහ අන්තර්ජාතික ආයතනයක හා කොළඹ මහනගර සභාවේ රැකියා ස්ථානයක ඉදිරිපත් කිරීමට තිබෙන යෝග්‍යතාව යන කරුණු මත ඡායාරූප විනිශ්චය කරනු ලැබේ.

    සියලුම ඡායාරූප ලැබීමෙන් අනතුරුව, ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලක් මඟින් ඒවා ඔක්තෝම්බර් 22 සහ 27 යන කාලය අතරතුර නිරීක්ෂණය කොට ජයග්‍රාහී ඡායාරූප සහ ඡායාරූප ශිල්පිණියන් තෝරා ගනු ලබනු ඇත.

    ජයග්‍රාහී ඡායාරූප කොළඹ මහනගර සභා ප්‍රදේශයේ ප්‍රදර්ශනයක 2019 ජනවාරියේදී තාවකාලිකව ඉදිරිපත් කෙරේ.(දිනයක් තීරණය කොට ඉදිරියේදී  නිවේදනය කෙරෙනු ඇත.) ප්‍රදර්ශනය නාමාවලියක් මඟින් ඉදිරිපත් කෙරෙනු ඇත.

    අවසන් වරට යාවත්කාල කරන ලද්දේ: 2018, සැ 8

  • යොමු කිරීම් හා නීති රීති  

    සහභාගී වන කලාකරුවන් සඳහා උපදෙස්

    සෑම කලාකරුවෙකුම:

    ·         සම්පූර්ණ කරන ලද අයදුම්පත (ඇමිණුම බලන්න)

    ·         කළු සුදු,  හෝ වර්ණ ඡායාරූප 3කට නොඅඩු 10ට නොවැඩි ප්‍රමාණයක් , පහත සඳහන් ඩිජිටල් ආකෘතියට අනුව

                            යොමු කළ යුතුය.

    ඡායාරූප යොමු කිරීම සඳහා උපදෙස්

    ·         ඡායාරූප අඩු විසරණයකින්(Low-resolution) යුත් ඡායාරූප ගොනු(jpeg) ලෙස එවිය හැකිය.අවශ්‍ය වන වැඩිම තිරස් මිනුම් ප්‍රමාණය(Maximum Horizontal Dimention) පික්සෙල(Pixel) 1920 ක් වන අතර වැඩිම සිරස් මිනුම් ප්‍රමාණය (Maximum Vertical Dimention) පික්සෙල (Pixel) 1080ක් වේ.එම ඡායාරූපයකට මිනුම් ප්‍රමාණ 300(300 bpi) ක වර්ණ විසරණයක් හා ඡායාරූප ගොනුවේ වැඩිම ප්‍රමාණය මෙගා බයිට් 2ක් (2MB) විය යුතුය.කරුණාකර අයදුම්පත් විද්‍යුත් තැපෑල( e- mail ) ඔස්සේ infosrilanka@worldbank.org යන ලිපිනයට, මාතෘකාව ලෙස තරඟය වනුයේ ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වඩා හොඳ හා වඩා වැඩි රැකියා ඇති කිරීමට එක්වමු” හෝ   #PressforProgress for More and Better jobs for Sri Lankan Women”  ලෙස සඳහන් කොට එවන්න.

    ·         කරුණාකර අයදුම්පත එම විද්‍යුත් තැපැල් පණිවුඩයටම අමුණනන්න.

    ·         විද්‍යුත් තැපෑල ඔස්සේ ලැබෙන අයදුම්පත් පමණක් බාර ගනු ලැබේ.

    අවසන් දිනය

    සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2018, ඔක්තෝම්බර් 7 දින ඔබගේ දේශීය වේලාවෙන් 23:59 ට ප්‍රථම යොමු කළ යුතුය.

    සුදුසුකම

    මෙම තරඟය සඳහා ආධුනික ඡායාරූප ශිල්පිණියන්ට, නැඟී එන කලාකාරිණියන්ට හා වෘත්තිය ඡායාරූප ශිල්පිණියන්ට වයස් භේදයකින් තොරව සහභාගි විය හැක. මෙම තරඟයට ලෝක බැංකු සමූහයේ කාර්ය මණ්ඩලයට අයත්  විශේෂඥවරුන්ට, තාවකාලික පුහුණුවේ යෙදෙන සේවකයන්ට, කොන්ත්‍රාත්කරුවන්ට සහ කාර්ය මණ්ඩලයේ සමීපතම පවුලේ සාමාජිකයන්ට ඇතුළුව ලෝක බැංකු ව්‍යාපෘති සඳහා බඳවාගත්  ව්‍යාපෘති කාර්ය මණ්ඩලයට ද  සහභාගී වීමට අවසර නොමැත.

