විශේෂාංග කථාව 2017, නොවැම්බර් 15

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තා විභවයට දොරටු විවර කර දෙමු!

World Bank Group


කථා සාරය

  • ආර්ථිකය පුළුල් වෙමින් පැවතිය ද, 2010දී සියයට 41 ක් වූ ශ්‍රී ලාංකික ශ්‍ර‍ම බලකායේ කාන්තා දායකත්වය (FLFP) 2016 වන විට සියයට 36 දක්වා පහත වැටී ඇත.
  • මානව ප්‍රාග්ධනයේ නොගැලපීමක් පෙන්වමින් කාන්තාවන්ට ඉහල හැකියාවන් හා ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීම දිනෙන් දිනම අසීරු වෙමින් පවතී.
  • කාන්තාවන්ට රැකියා ලබා ගැනීම සඳහා, පෞද්ගලික අංශය ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමග පුළුල් සහයෝගීතාවයක් සහිත බහු පාර්ශවීය උපක්‍රම වැළඳ ගැනීම අවශ්‍යව පවතී.

පුෂ්පා ඇයගේ බාල පුතු සෑම දිනකම තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත භාර කරන්නී ය. 37 හැවිරිදි ඇය අනතුරුව ගෘහ සේවිකාවක ලෙස සිය කටයුතු අරඹයි. කෙසේ වුවත්, මෙම චර්යාව ක්‍රියාවට නැංවීම අපහසු වන දින ගණනක් ඇයට හමුවේ. නිදසුනක් වශයෙන්, කුඩා පුතු උණ රෝගයට ගොදුරු වූ විට, සෙසු දරුවන්ට ආසාදනය විය හැකි නිසා දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඔහු භාර නොගනියි.

කොළඹ ජීවත් වන ඇයගේ කුඩා න්‍යෂ්ටික පවුලට උපකාර කිරීම සඳහා මාපිය පාර්ශවයක කිසිවකු ළඟ ඇත්තේ නැත. ඒ හේතුව නිසාම, ඇයගේ දෙහැවිරිදි කුඩා පුතු හෝ පවුලේ වෙනත් කිසිවෙකු අසනීප වූ විට, පුෂ්පාට රැකියාවට යන්නට ඉඩ ලැබෙන්නේ නැත. එනම්, එදිනට කිසිදු ආදායමක් ද නැත. විවිධ පුද්ගලයින් හමුවේ අවිධිමත් ලෙස රැකියා කිරීම නිසා ඇයට පඩි සහිත නිවාඩු හෝ ප්‍රතිලාභ ඉල්ලා සිටින්නට ද නොහැකි ය. “මට ගැටගහගන්න පුළුවන්“ ඇය කියන්නී ය. "මම දන්නවා ගෙවල්වලත් උයල පිහිල අතු-පතු ගාන ගැහුණු උදවිය රස්සාවට ගිහින් කරන්නෙත් ඒ ටිකමයි. ඒක අමාරු වෙන්නෙ මගෙ මහත්තයයි, දරු පවුලයි බලාගන්න ඕනෙත් මම ම නිසයි"

පුෂ්පාගේ ස්වාමිපුරුෂයාද රැකියාවක නිරත වන නමුත්, ඔහුගේ අදහස අනුව විවාහක පවුලක පැවැත්මට අදාල විධික්‍රමයක් ඇත. ඔවුන්ගේ නිවසේදී ඔහුගේ රැකියාව ප්‍රමුඛ ලෙස සලකන අතර ගෙදර දොර කටයුතුවලට ඔහු දායක වන්නේ කලාතුරකිනි.