    ප්‍රකාශන හිමිකම  

    ඡායාරූප, ඡායාරූප ශිල්පිණිය සතු දේපළකි.ලෝක බැංකුව හෝ කිසියම් හවුල්කාර සංවිධානයක් මෙම ඡායාරූප, ප්‍රදර්ශනයෙන් පසුව භාවිත කිරීමට කැමැත්ත පල කරන්නේ නම්, එය ඡායාරූප ශිල්පිණියගේ පූර්ව කැමැත්ත මත හා ලැබිය යුතු කීර්තිය මත සිදුවිය යුතුය.මීට අමතරව ජයග්‍රාහිකාවන් තීරණය කළ විට ත්‍යාග සඳහා අනුග්‍රාහකත්වය හවුල්කාර සංවිධාන මඟින් දරණු ඇත.

    විනිශ්චය සහ ත්‍යාග Selection & Prizes

    තෝරා ගැනීමේ කමිටුව සහ ත්‍යාග

    ශ්‍රී ලංකා සහ මාලදිවයින් දේශකයන්ට ලෝක බැංකු අධ්‍යක්ෂක, ලෝක බැංකු අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග්ගේ මූලිකත්වයෙන් ඡායාරූප ශිල්පීන් වන මයිකල් ෆොලේ සහ ඇන්ඩ්‍රියා බෝල්ඩෙක් යන අයගෙන් සමන්විත අන්තර්ජාතික කමිටුවක් මඟින් අයදුම්පත් ඇඟයීම කරනු ලැබේ. ප්‍රථම ජයග්‍රාහිකාවන් තිදෙනාට මනා පිළිගැනීමක් හා හඳුනාගැනීමක් හිමිවෙනු ඇත.

    දැනුම්දීම

    2018,නොවැම්බර් 03 දින වන විට තෝරාගත් කලාකාරිණියන්ගේ නම් දැනුම් දෙනු ලැබේ.

    ප්‍රදර්ශන ව්‍යුහය

    තෝරා ගනු ලබන කලාකාරිණියන් ලෝක බැංකු කලා වැඩසටහන සහ කොළඹ නිර්මාණ ශිල්ප ඇකඩමිය(Academy od Design - AOD ) මඟින් පවත්වනු ලබන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරෙනු ඇත. පික්මී (Pick me ) ශ්‍රී ලංකා ආයතනය මඟින් ජංගම ප්‍රදර්ශනයක් පවත්වනු ඇත.කොළඹ පිහිටි ලෝක බැංකු කාර්යාලය සහ කොළඹ මහනගර සභාව අතර සමීප සම්බන්ධීකරණයෙන්, පහත සඳහන් අනෙකුත් හවුල්කරුවන් සමඟ ප්‍රදර්ශනයක් සහ තවත් වැඩසටහන් කිහිපයක් කොළඹදී පැවැත්වෙනු ඇත. ප්‍රකාශනයක් මඟින් ප්‍රදර්ශනය එළිදැක්වේ.

    අවසාන ප්‍රදර්ශනය සඳහා ස්ථීර කාර්යයන් ස්ථාපනය කොට නොමැත.තීරණය පදනම් වනුයේ එවන ලද ඡායාරූපවල ගුණාත්මකබව සහ විනිසුරු මඬුල්ලේ තේරීමට අනුවය.

    කලාකාරිණියගේ වගකීම

    තෝරා ගනු ලබන කලාකාරිණියන්ගේ ප්‍රධාන වගකීම වනුයේ ප්‍රදර්ශනයේ සංවිධානකරණය අතරතුර ලෝක බැංකු සමූහ කාර්යාලය සමඟ සහයෝගීව කටයුතු කිරීමයි.එමෙන්ම, කාර්යාලයේ ඉල්ලීම්වලට නියමිත කාලය ඇතුළත ප්‍රතිචාර දැක්වීමට ද කලාකාරිණියන් වගබලා ගත යුතුය.

  •  අනුග්‍රාහකත්වය 

    ලෝක බැංකු කාර්යාලයේ වගකීම

    ප්‍රදර්ශනය සඳහා ඡායාරූප මුද්‍රණය කිරීමට හා රාමු කිරීමට යෙදෙන වියදම් කාර්යාලය තම උපකරණ හා සම්පත් යොදමින් දරණු ඇත.

    ප්‍රදර්ශනය දියත් කිරීමට අදාළ සියලු වියදම් කාර්යාලය මඟින් දරණු ලැබේ.කලාකාරිණියන්ට කිසිදු ගාස්තුවක් කාර්යාලය මඟින් ගෙවනු නොලැබේ.

    ප්‍රදර්ශනයේ අත්පොතක් කාර්යාලය මඟින් නිර්මාණය කොට මුද්‍රණය කිරීමෙන් පසු බෙදාහරිනු ඇත.සෑම කලාකාරිණියකටම අත්පොතේ   සම්පූර්ණ පිටපත් 10ක් ලැබෙනු ඇත.

    ලෝක බැංකු සමූහයේ වැඩසටහන් සඳහා අනුමත ආකාරයන්ට අනුව හා හවුල්කාර සංවිධාන සමඟ සමිප සම්බන්ධීකරණයත් ඇතුළුව කාර්යාලය මඟින් ප්‍රදර්ශනය ප්‍රවර්ධනය කෙරෙනු ඇත.

    හවුල්කාර සංවිධානයන්හි වගකීම

    ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ප්‍රවර්ධනය උදෙසා වැඩ කිරීමට සහ ඊට දක්වන කැපවීම මත හවුල්කාර සංවිධාන තෝරා ගනු ලැබේ.මෙම හවුල්කරුවන් දැනටමත් මෙම කර්තව්‍යට කැප වී ඇති හවුල්කරුවන් වේ.

    ·         උපක්‍රමික හවුල්කරු - කොළඹ මහනගර සභාව

    ·         ව්‍යාප්ති, ප්‍රවර්ධන සහ උපදේශන - ශ්‍රී ලංකා ඡායාරූපකරුවන්ගේ ජාතික සංගමය (NAPSL), කැනඩාවේ ලෝක විශ්වවිද්‍යාල සේවය (WUSC) සහ ක්‍රිසාලිස් (Chrysalis )

    ·         නියෝජිත හවුල්කරු - SHIFT සොලියුෂන්ස් (SHIFT Solutions)

    ·         නිර්මාණ ගිවිසුම් හවුල්කරු - නිර්මාණ ඇකඩමිය (AOD)

    ·         ජංගම ප්‍රදර්ශන හවුල්කරු - පික්මී ශ්‍රී ලංකා (Pick Me)

    ·         අන්තර්ජාල මාධ්‍ය හවුල්කරු - රෝර් මීඩියා (Roar Media)

    ·         මාධ්‍ය හවුල්කරු - විජය සමූහය

    ·         ත්‍යාග සඳහා හවුල්කරු - අබාන්ස් සහ කොළඹ සිනමන් ග්රෑන්ඩ් (Abans & Cinnamon Grand)

    ශ්‍රම බලකායට කාන්තාවන්ට ඇතුළුවීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කිරීමෙහිලා වූ මෙම වැඩසටහනේ දෙවන අදියරේ කටයුතු සඳහා අනුග්‍රාහකත්වය දැරීමට කැමති පාර්ශවයන් වේ නම් ඔවුන්ව මේ සඳහා හවුල්කර ගැනීමට  ලෝක බැංකුව විසින් තවදුරටත් බලාපොරොත්තුවේ . මෙම කර්තව්‍යට කැපවෙන පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ සංවිධානයන් හට හවුල්කරුවෙකු ලෙස සහභාගී වීමට මෙමඟින් ආරාධනා කෙරේ. දායකත්වයන් තරඟය සඳහා ජයග්‍රාහිකාවන්ට ප්‍රදානය කරන ත්‍යාගයන්ට අනුග්‍රාහකත්වය දැක්වීමේ සිට ප්‍රදර්ශනය හා බැඳී අනෙකුත් අවස්ථා සඳහා  අනුග්‍රාහකත්වය දැක්වීම දක්වා විවිධ වේ.හවුල්කරුවන්ට ඔවුන් දරණ දායකත්වය වෙනුවෙන් කීර්තිය හා පිළිගැනීම හිමිවෙනු ඇත.