Image

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ කාන්තාවන් සහභාගීත්වය අඩු වීම, මැදි-ආදායම් ලබන රටවල් සමග විශේෂයෙන් සැසඳිය යුතුය

Getting to Work: Unlocking Women’s Potential in Sri Lanka’s Labor Force  නමැති ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාව, විවාහය යන්න කාන්තාවන් ශ්‍රම වෙළඳපොල වෙත සහභාගීත්වය අවම කර ගැනීම සඳහා ක්‍රියා කරන්නක් වන බව තහවුරු කරයි. විවාහය, කාන්තාවන් වෙත වැටුප් හිමි රැකියා ලැබීමේ අවස්ථාව සියයට 26 ක විශාල අගයකින් අඩු කර ඇති නමුත්, පිරිමින් හමුවේ, එය සියයට 2.5 කින් ඉහළ දමා ඇත.

කුඩා දරුවන් හිඳීම පුෂ්පා වැනි කාන්තාවන් හමුවේ වන පීඩනය ඉහළ නැංවීම පමණක් සිදු කරන අතර, වැටුප් සහිත සේවිකාවක බවට පත්වීමේ ඔවුන්ගේ හැකියාව තව දුරටත් පහත දමයි. දරුවන් රැකබලා ගැනීමට අමතරව, ගෘහ කුටුම්භයන්ගේ අනෙකුත් කාර්යභාරයන් හා වගකීම් අසමාන ලෙස පැටවෙන්නේ කාන්තාවන් මත ය. මේ අතරතුර, ගෘහයෙන් පිටතට යාම පිළිබඳ කාන්තාවන්ට ඇති හැකියාව පිළිබඳ සමාජීය සම්මතයන් ද ඇයට එරෙහි වන අතර, ශ්‍රම වෙළඳපොළේ ස්ත්‍රී පුරුෂ සමාජ පරතරය තව දුරටත් පුළුල් කරයි.

ආර්ථිකය පුළුල් වෙමින් පැවතිය ද, 2010දී සියයට 41 ක් වූ ශ්‍රී ලාංකික ශ්‍ර‍ම බලකායේ කාන්තා දායකත්වය (FLFP) 2016 වන විට සියයට 36 දක්වා පහත වැටී ඇත්තේ, සැබවින්ම, ලෝකයේ විශාලතම ස්ත්‍රී පුරුෂ සමාජ පරතරය ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව 14 වැනි ස්ථානයේ තබමිනි. එම කාලසීමාව තුළදීම පුරුෂ සහභාගීත්වය සියයට 75 සීමාව ඉක්මවා පවතී.

පුළුල් කණ්ඩායමක් තුළ කුඩා ප්‍රජාවන් මෙහිදී විශේෂ ලෙස අවදානමට ලක් වේ. වාර්තාව සඳහන් කරන පරිදි, කණගාටුදායක ප්‍රවණතාවක් ලෙස හඳුනාගත හැක්කේ, වඩා උගත් හා ධනවත් සමාජවැසියන් හමුවේ දුර්වල හා අඩු අධ්‍යාපනයක් සහිත කාන්තාවන් තව දුරටත් කොන්ව යෑමයි. මීට අමතරව, සිවිල් යුද්ධයෙන් පසු එම ප්‍රදේශවල, යුධ වැන්දඹුවන් හා ගෘහ මූලික කාන්තාවන් වැඩිවැඩියෙන් අවදානමට ලක්ව ඇති බව පෙනෙන්නට ඇත්තේ යුද්ධයෙන් පසු ශ්‍රම වෙළඳපොළ අනෙක් සේවකයින්ට සාපේක්ෂව කාන්තාවන්ට සැලකිය යුතු තරම් අඩු ප්‍රතිශතයකින් වැටුප් ගෙවන හෙයිනි.

Image

අව-සහභාගිත්වය, දිගුකාලීන වැටුප් විෂමතා හා ඉහළ විරැකියාව

Getting to Work වාර්තාව පෙන්වන පරිදි, සමස්තයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ නොවෙනස්ව පවතින ලක්ෂණ සහිත වන්නේ, කාන්තාවන්ගේ අඩු සහභාගිත්වය, ඉහළ විරැකියාව හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වන වැටුප් විෂමතාවන් ආදිය හේතුවෙන් බවයි. කාන්තාවන් රැකියා වෙළෙඳපොළ විසින් ඉල්ලා සිටින නිසි කුසලතා අත්පත් කර නොගන්නා බව වාර්තාව පෙන්වා දෙයි.

 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්ව, ගැහැණු ළමයින්ගේ අවධානයට ලක්වන විෂයය ක්ෂේත්‍ර සැලකිල්ලට ගැනීමේ දී, ඔවුන් හැදෑරීමට යොමුවන්නේ මොනවාද යන්නත් (බොහෝ විට තාක්ෂණික කුසලතා අත්පත් කර ගැනීම වෙනුවට මානව ශාස්ත්‍ර හා කලා පාඨමාලාවලට ඇතුළත් වීම වැනි) සහ ඉල්ලුම් කරන රැකියා කවරාකාර ද යන්නත් විමසීම වැදගත් ය.

සියල්ලම පාහේ මානව ප්‍රාග්ධන නොගැලපීමක් පෙන්වන්නේ, සෑම වසරකදීම, කාන්තාවන්ට අධ්‍යාපනයේ සෑම මට්ටමකදීම උසස් කුසලතාවන් සහ ඉහළ වැටුප් සහිත රැකියාවන් ලබා ගැනීම වඩාත් දුෂ්කර වී ඇති බව පෙනේ. වාර්තාවේ දත්ත පිරික්සීම මගින් පැහැදිලි වන්නේ එම වැටුප් පරතරයන් කාලයත් සමග පහළ වැටෙන නමුත්, වයස 30ට අඩු, විශේෂයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන කාන්තාවන්ට, දැඩි ලෙස විරැකියාව සමඟ පොරබදන්නට සිදුව ඇති බවයි.

Getting to Work සඳහා සිදු කර ඇති ප්‍රාථමික ගවේෂණ මඟින් සේවකයින්ට සාපේක්ෂව සේව්‍යයින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව සැලකිය යුතු ප්‍රමාණයකට වෙනස් කොට සැලකීම්වලට භාජනය වන බව තහවුරු කරයි. එසේ නමුත්, උසස්වීම් හමුවේ මෙය වෙනස් වෙමින්, වෘත්තීය බෙදීම් පවතින අතර,  විශේෂයෙන්ම ඉහළ කුසලතා සහ කළමනාකරණ රැකියාවන්හි හමුවේ පුරුෂයින් තවදුරටත් අධිකාරය දරයි.

කාන්තා සහභාගීත්වය සඳහා ඇති බාධක අඩු කිරීම

පෙරමුණට යාම සඳහා, වාර්තාව ප්‍රමුඛතා කලාප හතරක් නිර්දේශ කර දක්වන අතර, කාන්තාවන්ට වැටුප් ගෙවීම සඳහා වන විවිධ බාධාවන්ට ආමන්ත්‍රණය කිරීම සඳහාත්, රැකියා ස්ථානයේදී ප්‍රගතියක් ලබා ගැනීම සඳහාත් එම කලාප සැලසුම් කර ඇත. එසේම වාර්තාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), තේ වතු ආශ්‍රිත වෘත්තීන්, සංචාරක ව්‍යාපාරය, ඇඟලුම් සහ වාණිජ කෘෂිකර්මාන්තය යන පෞද්ගලික අංශ පහ හමුවේ කාන්තාවන්ගේ සහභාගිත්වය වැඩි දියුණු කිරීම සඳහා සුවිශේෂ නිර්දේශ ඉදිරිපත් කරයි.

තරුණ වියෙහිදීම යොමු කෙරෙන වෘත්තීය සංවර්ධන ප්‍රවේශයන්, ගැහැණු ළමුන්ට පාඨමාලා හැදෑරීමට අවශ්‍ය අධ්‍යාපනය, කුසලතා හා විශ්වාසය දිනා ගැනීම සඳහා උපකාරී වනු ඇත. විශේෂයෙන්, අනාගත සේවාදායකයින්ගේ ඉල්ලුම හිමිවන, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත ක්ෂේත්‍ර‍වල  සාමාන්‍ය අධ්‍යාපනය හෝ සාම්ප්‍ර‍දායික-නොවන කුසලතා උගන්වන තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) ලැබීමට ඉඩ සලසනු ඇත.