    හවුල්කරුවෙකු ලෙස ඔබට මෙම වරප්‍රසාද ලැබෙනු ඇත:

    ·         සමාජ මාධ්‍ය - ඔබගේ නම සහ ව්‍යාපාර ලාංඡනය බ්ලොග් අඩවියෙහි ඵල කිරීමත් සමඟම දකුණු ආසියා ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා ෆේස්බුක් සහ ට්ව්ටර් ගිණුම් ඔස්සේ මිලියන 1.5ට වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයකට එය ව්‍යාප්ත වන අතර මෙම ක්‍රියාවලියට කැපවූ හවුල්කරුවන් හරහා ද මෙය සිදුවෙනු ඇත.

    ·         වෙබ් අඩව්ය - පෙර තීරණය කරන ලද ඔබගේ වෙබ් පිටුව www.worldbank.com/srilanka යන වෙබ් අඩවියෙහි ඔබගේ නම සහ ව්‍යාපාර ලාංඡනය මෙන්ම එහි සබැඳිය  සමඟ පලවෙනු ඇත.  

    ·         ඔබගේ නම සහ ලාංඡනය සිදුවීම්, ප්‍රකාශන සහ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවන්හි (හැකි සෑම විටකම) ඇතුළත් කෙරෙනු ඇත.

    ·         ඔබට නිසි ලෙස ස්තූති පූර්වක වීම සෑම අවස්ථාවකදීම ඔබගේ කාර්යය ප්‍රධාන අනුග්‍රාහකභවතුන් විසින් සිදු කරන සෑම සිදුවිම්වලට සම්බන්ධ දේශනයන්හි ඉස්මතු කොට දක්වනු ඇත.

    හවුල්කරුවන්ගේ ගිවිසුම  

    ජයග්‍රාහිකාවන් තීරණය කිරීම සහ යෝජනා කැඳවීම සඳහා දරණු ලබන සියලු පිරිවැය, කලා නිර්මාණ ලබා ගැනීම මෙන්ම ප්‍රදර්ශන පිරිවැය සහ දියත් කිරීමේ වියදම් ඇතුළු තරඟයේ ප්‍රථම අදියරේ සියල්ල කළමනාකරණය කිරීමේ වගකීම ලෝක බැංකුව මඟින් දරණු ලැබේ.පුරහල සහ විහාරමහාදේවී උද්‍යානය අසල ස්ථානය සපයමින්, නගර වාහන තදබදය පාලනය කරමින්, ජංගම ප්‍රදර්ශනය පැවැත්වීමට අවශ්‍ය සහයෝගය කොළඹ මහනගර සභාව මඟින් ලබා දෙනු ඇත.මෙම කර්තව්‍යයේ දෙවන අදියරෙහි ප්‍රදර්ශනය සහ අනෙකුත් වැඩසටහන් සඳහා තම කාලය සහ සම්පත් කැප කිරීමට අනෙකුත් සියලු හවුල්කරුවන් එකඟ වනු ඇත.

    මෙම කර්තව්‍ය සඳහා හවුල්කාරීත්වය දරණ අනෙකුත් සංවිධානයන්ට ලෝක බැංකුව මූල්‍යනය කරනු නොලැබේ.හවුල්කරුවන් ස්වෙච්ඡාවෙන් ඔවුන්ගේ කාලය සහ සම අනුග්‍රහය මෙම වැඩසටහනට දරණු ඇතැයි අපේක්ෂා කෙරේ.ශ්‍රී ලංකා කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට ඡායාරූප ප්‍රදර්ශනයේ අරමුණුවලට අනුකූලවන සේ තම තමන්ගේ මූලිකත්වයෙන් අනෙකුත් වැඩසටහන් සංවිධානය කිරීමට සහ දායකවීමට ද හවුල්කරුවන්ට ආරාධනා කෙරේ.මෙම කර්තව්‍ය සමඟ අත්වැල් බැඳ ගැනීමට උනන්දුවක් දක්වන්නේ නම්, කරුණාකර infosrilanka@worldbank.org යන ලිපිනයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් යොමු කරන්න.      

for questions