සාර්ථක ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩ සලසන ණය හා වෙළඳ ගණුදෙනුවලට අදාළ පුහුණුව සහ ප්‍රවේශය ලබා දීමෙන් තම නිවෙස්වලින් පිටතට පිවිස වැඩ කිරීමට කාන්තාවන් ව්‍යවසායකයන්ට ඉඩ සළසා දිය හැකි ය. වෘත්තීය කටයුතු සඳහා නිවසෙන් පිටත යාමට අපේක්ෂා කරන කාන්තාවන් සඳහා ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සඳහා වැඩි දියුණු කළ ප්‍රවේශයකින් එක් වී වඩාත් හොඳින් එයට සහාය විය හැකිය.

කාන්තාවන් රැකියාවල නිරත වන විට, උසස් මට්ටමේ ළමා සුරැකුම් සේවාවන්, අර්ධකාලීන රැකියා අවස්ථා හා මාතෘ නිවාඩු සඳහා ප්‍රවේශයන් ඉහළ නගිනු ඇති අතර කාන්තාවන්ගේ ගමන්බිමන් සඳහා ආරක්ෂිත ප්‍රවාහන‍ සේවා හා දුරස්ථව සේවය කිරීම පිළිබඳ වන සමාජ-භෞතික බාධාවන්ට විසඳුම් ලබා දීම අත්‍යාවශ්‍ය වනු ඇත.සේවා ස්ථානවල, කම්කරු නීති හමුවේ සම සැලකීම්, වෙන් කොට නොසැලකීම පිළිබද ප්‍ර‍තිපත්ති සහ ලිංගික හිංසනය සඳහා ශුන්‍ය අවස්ථා ඇතුලු සම අයිතිවාසිකම් ආවරණය කළ යුතු වනු ඇත. සදාචාරාත්මක වෙළඳ සන්නාම වැඩසටහන් සහ කාන්තා කේන්ද්‍රීය පුහුණු වැඩසටහන් මගින් කාන්තාවන්ට පුද්ගලික අංශයේ රැකියා අවස්ථා සහ නැගී එන කර්මාන්තවල හිමිකම ඉහළ නැංවීමට උදව් විය හැකිය.

අවසාන වශයෙන්, කාන්තාවන්ට රැකියා ලබා ගැනීම සඳහා ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම කෙරෙහි බලපාන ගැටළු ගණනාවකට විසඳුම් ලබා දෙමින් අධිෂ්ඨානශීලී, බහු පාර්ශ්වීය උපක්‍රම යෙදවීම අවශ්‍ය බව පැහැදිලි ය. අදාල රාජ්‍ය අමාත්‍යාංශ, අධ්‍යාපනය සඳහා වන සැපයුම්කරුවන්, රාජ්‍ය අංශයේ සහ විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් යන අයගෙන් සැදුම්ලත් නන්විධ පාර්ශ්වකරුවන් ඵලදායී, ආරක්ෂිත හා සාධාරණ වැටුපක් සහිතව සේවය කිරීම සඳහා කාන්තාවන් වෙත වන අවස්ථා පුළුල් කිරීම සඳහා ඔවුන්ගේ බහුවිධ ශක්තිය යෙදවීම මත සාර්ථකත්වය රැඳී පවතී. සියල්ලටම පසු, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ තමන් සඳහා ඉඩක් ඉල්ලමින් ප්‍රමුඛ භූමිකාවක් රඟ දැක්වීමේ වගකීම කාන්තාව විසින් ද ඉටු කළ යුතුව ඇත.

Image



Api
Api